IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එල්ලුම් ගසේ ගිය හැටි යළි ඉපදී හෙළි කරති

පෙර භවයේ ප්‍රබල සාක්කි

වැලිකඩ සිරගෙදර

 

පෙර භවය හෙළි කළ දරුවන් අතරින් මරණීය දණ්ඩනයට නියම වී මිය ගිය බැව් හෙළි කළ දරුවෝ දෙදෙනෙක් පුනර්භව පර් යේෂණ අතරට එක් වී සිටිති. ඉන් එක් දරුවෙක් බුරුමයේදී උපත ලැබූ අතර අනෙක් දරුවා උපත ලැබුවේ ශ්‍රී ලංකාවේදීය. මෙම දරුවන් දෙදෙනාම අනාවරණය කළේ මරණ දඬුවම හිමිවී පෝරකයේදී එල්ලා මැරූ බවය. මරණ දඬුවම පිළිබඳව හෙළි කළ ශ්‍රී ලංකාවේ පුනර්භව සාධකයට සම්බන්ධ මිනීමැරුම සිදුවූයේ මීට වසර ගණනකට උඩදී නාවනෙල්ලිය ප්‍රදේශයේදීය. 
 
එම මිනීමැරුම සිදුකරන ලද්දේ සොහොයුරන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාල සොහොයුරා විසිනි. තම මල්ලී තරුණියක හා සබඳතාවක් පවත්වාගෙන යන බැව් වැඩිමහල් සොහොයුරාට රහසක් නොවීය. තම මල්ලී දැන හැඳිනගෙන සිටි තරුණිය සමග විවාහ වනු ඇතැයි අයියා තුළ විශ්වාසයක් ද ඇති වී තිබිණි. බාල සොහොයුරාද එම තරුණිය විවාහ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් විවාහ ගිවිසගෙන සිටියේය. එහෙත් එම බලාපොරාත්තු සුනු විසුනු වී ගිය ඉරණමකට ඔහු පත්වූයේ ඒ අතරය. ඊට හේතු වූයේ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටි තරුණිය ඔහුට පිටුපෑමය.  


කලක් තිස්සේ තමා බලාපොරොත්තුව සිටි තරුණිය නොලැබෙන තත්ත්වයක් උදාවී තිබිණි. ඒ බැව් සිය සොහොයුරාටද හෙළි කළ තරුණයා ඇගේ වෙනස්වීම විසඳාගත යුතු යයි තීරණයකට පිවිසියේය. ඒ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවූ සොහොයුරා ඇමතු වැඩිමහල් සොහොයුරා  


‘‘එයා අකැමැති නම් ඒ ගැන නැවත සිතන්නට එපා” යයි මල්ලීට උපදෙස් දුන්නේය. එහෙත් ඇය අතහැරීමට ඔහු සූදානම් නොවීය. ඒ පිළිබඳව ඇගෙන් කෙළින්ම විමසිය යුතු යයි ඔහු තීරණය කළේය. ඒ අනුව දිනක් ඔහු ඇය හමුවීමට ඇගේ නිවසට ගියේය. එදින ඔහු සමග කතා බහ කිරීමට හෝ නොපැමිණි තරුණිය ඔහු මගහැර ගියාය. ඒ පිළිබඳව විමසීමට තරුණියගේ පියා හමුවීමටද උත්සාහ කළ තරුණයාට එයටද අවස්ථාවක් නොලැබිණි. නැවත ආපසු නිවසට පැමිණි තරුණයා යළිත් දිනක් ඇගේ නිවසට යෑමට අවශ්‍ය බැව් සොහොයුරා සමගද හෙළි කළේය.  


