IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


උපන්ලප හෙළි කරන පුනර්භව අභිරහස

පුනර්භව පර්යේෂණවලදී දැඩි අවධානයක් යොමු කරනු ලබන්නේ සිරුරේ ඇතිවන විවිධ ලප කැළැල් පිළිබඳවය. පෙර භවයේ සිට ගෙන එන උපන් ලප සහ තුවාල ලප කැළැල් මේ අතර ප‍්‍රධාන තැනක් ගනී. පෙර භවය හෙළිකළ ඇතැම් දරුවෝ සිරුරේ දක්නට ලැබෙන ලප කැළැල් පෙර භවයේ සිදුවීම් නිසා ඇති වූ ඒවා යයි අනාවරණය කළ අවස්ථා රැසක් ඇත. 


මේ නිසා පෙර භවයට සම්බන්ධ ලප කැළැල් පිළිබඳව මනෝ විද්‍යාත්මකව පර්යේෂණ සිදු කෙරේ. එම පර්යේෂණ මගින් උපන් ලප සහ පෙරභවය අතර දැඩි සබඳතාවක් ඇති බැව් හෙළි වේ. පෙරභවය හෙළිකළ දරුවන්ගේ දක්නට ලැබෙන ඇතැම් උපන් ලප පුනර්භවයේ ප‍්‍රබල සාක්ෂි වී තිබේ. 

උපන් ලප පිළිබඳව සිදු කරනු ලබන පුනර්භව පර්යේෂණ (Birthmarks And Birth defect) යනුවෙන් වෙනමම අංශයකටද ඇතුළත් කර තිබේ. මේ යටතේ සිදු කරනු ලබන සුවිශේෂි පුනර්භව පර්යේෂණයක් මීට වසර ගණනකට උඩදී ඇමරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලය මගින් හඳන්වාදෙනු ලැබීය. එයට හේතුවූයේ රටවල් රැසක මියගිය පුද්ගලයන්ගේ සිරුරේ දක්නට ලැබෙන උපන් ලප පෙර භවයට සම්බන්ධ බවට පිළිගත හැකි සාධක ඉදිරිපත් වීමය. ඇතැම් රටවල උපන් ලප පුනර්භවය හා සම්බන්ධතා පෙන්වීමට මළ සිරුරු සලකුණු කිරීමක්ද සිදු කෙරේ. 


එවැනි උපන්ලප පර්යේෂණ Experimental Birthmarks As Identifiers of Deceased Persons Who Are Sad to Be Reborn යනුවෙන් හැඳින්ව විය. උපතින් ඇති වුණු උපන් ලප පෙර භවය හා සම්බන්ධ වූ බවට සාධක රැසක් රටවල් කීපයකින්ම ඉදිරිපත් වී තිබේ. 


මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරේ කිසියම් සලකුණක් තබා ඔහුට යළි ඉපදෙන ලෙස ආරාධනා කිරීමේ චාරිත‍්‍රයක්ද ඉන්දියාව, බුරුමය, තායිලන්තය, ලෙබනය සහ තුර්කියේද ඇතැම්විට සිදුකෙරේ. එසේ සිදු කළ සලකුණු උපන් ලප සහිතව උපත ලැබූ දරුවන් රැසක්ද පුනර්භව පර්යේෂණ අතර දක්නට ලැබේ. 


මෙම අංශය පිළිබඳව දැඩි අවධානය යොමු කළ පුනර්භව පර්යේෂකයෙකු වූයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ය. උපන් ලප කැළැල් පිළිබඳව සියුම් ලෙස පර්යේෂණ පැවැත්වීම සඳහා රටවල් කීපයක් මේ සඳහා උනන්දු කරවීමටද ඔහු විසින් පියවර ගනු ලැබ තිබිණි. සිරුරක් සලකුණු කිරීමෙන් පසු උපතින් සිරුරේ දක්නට ලැබෙන උපන් ලප මගින් පෙර භවයට ප‍්‍රබල සාක්කි ඉදිරිපත් වූ සාධක රැසක්ද පර්යේෂණ අතරට එක්වී ඇත. 


