IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


ඉන්දියාවේ ආණ්ඩුකාරයාගේ නමින් ලංකාවේ හැදූ එල්ෆින්ස්ටන් සිනමාහල

සිහිවටනයක  පසුබ්ම් කතාව

පදමට පොල් තෙල් ගහපල්ලා  
කරදර අමතක කරපල්ලා  
ගහපල්ලා නටපල්ලා  
කරදර යකාට ගියදෙල්ලා  
යූඇන්පී කොමිනිස්ට් පාටි  
දන්නවා අපි ඒවායේ හැටි  
ලොකුකම් පොඩිකම් තැබෑරැමේ නැහැ  
අපි හැම මෙහි සම සමාජයයි  

 

මේ ගීතය අපේ ජාතික ගීය නොවුණත් මෙය රචනා කොට ඇත්තේ අපේ ජාතික ගීයේ රචක ආනන්ද සමරකෝන් සූරීන්ය. මෙම ගීතයේ පද එහෙ මෙහෙ වුණාට සමරකෝන් උන්නැහේට දැන් දැන් දිවිනසා ගැනීමට නොහැකිය. නමෝ නමෝ මාතා පදවැල ශ්‍රී ලංකා මාතා ලෙස ‘විකෘති කළා’’ යයි සමරකෝන් සූරින් ස්ලීපින් ටැබ්ලට් බී දිවි නසාගෙන තිබීම මීට හේතුවයි. 
 
මෙම ගීතයේ සංගීතය දක්ෂිණමූර්ති නම් ඉන්දියන් සංගීතවේදියාගේය. මෙහි ගායකයා පියදාස ගුණසේකරය. ගායකයාගේ නම සඳහන්ව නැතැත් මෙය යූටියුබ් තුළින් ඇසිය හැකිය. මෙම ගීතය අඩංගු චිත්‍රපටය සැඬසුළං ය. චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භවන්නේ මීට 63 වසරකට පෙර මරදානේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදීය.  


මෙරට සිනමා ශාලා ඉතිහාසය සොයා යාමේදී බෙහෙවින් ඊට ආශ්‍රිත ග්‍රන්ථයක් වන්නේ ටයිම්ස් ඔෆ් සිලෝන් (Times of Ceylon) 125 වැනි සංවත්සර කලාපයයි (1971 ජුලි 11). එහි ලෝරන්ස් ඇන්ඩ්‍රි විසින් ලියන ලද ලිපියක් ඇත. මෙරටට 1901 දී සිනමාව හඳුන්වාදුන් පුද්ගලයා ලෙස ගැනෙන්නේ ඊ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රි ය. ලෝරන්ස් ඇන්ඩ්‍රි වනාහි ඔහු පුත්‍රරත්නයයි.   


එල්ෆින්ස්ටන් ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ එදා හැම සිනමා ශාලාවක්ම මුලින්ම පටන් ගෙන ඇත්තේ වටේ ටකරන් ගසා බයිස්කෝප් ටකරං මඩුවල පෙන්වාය. බයිස්කෝප් එකේ ලංකා ගමන සිදුවී ඇත්තේ දහනව වන සියවස ආරම්භයත් සමගය. මේවා කූඩාරම් සිනමාහල් ලෙසද පැවතී ඇත.  


ටකරම මඩු ගසා පෙන් වූ බයිස්කෝප් කර්මාන්තය ආයෝජකයින්ට සරුඵල ගෙන දෙන්නක් විය. ඔවුන් අත දිග හැර ඒ තැන්වලම ගොඩනැගිලි ඉදි කර ඇත්තේ එහි වූ අධික ලාභය නිසා විය යුතුය. ඊ.ඩබ්ලිව්. ඇන්ඩ්‍රිගේ පුත්‍රයා ටයිම්ස් ඔෆ් සිලොන් සංවත්සර කලාපයේ සටහන් තබා ඇති පරිදි තමාගේ පියා වන්නියෙන් ඡායාරූප ශිල්පියෙකි.  


සිනමාහලේ මුල් නම එල්ෆින්ස්ටන් නොවුණත් එහි ආරම්භය 1917ටත් එහා ගිය එකකි. ඇන්ඩ්‍රි මුලින්ම ගෙන්වා ඇත්තේ පිටරට නිහඬ චිත්‍රපටය. ඒ කාලේ කතානාද නොහොත් කතා කරන චිත්‍රපට තිබුණේම නැහැ. වරක් රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා ප්‍රකාශයට පත් කළේ ‘හොඳම නිහඬ චිත්‍රපටය’ ලංකාවේ නිෂ්පාදනය කරන්නාට ‘කෝටියක’ තෑග්ගක් රුපියල්වලින්ම දෙන බවටය. උන්නැහේගේ උපදේශකයින්ගේ කීම පිට එතුමා සිතා සිට ඇත්තේ ‘නිහඬ’ චිත්‍රපට යනු තවත් චිත්‍රපට විශේෂයක් බවය. එ්වා නිහඩ වූයේ ඒ වනවිට හඬ පටයක් Voice Track එකක් සොයාගෙන නොතිබූ නිසා බව එතුමා දැනසිට නැත.   


