IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉහළම දේශපාලකයකු ඝාතනයට කොටින්ගෙන් කොන්ත්‍රාත්තුවක් ?

රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-3

 

 

ඒයි මදුවෝ අන්න .......... ටීචර් එනවා ඉස්සරහට.   


අපොයි විනාසයි. දැන් ඉතිං අද ගෙදර වැඩ දීපුවා නොකළොත් දීපංකෝ හෙට උත්තර.   


මධූෂ් ටීචර්ට හසුනොවී බේරීමේ අදහසින් අහල පහළ ගේකට රිංගන්න හැදුවත් ටීචර්ගෙන් ගැලවිල්ලක් නැත.   


මධූෂ් පුතා කොහෙද මේ ගියේ? ටීචර් කතාකළත් මධූෂ් කතා නැත. ඇඟිල්ලෙන් පො​ෙළාව හාර හාර බිම බලා සිටියා පමණි.


   
මොකද බය වෙලා? බෝල ගහන්න ගියාද? හා හා ළමයි සෙල්ලම් කළාම මොකද? මම ඒවට බනිනවායෑ. අද දීපු ගෙදර වැඩ ටිකත් ඒ වගේම කරලා ඇති නේ නේද? හා හා දැන් ඉතිං ඉක්මනට ගෙදර යනවලා. ආච්චි බලාගෙන ඇති.   


එහෙම කියපු සැණින් දෙකට නැවිලා ටීචර්ට වැඳපු මධූෂ් සහ ඔහුගේ යාළුවෝ ටීචර්ගෙන් මිදී ඉගිල්ලුණේ මිටින් හළ කුරුල්ලන් මෙනි.   


ඒ මීට වසර විසිපහකට පමණ පෙර සිටි මධූෂ් ලක්ෂිතය. එදා තමන්ගේ ගුරුවරියට බය පක්ෂපාතකම ගරුසරුව දැක්වූ මධූෂ් අද ජීවිත සමග සෙල්ලම් කරන, අනුන්ගේ ජීවිත කාලය පිළිබඳව තීන්දු ලබාදෙන, අනුන්ගේ ජීවිතවල ඉරණම තීරණය කරන පුද්ගලයා බවට පත්ව ඇත. එදා ටීචර් දකින විට හැංගුණේ මධූෂ්ය. අද මධූෂ් දකින විට හැංගෙන්නේ පණට ආදරේ ඇති අය ය. ඔහුගේ ගිනි අවියට පුද්ගලයෙක් තරාතිරමක්, වයස් භේදයක් නැත. ඒ ගිනි අවිය දන්නේ කොන්ත‍්‍රාත්තුව දුන් අයගේ ගාස්තුවේ ප‍්‍රමාණය පමණි. නැතහොත් තමන්ට එම පුද්ගලයාගෙන් තිබෙන බාධාව පමණි. පළිගැනීමේ විශාලත්වය පමණි.   


එද‌ා අහිංසකයකු ලෙස තමන්ගේ ගුරුවරිය ඉදිරියේ හැසිරුණ මධූෂ් අද කතා කරන්නේ තුවක්කු බටයෙනි. තුවක්කුව පත්තු කිරීමට පෙර ඔහු අදාළ පුද්ගලයන්ට දුරකථනයෙන් කතා කරන්නේය. ඒ තර්ජනය කිරීමටය. තමන්ට අවශ්‍ය ලෙස අදාළ පුද්ගලයා හසුරුවා ගත හැකි දැයි විමසා බැලීමටය. තමන් පිළිබඳව හෝ තමන්ගේ ගෝල බාලයන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන්ටද ඔහු තර්ජනය කළ අවස්ථාව ඇත. ඒ පිළිබඳව කරන ලද පැමිණිලිද වේ.   


මධූෂ්ට එරෙහිව නැඟුණ පළමු ඝාතන නඩු දෙකෙන්ම ඔහු නිදහස් වූයේ ප‍්‍රමාණවත් සාක්ෂි නැතිකමිනි. ඒ අයගෙන් එක් අයකු වූයේ විජේතුංග ගමගේ දයානන්දය. ඔහු දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඥාතියෙකි. හිත්තැටිය මහතාද ඉන් වසර කීපයකට පසු එනම් 2006 ජුනි 11 වැනිදා ඝාතනයට ලක්විය. එහි චෝදනාවද මධූෂ්ටමය. එයට හේතු පාදක වූ කරුණු අප මීට පෙර කතාකර තිබේ. කෙසේ වෙතත් මෙම සිදුවීමට චෝදනා ලබන මධූෂ් ඒ වන විටත් සිටියේ වෙනත් නඩුකට අද‌ාළව රිමාන්ඩ් භාරයට පත්වය. ඒ මංකොල්ල නඩු දෙකකට අද‌ාළවය.   