සිරුර සලකුණු කිරීමේ එම පර්යේෂණ ප‍්‍රථම වරට ශ්‍රී ලංකාවේදීද පවත්වනු ලැබුවේ 1983 වසරේදීය. මහාචාර්ය ස්ටීවන්සන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කීපයක පුනර්භව පර්යේෂකයෝ ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කළහ. විශේෂයෙන් ඇතැම් දෙමාපියෝ තම දූ දරුවන් මියගිය අවස්ථාවලදී ඔවුන්ට යළි ඉපදෙන ලෙස කරනු ලබන පැතුම් ඉටුවන්නේද යන්න විමර්ශනය කිරීම මෙම පර්යේෂණ මගින් සිදු කෙරේ. 


‘පර්යේෂණ උපන් ලප’ ලෙස හඳුන්වන මෙම ක‍්‍රියාවලිය මගින් ලද සාධක පුනර්භව පර්යේෂණ ග‍්‍රන්ථ කීපයකටද ඇතුළත් කර තිබේ. මහාචාර්ය ස්ටීවන්සන්ගේ පර්යේෂණ ග‍්‍රන්ථයක බුරුමය, ඉන්දියාව සහ තායිලන්තයෙන් ලද ප‍්‍රබල සාක්කි රැසක් ඇතුළත් කර ඇත. එවැනි එක් ප‍්‍රබල සාධකයක් අනාවරණය වූයේ බුරුමයෙනි. 


බුරුමයේ රැන්ගුන් ප‍්‍රදේශයේ ජීවත් වූ දරුවෙක් වයස අවුරුදු තුනේදී රෝගීව සිට මරණයට පත්විය. එම දරුවා සිටි නිවෙසේ රියදුරෙකු ඔහුට දැඩි ලෙස ආදරය කරනු ලැබීය. දරුවා මිය යෑමෙන් පසු ඔහු කාටත් හොරා දරුවාගේ සිරුරේ සලකුණක් තැබීය. අනතුරුව එම දරුවාට යළි උපදින ලෙස මළ සිරුර ඉදිරියේ ආරාධනා කළේය. වසර තුනක් ගතවිණි. එම දරුවාගේ මව තවත් දරුවෙකු බිහි කළාය. නිවෙසේ රියදුරු එම දරුවා පරීක්ෂා කළ විට දක්නට ලැබුණේ මියගිය දරුවාගේ සිරුරේ ඔහු විසින් සලකුණ තබන ලද ස්ථානයේ උපන් ලපයක් පිහිටා ඇති බවය. 


මියගිය දරුවා නැවත උපත ලබා ඇතැයි ඔහු එම දෙමාපියන්ට හෙළි කළේය. එහෙත් එය දෙමාපියන් විසින් පිළිගැනීමට සූදානම් නොවීය. තමා මියගිය දරුවාගේ සිරුරේ සලකුණක් කළ බවත් එය උපන් ලපයක් ලෙස පිහිටා ඇති බවත් රියදුරු නැවත නැවත ප‍්‍රකාශ කළේය. කොතෙක් කීවත් මාපියෝ එය පිළිගැනීමට සූදානම් නොවූහ. දරුවා බහ තෝරන වියට පැමිණියේය. ඔහු පෙර ජීවිතයේ තොරතුරු හෙළි කිරීම ආරම්භ විය. ඒ අතරින් අසන්නට ලැබුණු එක් ප‍්‍රකාශයක් මාපියන් පුදුමයට පත් කළේය. 


නිවෙසේ රියදුරා විසින් තම සිරුරේ සලකුණක් තබන ලද බවත් එම ස්ථානය උපන් ලපය පිහිටි තැන ලෙසත් එම දරුවා විසින් පෙන්වා දෙනු ලැබීය. පසුව එම දරුවාගේ හැසිරීම් රටා සහ ඔහුගේ ප‍්‍රකාශ පිළිබඳ උනන්දු වූ මාපියන්ට මියගිය දරුවා යළි ඉපදී ඇතැයි පිළිගැනීමට හැකි සාක්කි රැසක් අනාවරණය විය. 