නිවසේ තිබූ පිහියක් කිසිවකුට නොපෙනෙන ලෙස සිරුරේ සඟවාගත් තරුණයා නැවතත් තරුණියගේ නිවසට ගියේය. ඔහු යන විට නිවසේ ආලින්දයේ සිටි තරුණිය කිසිදු කතාබහක් නොමැතිව නිවස තුළට ගියාය.‘‘මට දැන් අකැමැති ඇයි?” අසමින් තරුණයාද නිවස තුළට ගියේය. එහෙත් තරුණිය ඔහුට කිසිදු පිළිතුරක් නොදුන්නාය. දැඩි කෝපයට පත්වූ තරුණයා ඇගෙන් ඒ පිළිබඳව නැවත නැවත ප්‍රශ්න කරන්නට විය. පිළිතුරු නොදුන් තරුණිය මුළුතැන්ගේ වෙත ගමන් කළාය. සඟවාගෙන සිටි පිහිය අමෝරාගත් තරුණයා ඇයට පිහිපහර කීපයක් එල්ල කළේය. එක් පිහි පහරක් ඇගේ ළය පසාරු කරගෙන ගොස් තිබිණි. බිම ඇදවැටුණු තරුණිය ජීවිතයෙන් සමුගත්තාය.  

 

ආබාධිත අත 

 

නිවසේ සිටි අය ඔහු අල්ලා පහරදී නීතිය හමුවට ඉදිරිපත් කළෝය. විවාහ අපේක්ෂිතව සිටි තරුණිය මරා දැමීමේ චෝදනාවට වසරක් පමණ නඩු විභාගය පැවැතිනි. තම සොහොයුරා බේරා ගැනීමට අයියා දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් සිදුකර තිබූ මිනීමැරූමට වැරදිකරු බවට නඩු තීන්දුව ප්‍රකාශයට පත් කැරිණි. තරුණිය මරා දැමීමේ වරදට ඔහුට මරණ​ෙය් දණ්ඩනය හිමිවිය. 1927 ඔක්තෝබර් 14 වැනිදා සිදුකළ එම මිනීමැරුමට දඬුවම් ලෙස 1928 ජුලි 17 වැනිදා වැලිකඩ හිරගෙදරදී තරුණයා එල්ලා මැරීමට නියම විය.  


තම සොහොයුරා එල්ලා මැරීමට පෙර දින වැඩිමහල් සොහොයුරා සිරමැදිරියට ගියේය. ඔහු හමුවූ මල්ලී තම සොහොයුරා ඇමතීය. ‘‘අයියේ උඹ මාව බේරගන්න උත්සාහ කළා. ඒත් බැරිවුණා. මම උඹ ළඟට ආයෙත් එනවා”යි පැවැසීය. තම ආදරණීය සොහොයුරාගේ ඉරණමින් දැඩි ලෙස කම්පාවට පත්වූ සොහොයුරා නිවසේ තනිවිය. කාලය ගෙවී ගියේය. මල්ලීට අත්වූ ඉරණම පිළිබඳව අයියා නිතර දුක්වෙන්නට විය. තවත් වසර කීපයක් ගතවිය. අයියා විවාහ ජීවිතයට ඇතුළත් විය. ඒ වෙන විට මල්ලී පෝරකයට ගොස් වසර පහළොවක් පමණ ගතවී තිබිණි. තම සොහොයුරා මිනීමැරුමකට සම්බන්ධව එල්ලා මැරූ අයෙක් බැව් ඔහු සිය බිරියට හෝ අනාවරණය නොකළේය. එම සිදුවීම රහසක් ලෙස පැවැතිනි.  


විවාහයෙන් පසු දෙවසරක් ගතවීමත් සමග එනම් 1947 වසරේදී එම යුවළට පිරිමි දරුවකු ලැබිණි. එම දරුවාගේ උපතින්ම සිරුරේ වැරදි පිහිටීම් කීපයක් විය. ඔහුගේ දකුණු අතේ ඇඟිලි කීපයක් එකට බද්ධ වී තිබූ අතර පපුවේ වළ සහිත නෙරායාමක්ද පිහිටා තිබිණි. පුත්‍රයාගේ සිරුරේ එම පිහිටීම දෙමාපියන්ට ගැටලුවක් විය.  


