IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉසිවර දුර්වාසට වැරදුණු ශාපය

භාරත දේව සභාව

 

තමන් කරන කාර්යයන් වෙනුවෙන් අවංකවම කැප වූ අම්බාරිෂ් රජු තම වැසියන්ගේ අප්‍රමාණ ආදරයට පාත්‍ර වූ නරපතියෙකි. විෂ්ණු දෙවියන් වෙනුවෙන් උදේ හවා දෙකම නොවරදවාම යාතිකා කළ ඔහුට විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය නොඅඩුවම ලැබිණි. ඔහුගේ බලගතු අවිය වූ සුදර්ශන චක්‍රයෙන් ආශිර්වාද කළ බැවින් අම්බාරිෂ් ඒ රජුගේ බලපරාක්‍රමය ද දවසින් දවස වර්ධනය විය.   
විෂ්ණු දෙවියන් වෙනුවෙන් යාතිකා කරන ඔහු උපවාසයේ යෙදීමද පුරුද්දක් කරගත්තේය. හැම මසකම එකොළොස් වැනිදා සිය උපවාස පිළිවෙත වෙනස් කිරීම ඔහුගේ පුරුද්ද විය. මේ පුරුද්ද ඔස්සේ විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබාගන්නා රජු දවසින් දවස වැඩි වැඩියෙන් බලවත් වීම ඉන්ද්‍රගේ කනස්සල්ලට හේතු විය.   
මමයි දෙවියන්ගේ රජු නමුත් අම්බාරිෂ් රජ්ජුරුවන්ගේ බලය මගේ බලය ඉක්මවා යන්නයි එන්නෙ. එහෙම වෙන්න දෙන්න බෑ.   
ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේය.   
අම්බාරිෂ් රජුගේ බල පරාක්‍රමය අඩු කරන ක්‍රමයක් ගැන ඉන්ද්‍ර දහ අතේ කල්පනා කළේය. අන්තිමේදී ඔහු සිතුවේ ඉසිවරයකුගේ ශාපයට අබ්බාරිෂ් රජු ලක්කළ යුතු බවය. ඒ සඳහා සුදුසු උපක්‍රමයක් ගැන කල්පනා කළ ඉන්ද්‍ර අවසානයේ ප්‍රීති සිනාවක් නැඟුවේය.   
ඔහු ඉසිවර දුර්වාස හමුවන්නට ගියේය. එහෙත් ඔහු සිතුවේ ඉසිවර දුර්වාස අහම්බෙන් මුණගැහුණාක් මෙන් හමුවී තම සැලැස්ම ක්‍රියාත්මක කිරීමටය.   
දුර්වාස ඉසිවරයා ඇවිද යන මඟ හදිසියේ පෙනීසිටි ඉන්ද්‍ර දෙවියා ඔහු​ගේ දෙපා මුල දණගැසුවේය.   
“උතුමාණනි, ඔබේ හමුවීම මට මහත් සතුටක්”   
එහෙත් ඉන්ද්‍රගේ මුණගැසීම දුර්වාසට විමතියට කරුණක් විය.   
ශිව දෙවියන්ගේ ප්‍රබල බැතිමතකු වූ ඉසිවර දුර්වාස ලොව වෙසෙන ප්‍රබලතම ඉසිවරුන් හත් දෙනාගෙන් කෙනෙකුද වූයේය. පුංචි දේටත් කෝප ගන්නා ඔහු දුටු විට මිනිස්සු පැන දුවන්නට පුරුදුව සිටියහ. බැරිවෙලාවත් ඉසිවර ශාපයට ලක් වුවහොත් මුළු අනාගතයම අඳුරට නතුවන නිසාය.   
“මාව දැකපුවාම හැමෝම පලායනවා. ඒත් ඉන්ද්‍ර මගේ ළඟටම ඇවිත්”   
ඉසිවරයා කල්පනාවට වැටුණේය.   
කෙසේ වෙතත් තම දෙපාමුල දණින් වැටුණු බැවින් ඉන්ද්‍රට ආශිර්වාද කරන්නට ඉසිවරයාට සිදුවිය. ඉන්ද්‍රගේ ගෞරව කිරීම ඉසිවරයාගේ සතුටට හේතුවී තිබිණි.   