බුරුමයෙන් අනාවරණය වූ තවත් එවැනි සාධකයක් වූයේ මාවෝ නම් දරුවෙකුගේ සිරුරේ දක්නට ලැබුණු උපන් ලපයකි. 1976 සැප්තැම්බර් මාසයේදී උපත ලද එම දරුවාගේ ගෙල පිටුපස පැහැදිලි එක් ලපයක් පිහිටා තිබිණි. අනතුරුව ඇය සිය පෙර භවය හෙළි කළාය. දැරිය පරීක්ෂා කිරීමට පැමිණි ඇගේ මිතුරියන් තිදෙනෙක් කියා සිටියේ මියගිය මිතුරියගේ සිරුර භූමදානයට පෙර ඔවුන් විසින් මළ සිරුරේ ගෙල පිටුපස සලකුණක් තැබූ බවය. මිය ගිය මිතුරියගේ මළ සිරුරට සලකුණක් තබා ඇත්තේ තරුණියක් දෙතොල් රතු කිරීමට භාවිතා කරනු ලැබු ආලේප යොදා ගනිමිනි. මළ සිරුර සලකුණු කර මාස දහතුනකට පසු එම දැරිය උපත ලබා තිබිණි. 


මහාචාර්ය ස්ටීවන්සන් විසින් සිදු කළ තවත් එවැනි පර්යේෂණයක් බුරුමයේ ටැටිකොන්හි අයෙකුගෙන් අනාවරණය වී ඇත. ඩෝ තොන් නමැති කාන්තාවක් රෝගීව සිට මරණයට පත්වූවාය. ඇගේ ඥතිවරියක් විසින් මියගිය අයගේ කකුලක සලකුණක් සිදු කරනු ලැබීය. ඉන් වසර හයකට පසු උපත ලැබූ දැරියකගේ කකුලේ මියගිය අයගේ තැබූ සලකුණ ඒ ස්ථානයේම පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. එම දැරිය පෙරභවය පිළිබඳව අනාවරණය කරමින් මියගිය කාන්තාවගේ තොරතුරු හෙළි කළාය. 


මෙම පුනර්භව සාධක අනුව පෙරභවය පිළිබඳව අත්හදා බැලීමක් ලෙස පර්යේෂණ උපන් ලප ලෙස හැඳින් වූ EXPERIMENTAL BIRTHMARKS යනුවෙන් සියුම් පර්යේෂණයක් මහාචාර්ය ස්ටීවන්සන් විසින් හඳුන්වා දෙනු ලැබීය. ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ කුඩා දරුවන් මියගිය මව්වරුන්ය. මියගිය දරුවාගේ සිරුර කිසිදු මරණ පරීක්ෂණවලදී සිදු කරනු ලබන කැපීම් හෝ ශල්‍යකර්ම වැනි වෛද්‍ය අංශ මගින් හෝ සිදු කරනු ලබන තුවාලවලින් හෝ තොර වීම වැදගත් වේ. මිය ගිය දරුවාගේ මව තවත් දරුවන් බලාපොරොත්තුව සිටීමද වැදගත්ය. ඒ හැරුන විට මිය ගිය දරුවාට දැඩි ආදරයෙන් සිටි දරුවන් අපේක්ෂිත වෙනත් ඥාතිවරියන් කීප දෙනෙකුටද මෙම පර්යේෂණයට සහභාගි වීමටද හැකියාව තිබේ. 


මෙම උපන් ලප පර්යේෂණය සඳහා සහභාගි කරවන දරුවාගේ මරණය සිදු වී පැය විසි හතරක් හෝ පැය හතලිස් අටකට ප‍්‍රථම සිරුර සලකුණු කිරීමද සුදුසු බව නිර්දේශ කර ඇත. මියගිය දරුවාගේ සිරුර අසලට පැමිණෙන මව සහ පවුලේ එම දරුවාට දැඩි ආදරයෙන් සිටි හැකි මව්වරුන් අඩු තරමින් තිදෙනෙක් හෝ එම දරුවාට යළි ඉපදෙන ලෙස ආරාධනා කරති. ඒ අවස්ථාවේදී මිය ගිය දරුවාගේ සිරුරේ කිසියම් ස්ථානයක සලකුණක් තබනු ලැබේ. ඇතැම් රටවල එම සලකුණ තබා ඇත්තේ අඟුරුවලිනි. මිය ගිය දරුවාගේ සමේ වර්ණයට සරිලන පරිදි වෙනත් කිසියම් ආලේප වර්ගවලින් එය සිදු කරනු ලැබේ. එසේ සිදු කළ ලකුණු කිරීම කිසියම් සටහනක් මගින් දිනය සහ වේලාව සඳහන් කර තැබීමද මෙම පරේෂණයට ඉතා වැදගත් වේ. 