වසරක් පමණ ගතවිය. දරුවා බහ තෝරණ වියට පත්විය. වරින් වර තම අත දෙස බලන දරුවා යමක් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා බවක්ද දෙමාපියන්ට දක්නට ලැබිණි. තවත් මාස කීපයක් ගතවිය. ඔහුට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබීමත් සමග ඔහු අත පිළිබඳව ප්‍රකාශයක් කළේය.  


දිනක් තම අත පෙන්වූ දරුවා “මේ අතින් තමයි පිහියෙන් ඇන්නේ” යයි කීවේය. ඒ සමගම පපුව ප්‍රදේශය පෙන්වූ ඔහු “මෙතනට තමයි ඇන්නේ” යයිද කීවේය. තම පුත්‍රයාගේ ප්‍රකාශය මවට ඇදහිය නොහැකි විය. එහෙත් පුත්‍රයාගේ ප්‍රකාශය ශ්‍රවණය වූ පියාට එක් වරම තම මල්ලී සිහිපත් විය. මල්ලී විසින් සිදුකරන ලද මිනීමැරුම හා පුත්‍රයාගේ ප්‍රකාශය සම්බන්ධ බැව් ඔහුට අවබෝධ විය. එහෙත් එය රහසක් ලෙස තබා ගැනීමට ඔහු උත්සාහ කළේය.  

 

විවාහයෙන් පසු දෙවසරක් ගතවීමත් සමග එනම් 1947 වසරේදී එම යුවළට පිරිමි දරුවකු ලැබිණි. එම දරුවාගේ උපතින්ම සිරුරේ වැරදි පිහිටීම් කීපයක් විය. ඔහුගේ දකුණු අතේ ඇඟිලි කීපයක් එකට බද්ධ වී තිබූ අතර පපුවේ වළ සහිත නෙරායාමක්ද පිහිටා තිබිණි. පුත්‍රයාගේ සිරුරේ එම පිහිටීම දෙමාපියන්ට ගැටලුවක් විය.  


වසරක් පමණ ගතවිය. දරුවා බහ තෝරණ වියට පත්විය. වරින් වර තම අත දෙස බලන දරුවා යමක් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා බවක්ද දෙමාපියන්ට දක්නට ලැබිණි. තවත් මාස කීපයක් ගතවිය. ඔහුට හොඳින් කතා කිරීමේ හැකියාව ලැබීමත් සමග ඔහු අත පිළිබඳව ප්‍රකාශයක් කළේය.  


දිනක් තම අත පෙන්වූ දරුවා “මේ අතින් තමයි පිහියෙන් ඇන්නේ” යයි කීවේය. ඒ සමගම පපුව ප්‍රදේශය පෙන්වූ ඔහු “මෙතනට තමයි ඇන්නේ” යයිද කීවේය. තම පුත්‍රයාගේ ප්‍රකාශය මවට ඇදහිය නොහැකි විය. එහෙත් පුත්‍රයාගේ ප්‍රකාශය ශ්‍රවණය වූ පියාට එක් වරම තම මල්ලී සිහිපත් විය. මල්ලී විසින් සිදුකරන ලද මිනීමැරුම හා පුත්‍රයාගේ ප්‍රකාශය සම්බන්ධ බැව් ඔහුට අවබෝධ විය. එහෙත් එය රහසක් ලෙස තබා ගැනීමට ඔහු උත්සාහ කළේය.  


තව සති කීපයක් යනවිට එම දරුවා පෙරභව මතක සටහන් හෙළිකරමින් ඔහු සිදුකළ මිනීමැරුමේ සුල මුල අනාවරණය කරන්නට වූයේ පුදුමාකාර ලෙසටය. පෙර භවයේ විවාහවීමට සිටි තරුණියගේ නමත් එය සිදුකිරීමට හේතුවක් ඔහු පැහැදිලිව අනාවරණය කළේය. ඇගේ පවුලේ අයෙකුගේ නමක්ද මෙම දරුවා මතකයෙන් හෙළි කළේය. එදා මිනීමරුම සිදු කිරීම සඳහා ගෙන ගිය පිහිය පිළිබඳවද ඔහු හෙළි කළේය. ගෙවත්තේ තිබූ ගසක මුලක එය අතුල්ලා මුවහත් කරගෙන ගිය බවක්ද එම දරුවා පැවැසීය.  