“උතුමාණනි, ඔබ අහල නැද්ද අම්බාරිෂ් රජුගේ උපවාසය ගැන”   
ඉන්ද්‍ර ඇසුවේය.   
‘‘අම්බාරිෂ් රජු විෂ්ණු දෙවියන්ගේ භක්ති වන්තයෙක්. ඔහු ​උදේ හවා නොවරදවාම දෙවියන්ට යාතිකා කරනවා. ඒ විතරක් නෙවී විෂ්ණුට ගෞරව පිණිස උපවාසයේත් යෙදෙනවා.’’   
ඒ කතාව ඉසිවරයාට පුදුමය දැනෙව්වේය.   
“එසේද?”   
ඉසිවරයා ඇසුවේ ඒ ගැන වැඩිදුර තොරතුරු දැන ගැනීමේ අපේක්ෂාවෙනි.   
“මං හිතන්නෙ හෙට ඔහු තමන්ගේ උපවාස කාලයට විරාමයක් තියනවා. ඊට පස්සෙ ආයෙම උපවාසය ආරම්භ කරන්න කලින් චාරිත්‍ර වාරිත්‍ර රැසක්ම පවත්වන බවයි ආරංචිය”   
ඉසිවර දුර්වාස හිස සැලුවේය.   
‘‘ඒක බොහොම හොඳ අවස්ථාවක් වේවි. මට ආසයි ඒ අවස්ථාව දැක බලාගන්න”   
ඉන්ද්‍ර මඳ සිනාවකින් දෙතොල සරසාගත්තේය” ඒ අවස්ථාව නම් බලන්නම වටිනවා කියලා තමයි හැමෝම කියන්නෙ”   
ඉන්ද්‍ර කීවේ, ඉසිවර දුර්වාසගේ සිත අම්බැරිෂ් රජුගේ උපවාස අවසාන උළෙලට යොමුකරනු පිණිසමය.   
“ඉසිවර දුර්වාස එහි ගියොත් අම්බාරිෂ් රජ්ජුරුවන්ට එයාගේ උත්සවය නිසි විදියට තියාගන්න වෙන්නෙ නෑ. ඉසිවරයාට ගරු බුහුමන් කරන්න සලකන්න වෙනවා. පොඩි අඩුවක් හරි සිද්ධ වුණොත් ඉසිවර දුර්වාස, ශාප කරනවා සිකුරුයි.   
ඉන්ද්‍ර තමන්ටම කියාගත්තේ හිත යටින් බුර බුරා නැගෙන සතුටෙනි.   
පසුදා හිමිදිරියේම අවදි වූ ඉසිවරයා අම්බාරිෂ් රජු සොයා ගියේය.   
ඉසිවර දුර්වාසගේ පැමිණීම අම්බාරිෂ් පිළිගත්තේ අප්‍රමාණ සතුටිනි. ඔහුගේ දෝතින්ම අල්ලා සෙනෙහස පළකළ රජු, ඉසිවරයාගේ ඕනෑ එපාකම් සියල්ල විමසුවේය.   
“අම්බාරිෂ් මට මුලින්ම ඕනෑ හොඳට නා කියාගන්නයි. ඊට පස්සෙ අපි දෙන්නම බඩපුරා ආහාර ගම්මු. නාගත්තට පස්සෙ වෙහෙස පහවෙලා බඩගිනි වැඩිවෙනවා. මං හිතනවා ඔබේ උපවාස හෝරාව ඉක්මනින්ම අවසන් වෙයි කියලා”   
අම්බාරිෂ් රජු සිනා සුණේය.   
“ඔව්, උතුමාණනි, තව පැය දෙකකින් උද‌ාවන්නෙ උපවාසය අවසන් කරන මොහොතයි.   
“හොඳයි එහෙමනම් මම නාගෙන එන්නම්   
ඉසිවරයා පැවසුවේය.   
රජු හිස සලා ඔහුට අවසර දුන්නේය.   