මොනවද මේ මංකොල්ල නඩු? ඉතාමත් ලස්සනට එකම තිරපිටපත තැන් කීපයකින් සුළුවට වෙනස්කර ස්ථාන දෙකකදී රඟදක්වා ලක්ෂ විසිපහකට ආසන්න මුදලක් මංකොල්ල කෑ හැටි එකල මහත් ආන්දෝලනයකට ලක්විය. මෙය සිදුවූයේ මීට වසර දහ තුනකට පමණ පෙරය.   


එය වර්ෂ 2005ක්වූ මැයි මස 11 වැනිදාය. එදින දහවල් 1.25ට පමණ භික්ෂූන් වහන්සේ නමක් මීගමුව කොප්පරා හංදියේ පවත්වාගෙන යනු ලැබූ ලීසිං සමාගමක් වෙත පැමිණියහ. තමන්ට වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය බැවින් එය ලීසිං කර ලබාගන්නේ කෙසේදැයි ආයතනයේ නිලධාරිනියකගෙන් විමසා සිටියහ. ඇය එකින් එක විස්තර කළාය. සියල්ල අසා සිටි භික්ෂූන් වහන්සේ නැගිට යන්නට සූදානම් වූහ. ඒ අවස්ථාව මධ්‍යහ්න වෙලාව නිසා ඒ අවස්ථාවේ වැඩි පිරිසක් ලීසිං සමාගමේ සිටියේ නැත. හාත්පසට තියුණු බැල්මක් හෙළුෑ භික්ෂූන් වහන්සේ,   


 “හොඳමයි නෝනේ, එහෙම නම් මම ගිහින් එන්නම්” යැයි පවසා පිටව ගියහ. විනාඩි දෙක තුනක් ඇතුළත පස් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් ආයතනයට පිවිසියහ. ගනුදෙනුවකට පැමිණෙන අය නම් මෙතරම් කලබලයක් අවශ්‍ය නැත. ඒ නිසා ලීසිං සමාගමේ නිලධාරීන් මෙන්ම සේවකයින්ද සිදුවන්නේ කුමක්දැයි විමසිලිමත් වූහ. මැතිඇමැතිවරු ආයතනයට ලීසිං කිරීමට පැමිණෙන්නේ නම් හෝ ඔවුන් වාහන ගන්නට එන්නේ නම් හෝ එවැනි අවස්ථාවක ඇතිවූ යම් සිදුවීමක් නිසා තමන් කවුදැයි හඳුන්වා දෙන්නට එනවා යැයි සිතිය හැකිය. එහෙත් එවැනි අයෙකුද මතක ඇති කාලෙක මෙහි පැමිණ නැත. එසේ නම් මේ කවුද?   


හිටි ගමන්ම ඔවුන් තම ජැකට්ටු තුළින් එළියට ගත්තේ වාහනයක ලියකියවිලි නම් නොවේ. හැම කෙනෙක් අතටම ආවේ ගිනි අවියකි. කව්රුත් තූෂ්නිම්භූත වූහ. කරන්නේ කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකිය. ආරක්ෂක නිලධාරින්ද අසරණය. තමන් අතේ අවියක් නැතිව ඔවුන් සමග හැපෙන්නේ කෙසේද? ගිනි අවිය සේවකයින් හා ආරක්ෂක නිලධාරීන් වෙත එල්ල කළ මොවුුහු මෙසේ අණ දුන්හ.   


ආරක්ෂක නිලධාරියා ඒ වන විටත් දුරකථනයෙන් පොලිසියට දැනුම් දීමට උත්සාහ කරමින් සිටියේය.   