අනතුරුව එයට සහභාගි වූ මව්වරුන්ට ඉදිරියේදී බිහිවන දරුවන්ගේ සිරුරුවල ඇතිවන උපන් ලප පරීක්ෂාවට ලක්කෙරේ. ඇතැම් විට මිය ගිය දරුවාගේ තැබූ සලකුණ ඒ අයුරින්ම ඇතැම්විට ඔවුන්ට බිහිවූ දරුවකුගේ දක්නට ලැබේ. මිය ගිය දරුවා යළි ඉපදී ඇතැයි පිළිගැනීමට හැකිවන පරිදි එම දරුවා විසින් පෙර භවය හෙළිකළ අවස්ථා හමුවී ඇත. ඇතැම් දරුවෝ තම සිරුර සලකුණු කළ බැව්ද අනාවරණය කර ඇත්තේ මාපිය සහ ඥාති මිත‍්‍රයන් පුදුමයට පත් කරවමිනි. 


ඉතා රහසිගත ලෙස මෙම පර්යේෂණය සිදු කිරීමට වග බලා ගැනීමද අතිශය වැදගත්ය. මෙවැනි පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලැබුවේ මීට වසර ගණනකට උඩදීය. එහිදී මියගිය දරුවකුගේ එසේ සලකුණු කළ ස්ථානයක උපන් ලපයක් පිහිටීම සිදු වූ නමුත් එම දරුවාගෙන් පෙර භවය පිළිබඳව තොරතුරක් අනාවරණය නොවීය. එහෙත් ඉන්දියාව සහ බුරුමයේ සිදු කළ පර්යේෂණ රැසකදී එවැනි දරුවන් කීප දෙනෙක්ම ඔවුන්ගේ පෙරභවය පැහැදිලිව අනාවරණය කර තිබේ. 


මෙම පුනර්භව පර්යේෂණ ඇතැම් රටවල කුඩා දරුවන්ගේ පමණක් නොව වැඩිහිටි පුද්ගලයන්ගේ පවා සිදු කිරීම චාරිත‍්‍රයක් ලෙසද සිදු කරන අවස්ථා ඇත. එවැනි අවස්ථාවලදී මිය ගිය පුද්ගලයාගේ මිතුරන් සිය මිතුරාගේ දේහය සුසානභූමිය වෙත රැගෙන යන අතරදී කළ ආරාධනා අනුව තබන ලද ලප කැළල්ද උපන් ලප ලෙස පිහිටා උපත ලැබූ දරුවන් හමුවී තිබේ. 
ඇතැම් විට කිසියම් අනතුරකින් මරණයට තුඩුදුන් සිරුර කැඩී බිඳී ගිය ස්ථාන සහ සිරුරෙ විනාශ වූ කොටස් අඩුවී ඉපදුණ දරුවෝද සිටිති. එවැනි කොටස් අඩුවුණේ පෙරභවයේදී සිදු වූ අනතුර නිසා බැව්ද ඇතැම් දරුවෝ හෙළි කළහ. ගෙලෙහි උපන් ලපයක් සහිතව උපන් ඉන්දියාවේ දරුවෙක් පෙර භවය හෙළි කළේය. ඒ පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ඔහු පෙර භවයේදී මරණයට පත් වී ඇත්තේ මිනී මරුවන් විසින් ගෙල කපනු ලැබීමෙන් බැව් අනාවරණය විය. 