ඉසිවර දුර්වාස ඇඳුම් කැඩුම් ගෙන ස්නානය පිණිස පිටත් විය. වන වදුලක සෙවණ යට පිහිටි සුන්දර නිල්වන් දිය දහරට දෙපා තැබූ විගසම ඉසිවර දෙපයට දැනුණේ සීතලකි. එහෙත් ටික වේලාවක් දිය මත සිටගෙන සිටින විට සීතල ගතට හුරුවිය. ඇඳ සිටි ඇඟලුම් ඉවත් කළ ඉසිවරයා දියේ ගිලී තනිවම සිනාසුණේය.   
ෂෝක් වතුර ටික හැමද‌ාම ඇවිත් මේ වතුරෙ බැහැල ඉන්න හිතෙනවා”   
ඉසිවරයා මේ සිසිල් දිය දහරේ එහා මෙහා පිහිනුවේය. දිය බුං ගැසුවේය. කිමිදී කිමිදී ස්නානය කළේය. කොටින්ම පැය දෙකකටත් වඩා දිය දහරේ සතුටු වූ ඔහු දියෙන් ගොඩට අාවේ කුසගින්න හොඳටෝම වැඩි වූ පසුවය.   
රජුගේ ඇමැතියෙක් රජ වෙත ගියේ ඒ වන විටත් උපවාසය අවසන් කරන වේලාව ඉක්ම යමින් තිබූ බැවිනි.   
“උතුමාණනි දිය බිඳක් තොල ගා උපවාසය අවසාන කිරීම මැනවි. ඉසිවර දුර්වාස පැමිණෙන තෙක් බලාසිටිය නොහැකියි”   
රජතුමා දෙපසට හිස සැලුවේය.   
ඉසිවර දුර්වාස කියන්නෙ මගෙ අමුත්තෙක්. ඔහු කිව්වා. ආහාර ගැනීමට පැමිණෙන බව. ඔහුට අවශ්‍ය අප දෙදෙනාම එකට ආහාර ගන්නටයි” ඒ නිසා ඔහු දිය නා එනතුරු මා බලාසිටිය යුතුයි.   
කෙසේ වෙතත් ඉසිවරයා තවමත් පැමිණියේ නැත. රජුගේ ඇමැතිවරු යළිත් ඇවිටිලි කළේ දිය බිඳක් බී උපවාසය අවසන් කරන ලෙසය.   
“ඔබතුමා මේ මොහොතේ උපවාසය අවසාන නොකළොත්, කාලය ඉක්මයාවි. එහෙම වුණොත් ඒක වරදක් රජතුමනි”   
රජතුමා සිටියේ පසුතැවිල්ලෙනි. ඉසිවරයා පැමිණෙනතුරු තවත් ටික වේලාවක් බලාසිටි ඇමැති රජුගෙන් විමසුවේ ආහාර ගන්නේ නැද්ද කියාය.   
එහෙත් රජු කිසිවක් නොකියාම තම රාජකීය සම්ප්‍රදාය රැකගත්තේය   
“මගේ අමුත්තා පැමිණෙන තෙක් ආහාර ගැනීමට පුළුවන් කමක් නෑ ඇමැති”   
රජු අවධාරණය ක​ළේය.   
එහෙත් තවත් බො​හෝ වේලාවක් ගතවන තෙක් ඉසිවරයා පැමිණියේ නැත. බැරිම තැන රජු වතුර උගුරක් බී උපවාසය අවසන් කළේය. ඉසිවර දුර්වාස දිය නා ආපසු රජ මාලියට ආවේ ඒ මොහොතේමය.   
“ඔබ එනතෙක් මෙතෙක් වේලා මා බලා සිටියා. ඔබේ ප්‍රමාදය ඉවසිය නොහැකි තැන මා දිය බිඳක් බී උපවාසය අවසන් කළා උතුමාණනි”   
රජු කීවේ පහත් හඬිනි එහෙත් ඒ වනවිටත් ඉසිවර දුර්වාස සිටියේ කෝපයෙන් වෙව්ලමිනි.  
“අම්බාරිෂ්”   
ඉසිවරයා කෝපයෙන් කීවේය. ඔබ ඔබේ අමුත්තන්ට ගෞරව කරන්නෙ ඔය ආකාරයටද මං එන්න කලින් ඔබ ඔබේ උපවාසය අවසන් කිරීම මා දකින්නේ මට කළ අගෞරවයක් විදිහට” 
රජු මොහොතකට සසල විය. 
“උතුමාණනි” 
රජු කතා කළේ ඉසිවරයා අසල දණින් වැටෙමිනි.