‘‘ඇති වෙන්න කෝල් ගනිල්ලා. ඕවා එකක් වත් වැඩ කරන්නේ නෑ යකෝ. දාපං ඕක බිම. හ්ම් දැන් එනවා මෙතනට. කෑ ගැහුවොත් මරනවා. එක්කෙනෙක්වත් අපි කියන දේට පිටින් වැඩ කරන්න එපා’’. කණ්ඩායමේ ප‍්‍රධානියා වැනි අයෙක් එක තැනක සිට එසේ කෑ ගැසුවේය.   


‘‘ආ හරි දැන් කට වහගෙන අතේ තියෙන හෑන්ඩ් ෆෝන් ඔක්කොම අපේ කොල්ලන් අතට දෙනවා’’. ඒ සමගම ක‍්‍රියාත්මක වූ එක පුද්ගලයෙක් ජංගම දුරකථන එකතු කරගත්තේය.   


‘‘දැන් සේරම පෙළ ගැහිලා අර කාමරයට යනවා. කොල්ලෝ මේ ඔක්කොම අර කාමරයට දාලා දොර වහපං. උන්ට එළියට එන්න දෙන්න එපා’’.   


ඔහු කී ලෙස සේවකයින් සියලු දෙනා ඔවුන්ගේ විවේකාගාරයට දමා දොර වසා දැමිණ. ඉන්පසු එළියෙන්ද දොර වසා හිතේ හැටියට කටයුතු කළ කණ්ඩායම කවුන්ටර්වල ඒ වන විට එකතුවී තිබුණ හා සේප්පුව කඩා එහි තිබූ මුදල්ද ලක්ෂ දහයක් එකතු කරගත්හ. එයින් සෑහීමකට පත් නොවූ ඔවුන් විසින්  වාහන පහක ලීසිං කළ ලියකියවිලිද එකතු කරගනු ලැබිණ. සියල්ල ඉතාමත් සුළු වේලාවකදී එකතු කරගත් කණ්ඩායම ආයතනය ඉදිරිපිටට ගෙන්වා ගත් වාහනයක නැගී පලාගියහ. පෙර පැමිණි භික්ෂුවකගේ වෙස්ගත් අයද ඒ වාහනයේ මුහුණ සඟවාගෙන නැමී සිටිනු දුටු බවද සාක්ෂිකරුවෙකු පොලිසියට පවසා තිබිණ.  


මේ සිදුවීම මීගමුව ප‍්‍රදේශයේ කටින් කට පැතිර ගිය අතර පොලිසිය කොල්ලකරුවන් සොයා මෙහෙයුම් ක‍්‍රියාත්මක කළහ. එහෙත් කිසිවෙක් සොයා ගත නොහැකි වූ අතර එවැනිම සිදුවීමක් පළමු සිදුවීමට සති දෙකකට පමණ පසු එනම් මැයි 30 වැනිදා නැවත සිදුවිය.   


එයද කල්බදු සමාගමකි. මීගමුව නගරාසන්නයේම පිහිටි මෙම ආයතනයටද පෙර ලෙසම සැරසුණ කොල්ලකරුවන් සිව්දෙනෙක් පැමිණියේ දහවල් 12.45ට පමණය. එදින ගනුදෙනුකරුවන් හා සේවකයන් සියලු දෙනා ගත්විට ආයතනයේ විසි දෙනෙක් පමණ සිටියහ. එහෙත් කොල්ලකරුවන් කලබල වූයේ නැත. ඒ සියලු දෙනා පෙර ලෙසටම කාමරයකට දමා වසා දමනු ලැබිණ.   


ඉන්පසු ආයතනයේ කවුන්ටර්වල හා සේප්පුවේ තිබූ ලක්ෂ දහයක පමණ මුදල්වලින් පමණක් සෑහීමකට පත් නොවූ කොල්ලකරුවෝ ලක්ෂ පහක පමණ වටිනාකමක් සහිත ගනුදෙනුකරුවන් හා සේවකයින් සතුව තිබූ මුදල් සියල්ල හා රන්භාණ්ඩද කොල්ලකනු ලැබිණ. මෙම සිදුවීමට අදාලව සැකපිට අත්අඩංගුවට ගත් අයෙකුගෙන් ලද ෙතාරතුරුවලට අනුව කොල්ලකෑමට මධූෂ් සම්බන්ධ යැයි සැකයක් මතු වූ අතර ඒ අනුව විමර්ශන සිදුකරනු ලැබිණ. මධූෂ් සමග සම්බන්ධතා පැවැත්වූ ගම්පහ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු සමග එක්ව මෙම කොල්ලය සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය වී තිබේ.   