ශ්‍රී ලංකාවෙන්ද හමුවූ පුනර්භව සාධක කීපයකින්ම වෙඩි පහර, රිය අනතුරු සහ කඩු පහර වැනි අනතුරුවලින් මරණයට පත් වූ බැව් හෙළිවිය. එම දරුවන්ගේ සිරුරුවල පෙර භවයේ සිදු වූ අනතුරට සමාන සිරුරේ කොටස් අඩුවීම් හෝ උපන් ලප පිහිටා තිබූ බැව් සනාථ විය. වෙඩි පහරවලින් මරණයට පත් වූ බැව් හෙළි කළ දරුවන් සිව් දෙනෙකුගේ පමණ වෙඩි පහරින් සිදු වූ තුවාලය උපන් ලපයක් ලෙස යළි උපන් දරුවාගේ දක්නට ලැබිණි. තම සිරුරට වෙඩි පහර එල්ල වූයේ උපන් ලපය පිහිටි ස්ථානයට බැව් එම දරුවෝ නිවැරදිව හෙළි කළහ. 


පසුගිය ත‍්‍රස්තවාදී කැරලි සමයේ මරණයට පත් වූ බැව් හෙළි කළ දරුවන් කීප දෙනෙක්ම ඔවුන්ගේ සිරුරුවල දක්නට ලැබුණු උපන් ලප පිළිබඳව තොරතුරු හෙළි කළහ. 


පෙරභවයේ ප‍්‍රබල සාක්කි ලෙස උපන් ලප පිහිටි ශ්‍රී ලංකාවේ දරුවන් අතරින් මීට වසර ගණනකට උඩදී රඹුක්කන ප‍්‍රදේශයේදී උපත ලද දරුවෙකුගේ උපන් ලපවල සුවිශේෂි බවක් දක්නට ලැබිණි. එම දරුවා එදා ප‍්‍රකාශ කළේ පෙර භවයේදී ඔහුගේ පපුවට වෙඩි වැදුණු බවය. එම දරුවා හෙළි කළ පරිදි පෙර භවයේදී ඔහුට එල්ල වූ වෙඩි පහර පපුවට වැදී පිට පැත්තෙන් පසා වී තිබිණි. ඒ හා සමානවම එම දරුවාගේ පිට පැත්තේද පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. 


වෙඩි උණ්ඩය සිරුරට ඇතුළුවීමත් පිටවීමත් දෙකම උපන් ලප දෙකක් මගින් සනාථ වූයේ අතිශය පුදුම අයුරිනි. 


වෙඩි පහරක් එල්ල වී මරණය සිදු වූ බැව් හෙළි කළ ගාල්ල ප‍්‍රදේශයේ දැරියකගේ සිරුරේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. ඇය අනාවරණය කළේ පෙර භවයේදී වෙඩි පහරක් එල්ලවූයේ උපන් ලපය පිහිටි ස්ථානයට බවය. එම දැරිය පිළිබඳව සිදු කළ පර්යේෂණයේදී ඇය හෙළි කළ පෙර භවයේදී මරණය සිදු වී ඇත්තේ වෙඩි පහරක් එල්ලවීම නිසා බැව් සනාථ විය. 


මීට වසර කීපයකට උඩදී දෙහිවල ප‍්‍රදේශයේදී උපත ලද දරුවෙක් ඔහුගේ සිරුරේ පිහිටා ඇති උපන් ලපය ඇති ස්ථානයට උලක් ඇනුන බැව් හෙළි කළේය. ගසකින් වැටීම නිසා උල ඇනුන බැව් ඔහු පැහැදිලිව ප‍්‍රකාශ කළේය. මේ අයුරින් පෙර භවය හෙළි කළ දරුවන්ගේ සිරුරුවල පිහිටා තිබූ ඇතැම් උපන් ලප පෙර භවයේ ප‍්‍රබල සාක්කි ලෙස පුනර්භව පර්යේෂණවලට ඇතුළත් වී තිබේ. 

 

 

 

 

 

 

 

 

 

 


තිස්ස ජයවර්ධන



අදහස් (0)

උපන්ලප හෙළි කරන පුනර්භව අභිරහස

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site