“උපවාසය අවසන් කරන කාලය එළැඹී බොහෝ වේලාවක් ගියා. ඒ නිසා මට උපවාසය අවසන් නොකර බැරිවුණා. ඒ නිසා මා වතුර උගුරක් පමණක් පානය කළා” 
“උපවාස අවසන් කරන කාලය?” ඉසිවරයා ගිගුරුවේය. ඔබ දන්නෙ නෑ අමුත්තන්ට සලකන ආකාරය තව උපවාස අවසන් කරන කාලය ගැනත් පණ්ඩිත කතා කියනවා. කට වහගත්තොත් හොඳයි අම්බාරිෂ්” 
“උතුමාණනි, මට සමාවෙන්න. සිදු වූ වරද ගැන මම කම්පා වෙනවා” 
ඉසිවර දුර්වාස රජු දෙස බැලුවේ රතුපාට වූ අැස් වලිනි. 
“මම උඹට කරන දේ බලපං” 
ඉසිවරයා කීවේ දත්මිටි කමිනි. 
තම කෙස් වැටියෙන් ඇදගත් ඉසිවර දුර්වාස යමක් මුමුනමින් හිස දෙපසට වැනුවේය. ඊළඟට බිම දිගා වූ ඔහු කිසියම් සත්‍ය ක්‍රියාවක් කළේය. 
මොහොතකින් එතැන පෙනී සිටියේ යක්ෂයෙකි. 
“දත් විලිස්සාගෙන රතු වූ දෑසින් බලාගෙන සිටි යක්ෂයා දුටුවිට ඇමැතිවරු පැමිණ අම්බාරිෂ් රජු පසෙකට ඇදගෙන ගියේය. 
යක්ෂයා ඉසිවරයාගේ දෙපාමුල වැඳ වැටුණේය. 
“ඉසිවරයාණනි, මට අණදෙන්න” 
යක්ෂයා කාරුණිකව ඉල්ලා සිටියේය. 
ඉසිවර දුර්වාස යක්ෂයා දෙසත් රජු දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය. 
“මේ නරපතියා මට අපහාස කළා. ඒ නිසා ඔහු මරා දාපන්” 
ඉසිවරයා යක්ෂයාට අණකළේය. 
යක්ෂයා සුරත වූ අසිපත කෙළින් කර ගත්තේය. ඒ සමඟම ඇමැතිවරු හිස් ලූ ලූ අත දුවන්නට පටන්ගත් අතර අම්බාරිෂ් රජු පමණක් දුවන්නටවත් දෙපා වසඟ නැතුව වෙව්ල වෙව්ලා බලා සිටියේය. 
එසේ වුවත් රජුගේ පෞද්ගලික ආරක්ෂකයෝ වහා පැමිණ රජු වටකරගත්හ. ඔවුන්ගෙන් අයෙක් යක්ෂයා වෙත ගියේ ඔහු​​ගේ අභිලාෂය යටපත් කරන්නට උත්සාහයක් ගන්නටය. 
“කරන්න කිසිම දෙයක් නෑ. මම ඉසිවර අණ ක්‍රියාත්මක කළ යුතුයි” 
යක්ෂයා කීවේය. 
එසේ වුවත් රජු​ගේ ආරක්ෂක බළකාය යක්ෂයා සමග එකඟතාවකට එළඹෙන්නට තැත්කළහ. 
ඉසිවර දුර්වාස මේ සියල්ල දෙස බලාසිටියේ දැවෙමිනි. 
වහා බිම දණ ඇනගත් අම්බාරිෂ් රජු විෂ්ණු දෙවියන්ට යාතිකා කරන්නට පටන් ගත්තේය. තමන්ගේ ජීවිතය ආරක්ෂා කර දෙන මෙන් බොහෝ භක්තිමත්ව ඉල්ලා සිටියේය. 
රජුගේ ආරක්ෂක බළකාය වෙත ආ යක්ෂයා ඔවුන් ඉවතට තල්ලු කර දැමුවේ අතේ එක් ඇඟිල්ලකිනි. එහෙත් ඔහුට රජු වෙත කිට්ටු වන්නට අවස්ථාවක් නොසැළසිණි සුදර්ශන චක්‍රය රජු ඉදිරියේ සිට යක්ෂයා සමඟ සටන පටන්ගත් නිසාය. 