විවාහවීමට සිටි තරුණිය ඔහුට අකැමැති වීම නිසා ඇගෙන් ඒ පිළිබඳව විමසීමට දෙදිනක්ම නිවසට ගිය බවත් එහිදී ඇය ඔහුට පිටුපා යෑම නිසා කෝපයට පත්වූ බවක් එම දරුවා ප්‍රකාශ කළේය. සිද්ධිය වූ දිනයේ නිවසට ගිය අවස්ථාවේ ඇය නිවස තුළට යනවිටදී පසුපසින් ගොස් ඔහු සඟවාගෙන ගිය පිහිය රැගෙන ඇගේ පපුව ප්‍රදේශයට පිහිපහර එල්ල කළ බැව්ද එම දරුවා විසින් එදා ප්‍රකාශ කළේ දෙමාපියන් පුදුමයට පත්කරවමිනි. පිහි පහර එල්ල කිරීම සිදුවී ඇති අයුරු මරණ පරීක්ෂණ වාර්තා සහ උසාවි වාර්තා මගින්ද මෙම පර් යේෂණයේදී තහවුරු කිරීමට හැකිවිය. මහාචාර්ය ස්ටීවන්සන් විසින් ප්‍රකාශයට පත් කළ පර් යේෂණ වාර්තාවේ ඒ බැව් සඳහන් කර ඇත්තේ  


“He walked back to His Village sharpened a malay knife paid off some debts and returned to Nawanelliya when he stabbed Podimenike to death. This murder occurred on October 14,1927” යනුවෙනි.   


මෙම මිනීමැරුම සිදුකළ තරුණයා මරණ දණ්ඩනයට යටත්ව එල්ලා මැරීම සිදුකරනු ලැබුවේ 1928 ජුලි 17 වැනිදා බැව් වාර්තා වී තිබේ.  


පෙරභවය හෙළි කළ දරුවාගේ උපතින් දක්නට තිබූ ආබාධිත තත්ත්වය මහාචාර්ය ස්ටීවන්සන් විසින් දැඩි පරීක්ෂණයට ලක් කළේය. Physical Examination යටතේ ඔහුගේ අත පිළිබඳව (Three cases suggestive of reincarnation in Ceylon) යනුවෙන් 1966 වසරේදී ප්‍රකාශයට පත් කළ පර් යේෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මෙසේය.  


The entire rights arm was small in comparison with the rest of the body. It was several inches shorter than the left arm and only about half as thick. The fingers on the right hand were developed only in a rudimentary way. Each was no longer than one phalanx of the normal left hand and had only one joint. The first, second and third fingers were webbed together with skin. The thumb and the little finger being detached from this group. ඇඟිලිවල තිබූ ආබාධිත තත්ත්වයට හේතුව ලෙස එම දරුවා එදා ප්‍රකාශ කළේ එම අතින් පිහි පහර එල්ල කළ බවය. මෙම දරුවා විසින් හෙළිකළ තොරතුරු අතර අතිශය ප්‍රබල සාක්ෂි කීපයක් විය. මරණ දණ්ඩනයට නියමවීමෙන් පසු එල්ලා මරණ මොහොත දක්වා සිදුවූ ක්‍රියාවලිය ඉතා පැහැදිලිව අනාවරණය කිරීමය. ඔහු සිර ගෙදර සිටියදී අවසන් වරට සිය සොහොයුරා පැමිණි අයුරුත් ඔහු හමුවූ අවස්ථාවත් එම දරුවාට මතක තිබිණි.  