ඒ අනුව මධූෂ් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබිණ. ඉන් ටික කලකට පසුව ඔහුට රිමාන්ඩ් භාරයේ සිටියදීම පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. එහෙත් සාධාරණ සැකයෙන් තොරව මධූෂ් මෙම සිදුවීමට සම්බන්ධ බවට ඔප්පු කරන තෙක් වසරකට පමණ පසුව ඔහුට ඇප ලැබිණ.   


එහෙත් මංකොල්ල නඩුවෙන් ඇප ලැබුවද යළි ඝාතන චෝදනාවක් යටතේ ඔහු රිමාන්ඩ් භාරයට පත් කෙරිණ. ඒ ඩැනී හිත්තැටිය ඝාතන චෝදනාවටය. වසර කීපයකට පසු එම නඩුවට අද‌ාළව ඇප ලැබූ ඔහු පසුව රිමාන්ඩ් භාරයට පත්වන්නේ දකුණෙන් වාහන සොරකම් කර එල්ටීටීඊයට අවශ්‍ය වාහන උතුරට සැපයූ බවට වූ චෝදනාවක් අනුවය. එලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ඔහුට මනුෂ්‍ය ඝාතනයට තැත් කළැයි තවත් චෝදනාවක් එල්ල විය. ඒ රටේ ප‍්‍රබල දේශපාලනඥයෙකු ඝාතනය කරන්නට සැලසුම් කළ බවටය.   


එම චෝදනාව එල්ල ​ෙවන්නේ 2009 වැල්ලවත්ත ප‍්‍රදේශයේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවය. එම සැකකරු එල්ටීටීඊ සබඳතා පවත්වන අයෙකු වූ අතර හමුදාවේ සේවය කරමින් සිටියදී අතුරුදන් වූ තම සහෝදරයා සොයාගැනීමට එල්ටීටීඊ සාමාජිකයෙකුගෙන් ඔහු උදව් ඉල්ලා ඇත. එම ඉල්ලීම සිදුකිරීමට නම් පෙර කී දේශපාලනඥයා ඝාතනය කරන ලෙස තමන්ගෙන් එම කොටි සාමාජිකයා ඉල්ලූ බවත් එම ඉල්ලීම පරිදි බන්ධනාගාරගතව සිටි තමන්ගේ හිතවතෙකු මගින් මධූෂ්ව හඳුනාගත් බවත් සැකකරු පවසා ඇත. ඒ අනුව මධූෂ් බන්ධනාගාරයේ සිටියදී මේ පිළිබඳව ඔහු සමග සාකච්ඡා කළ බවත් මධූෂ්ටද කොටි සාමාජිකයන් සමග තිබූ සබඳතා අනුව අවශ්‍ය අවි ආයුධ ද උතුරෙන් ගෙන්වා ගත් බවත් සැකකරු ත‍්‍රස්ත විමර්ශන නිලධාරින් හමුවේ පාපොච්චාරණය කර තිබිණ.


මේ වන විටත් බන්ධනාගාරගතව සිටි මධූෂ්ගෙන් ත‍්‍රස්ත විමර්ශන නිලධාරීහු අධිකරණයේ අවසර මත ප‍්‍රශ්න කළහ. පසුව ඒ සම්බන්ධයෙන්ද මධූෂ්ට එරෙහිව නඩුවක් විභාග විය. එහෙත් 2013 වසරේ නොවැම්බර් 21 වැනිදා නීතිපති උපදෙස් මත මධූෂ් එම චෝදනාවලින් නිදහස් කර තිබේ. ඉන්පසු ඔහු මෙරට අතහැර විදෙස් ගතව ඇත. අද ඔහු සිටින්නේ ඩුබායිවලය. එහෙත් මේ වන විට ඔහු ඉතාලියට පලාගොස් ඇති බවටද මතයක් තිබේ.   

 

 

 


සටහන මුදිතා දයානන්ද   

 



අදහස් (0)

ඉහළම දේශපාලකයකු ඝාතනයට කොටින්ගෙන් කොන්ත්‍රාත්තුවක් ?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10904 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5914 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5217 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site