සිදුවන්නේ කුමක්දැයි වටහාගන්නට යක්ෂයාට අපහසු නොවීය. ඔහු විමතියෙන් බලද්දී, සුදර්ශන චක්‍රය ඉදිරියට පැන යක්ෂයාට පහරදීම ආරම්භ කළේය. යක්ෂයාට පහර දී ඔහු අඩපණ කළ සුදර්ශන චක්‍රය ඊළඟට යොමු වූයේ ඉසිවරයා දෙසටය. 
ඉසිවර දුර්වාස විසල් කරගත් දැසින් එදෙස බලද්දීම, සුදර්ශන චක්‍රය ඉසිවරයා වෙත කඩා පැන්නේය. 
ඔහු දුවන්නට පටන් ගත්තේය. 
එහෙත් සුදර්ශන චක්‍රය ඉසිවරයා ලුහුබැඳීම නතර කළේ නැත. 
ඉසිවර දුර්වාසද මෙතෙක් කිසි දවසක නොදිව් ලෙසම දුවන්නට විය. කඳු උඩින්, ලඳු මැදින්, ගුහා තුළින් දිව්වේය. මහා වතුරට පැන වතුරයට කිමිදුණේය. පිහිනුවේය. 
එහෙත් ඒ කිසිවකින් සුදර්ශන චක්‍රයේ ගමන නතර කළ නොහැකි විය. එය කඳු උඩින්ද, ලඳු වලින්ද ගුහා තුළින්ද ජලය යටින්ද යමින් ඉසිවර දුර්වාස ලුහුබැන්දේය. 
අන්තිමේදී ඉසිවර දුර්වාස දිවගියේ සත්‍යා ​ෙලා්කයටය. 
“බ්‍රහ්ම උතුමාණනි.” 
ඔහු දුර සිටම කෑගසුවේය. 
“අනේ උතුමාණනි, මට පිහිට වෙන්න. සුදර්ශන චක්‍රය මා පසුපස පන්නනවා” 
බ්‍රහ්මට සිනා ගියේය. 
“මට ඔබට උදව් කරන්න බැහැ දුර්වාස, කරුණාකර ගිහින් ශිව හමුවන්න” 
සැණෙකින් කෛලාස කන්දට නැඟුණු ඉසිවරයා, ශිව දෙවියන්ට දුක කියන්නට උත්සාහ ගත්තේය. 
“උතුමාණනි ම... මට” 
ඔහුට කියන්නට ලැබුණේ එපමණකි. ඒ සමඟම සිහිසුන් වූ ඔහු ශිව පාමුල ඇදවැටුණේය. 
ශිව දෙවියන්ට දුර්වාස ගැන උපන්නේ දුකකි. මෙතෙක් කලකට දුර්වාස මෙවැනි අවස්ථාවකට මුහුණ දී සිටියේ නැත. 
එසේ වුවත් සුදර්ශන චක්‍රය නතර කරන්නට ශිවට හැකි වූයේ නැත. එය අවනත වන්නේ විෂ්ණුගේ හඬට පමණක් නිසාය. 
දුර්වාසට කළ හැක්කේ වෛකුණ්ඨයට ගොස් විෂ්ණු හමුවේ පිහිට ඉල්ලා සිටීම පමණි. දිය බිඳක් ඉස ඉසිවරයාට සිහිය ගත් ශිව, ඔහු දෙස මොහොතක් බැලුවේය. 
“වෛකුණ්ඨයට ගිහින්” විෂ්ණුට කියන්න.’’ 
ඒ වචන ඇසුණු විගසම ඉසිවරයා වෛකුණ්ඨය කරා දුවන්නට පටන් ගත්තේය. 
“උතුමාණනි, මට පිහිටවන්න” 
ඉසිවරයා, විෂ්ණුගේ දෙපාමුල දණගසා කීවේය. 
“කරුණාකර ඔබේ චක්‍රයෙන් මා ආරක්ෂා කරන්න” 
විෂ්ණු සිනා නැගුවේය. 