එල්ලා මැරීම සිදුකිරීමට පෙර ඔහුගේ බර කිරීමක් සිදු කළ බවත් අනතුරුව වැලි ගෝනියක බර කිරීමක් පිළිබඳවත් ඔහු හෙළි කළේය. පසුව කළු රෙද්දකින් මුහුණ වැසෙන සේ සූදානම් කිරීමෙන් පසු ගෙලට තොණ්ඩුව දැමූ බැව්ද පැවැසීය. ගෙලේ තොණ්ඩුව සිරවීමත් සමග ගිනි වළකට වැටෙන බවක් ඔහුට දැනුන බැව්ද ඔහු අනාවරණය කළේ පුදුමකාර ලෙසටය. අනතුරුව සොහොයුරාව දක්නට ලැබුණේ යළි ඉපදීම සිදුවීමෙන් පසුව බවද එම දරුවා පැවැසීය. මෙම පුනර්භව සාධකය පිළිබඳව මහාචාර්ය ස්ටීවන්සන් විසින් 1961 වසරේදී සිදුකළ පර් යේෂණය ඔහුගේ පර් යේෂණ ග්‍රන්ථ කීපයකටද ඇතුළත් කර තිබේ.   


මේ හා සමාන මරණ දණ්ඩනය හිමිවී එල්ලා මරණ ලද පුද්ගලයකුගේ ජීවිත තොරතුරු අනාවරණය කළ දරුවෙක් බුරුමයේදී උපත ලැබීය. 1930 වසරේදී උපත ලද එම දරුවා ප්‍රකාශ කළේ දාමරික අයකු ලෙස ජීවත්ව සිටි පුද්ගලයකුගේ ජීවිත තොරතුරුය. මිනීමැරුම් රැසකට වැරදිකරුවී සිටි එම පුද්ගලයා එල්ලා මැරීම සිදුවී ඇත්තේ 1929 වසරේදී බුරුමයේ මින්ග්සැන් බන්ධනාගාරයේදීය. තරුණවියේ පසුවූ ඔහු එල්ලා මරණ අවස්ථාවේ සිදුවූ ක්‍රියාවලිය එම දරුවාටද ඉතා හොඳින් මතක තිබිණි. එහිදී සිදුවූ විශේෂ කාර්යයක්ද එම පර් යේෂණයේදී තහවුරු විය. 


එම පුද්ගලයා එල්ලා මැරීම සඳහා ගෙලට දමන ලද තොණ්ඩුව දැමීමේදී එය දෙවරක් දැමීමට සිදුවූ බැව් අනාවරණය වී ඇත. පළමු වාරයේදී තොණ්ඩුව ගෙලෙන් ලිස්සා යෑමක් සිදුවී ඇති අතර දෙවැනි වර යෙදීමෙන් මරණය සිදුකර තිබේ. මෙම පුනර්භවය හෙළි කළ දරුවාගේ උපතින් පිහිටා තිබූ අස්වාභාවික ශාරීරික පිහිටීම අතිශය පුදුම උපදවන සුලු විය. එනම් එම දරුවාගේ උපතින් ගෙලත් නිකට ප්‍රදේශයත් අතරින් දක්නට ලැබුණු අස්වාභාවික පිහිටීමය. ඔහුගේ නිකට ප්‍රදේශය මුඛය දෙසට ඇදී ඇති ආකාරයක් දක්නට ලැබිණි. ඒ පිළිබඳව දෙමාපියෝ දැඩි අවධානයකින් සිටියහ. අවසානයේ එම දරුවා පෙර භවයේ ජීවිතය හෙළි කළේය. එල්ලා මැරීම සිදුකළ අවස්ථාවේ දෙවරක් එල්ලීම එයට හේතුව ලෙස පිළිගැනීමට සිදුවිය. 


මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදුකළ මෙම පර් යේෂණ Birth Marks and Birth Defects යටතේ පර් යේෂණ ග්‍රන්ථවලට ඇතුළත් කර තිබේ. මරණීය දණ්ඩනය ලැබී පෙර භවයේ මරණය සිදුවූ බැව් අනාවරණය වූ අතිශය ප්‍රබල සාක්ෂි ලෙස මෙම පුනර්භව සාධක පර් යේෂණ අතරට එක්වී ඇත. 

 

 

 

 


තිස්ස ජයවර්ධන 



අදහස් (0)

එල්ලුම් ගසේ ගිය හැටි යළි ඉපදී හෙළි කරති

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5220 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1411 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site