ඉසිවර දුර්වාස සුදර්ශන චක්‍රය මගේ නෙවෙයි. එකත් එකටම එය අම්බාරිෂ්ගේ. අම්බාරිෂ්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කරන්න. ඒ නිසා එහි ප්‍රහාරයෙන් ඔබට ගැලවෙන්න අවශ්‍ය නම් ඔබ කතා කළ යුත්තේ අම්බැරිෂ් සමගයි. චක්‍රය ආපසු ගෙන්වාගත හැක්කේ ඔහුට පමණයි. මොකද මම සුදර්ශන චක්‍රය ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුට බාර දීලයි තියෙන්නෙ” 
විෂ්ණු දෙස වික්ෂිප්තව බලා සිටි ඉසිවරයා ආපසු හැරී අම්බාරිෂ් රජු වෙත දුවන්නට පටන්ගත්තේය. 
මේ දර්ශනය දෙස අම්බාරිෂ් බලා සිටියේය. බොහෝ දුරක් දිවගොස් වෙහෙසට පත්ව සිටි ඉසිවරයා ක්ලාන්ත වී ඇදවැටුණේ අම්බාරිෂ්ගේ නෙත් මානයේමය. ඔහුගේ දිගු කෙස්වැටිය සුළඟේ පාවී අනතුරුව ඔහුගේ මුහුණ මතට වැටුණේය. 
අම්බාරිෂ් දිය බිඳක් ගෙන ඉසිවර දුර්වාසගේ මුහුණට දැමුවේය. ඉසිවරයා දෙනෙක් විවර කර වටපිට බැලුවේය. 
“අම්බාරිෂ් කරුණාකර චක්‍රය ආපසු ගෙන්වා ගන්න.” 
ඉසිවර දුර්වාස ආයාචනා කළේය. 
ඒ මොහොතේම සුදර්ශන චක්‍රය පැමිණ දුර්වාස ඉසිවරයා වටේ කැරකෙන්නට පටන් ගත්තේය. 
එළඹුණු මොහොතේ භයංකාරත්වය වටහාගත් අම්බාරිෂ් රජු වහා බිම දණ ඇනගෙන දෙනෙත් පියාගත්තේය. ඔහු විෂ්ණු වෙත යාතිකා කිරීම ආරම්භ කළේය. 
“උතුමාණනි, ඉසිවර දුර්වාස කළ වරද අමතක කරන්න. කරුණාකර ඔහුට සමාව දෙන්න. තවදුරටත් ඔහු මෙබඳු වැරදි කරන එකක් නැහැ. එබැවින් චක්‍රය ආපසු කැඳවන්න. ඔහුට පහර දීමට අවශ්‍ය නැහැ” 
ඇසිල්ලකින් චක්‍රය නැවතිණි. තවත් මොහොතකට පසු එය එක් වරම අතුරුදන් විය. 
ඉසිවර දුර්වාස ලොකු හුස්මක් ගෙන පපුව පුරවාගත්තේය. ඉනික්බිති හිටගත් ඔහු අම්බාරිෂ් රජු දෙස බලාසිටියේය. 
“භක්තියෙන් මේ තරම් වැඩගන්න හැකි කිසිවෙක් මා මීට පෙර දැක නැහැ. මට ඔබ ගැන ආඩම්බරයි. ඒ වගේම මගෙන් සිදු වූ වරදට මට සමාවෙන්න. යළිත් මම කෝපවෙලා අනුන්ට ශාප කරන්නෙ නැහැ.” 
ඉසිවර දුර්වාස පැවසුවේය. 
අම්බාරිෂ් සිනාසුණේය. ඉසිවර දුර්වාසගේ දෙපා අල්ලා ඔහුගේ ආශිර්වාදය ඉල්ලා සිටියේය. රජුට ආශිර්වාද කළ ඉසිවර දුර්වාස, අම්බාරිෂ්ගේ උපවාස උත්සවයටද සහභාගී වූයේය. අම්බාරිෂ්ගේ බලය වර්ධනය වීම වැළැක්වීමට ඉන්ද්‍ර ගත් උත්සාහයද්‍ එසේ අසාර්ථක විය. 

 

 


ශාන්ත කුමාර විතාන 



අදහස් (0)

ඉසිවර දුර්වාසට වැරදුණු ශාපය

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5916 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5223 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1701 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site