එල්ෆින්ස්ටන් රඟහලේදී පැවති උත්සවයකදී ප්‍රේමදාස ජනපතිතුමා කළ ‘නිහඬ අභියෝගය’ පිළිගත් සමහරු ඊට චිත්‍රපට නිපදවන්නට විය. නමුත් ටික දිනකින් ජනපති ප්‍රේමද‌ාසගේ හඬ ද ‘නිහඬ’ වූයේ ආමර්වීදියේ දී මැයි දිනයකදීය. චිත්‍රපට සංස්ථාවට අවසානයේ එම චිත්‍රපට නිපදවූවන්ට දීමනාවක් ගෙවා ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට සිදුවූයේ කෝටියක් ගෙවන ලෙස වූ අභියෝගයට අවසානයේ කරගහන්නට වූයේ චිත්‍රපට සංස්ථාවට නිසාය.  


මෙරටට වාණිජමය බයිස්කෝප් හඳුන්වාදුන් ඇන්ඩ්‍රිගේ පුත්‍රයා තම පියාගේ ව්‍යාපාරය ආරම්භය ගැන රසකතා වැලක් තම ලිපියේ අඩංගුකොට ඇත. ඒ අනුව මුලින්ම ලංකාවේ බයිස්කෝප් පෙන්වා ඇත්තේ දියතලාවේ බෝයර් සිර කඳවුරකය.   


ලේඛනවලට අනුව ඇන්ඩ්‍රි මියගොස් ඇත්තේ 1901 දීය. වැග්නර් නමැති ජර්මන් ව්‍යාපාරිකයා ලංකාවේ බයිස්කෝප් කර්මාන්තයට අත තබන්නේ ඉන්පසුවය. එල්ෆින්ස්ටන් ඉතිහාසය ලිවීමේදී මේ කවුරුවත් වැදගත් වන්නේ නැත. වැදගත් වන්නේ ඉන්දියාවේ ‘මද‌ාන්’ (Madan) සමාගමය. ඔවුන්ගේ එකම අරමුණ වූයේ ලංකාවේ බයිස්කෝප් ඒකාධිකරයක් බිහිකොට අධික ලාබ ලැබීමය. එකල එම්පයර් සිනමාහල අයිතිව තිබී ඇත්තේ වොර්වික් මේජර්ටය (Worwick Major). 1919 දී මද‌ාන් සමාගම මිලදීගත් අතර පබ්ලික්හෝල් සිනමාහල ද ඊට අයත්විය.  


මේ වකවානුවේ මරදාන හන්දියේ තවත් නෘත්‍ය ශාලාවක් හැඳින්වූයේ පැවිලියන් (Pavilion) යන නමිනි. නමින් පැවිලියන් සිනමාශාලාව වුවද ගොඩනැගිල්ල පැවතියේ අබලන් තත්ත්වයේ කිසිදු නඩත්තුවක් නැතිවය. මේ මරද‌ාන මධ්‍යයේ පිහිටි සිනමාවට කිරිගහට ඇන්නා මෙන් හරියන තැනක් බව ඉඟියෙන් දත් පුද්ගලයකු වූයේ වෝර්වික් මේජර් නම් සිනමාශාලා හිමියකු වීමේ පරම චේතනාවෙන් දිවි ගෙවූ බයිස්කෝප් බිස්නස් කාරයාය.   
සියලු ඔප්පු තිරප්පු ලියා පැවිලියන් සිනමාශාලාව තම සතු කරගත් වොර්වික් මේජර් විසින් එම ගොඩනැගිල්ල මුළුමනින්ම අලුත්වැඩියා කරන ලදී. අලුත්වැඩියා කරන ලද සිනමාශාලාවට තැබූ නම වූයේ ‘පැලස්’ සිනමාය. ගාලු පාරේ වැල්ලවත්ත ප්‍රදේශය පසු කර බස් රථයක යන විට තවමත් ‘පැලස් සිනමා’ බහින්න යයි කියනු අද ද ඇසිය හැකිය. එහෙත් මේ කියන පැලස් සිනමා ශාලාව නොවේ.  


ඉන්දියාවේ මද‌ාන් චිත්‍රපට සමාගම මරද‌ාන ප්‍රදේශයේ සිනමාශාලාවක් සෑදීම සඳහා මේ අතර ගත්තේ දැඩි උත්සාහයකි. ඩීමන් ආනන්ද විසින් ‘චිත්‍රවාහිනී’ නමැති සිනමා පුවත්පතට ලියූ ලිපියක ම‌ද‌ාන් සමාගම මරද‌ානේ සිනමාශාලාවක් හදන්න ඉඩමක් සොයාගන්නට ගත් උත්සහය ගැන කදිම ලිපියක් ලියා ඇත. අවසානයේ මද‌ාන් සමාගමේ ඇස ගැටුණේ පැලස් සිනමාශාලාව දෙසය. වොර්වික් මේජර් හමු වූ මද‌ාන් සමාගම විකිනීමට කැමති මිලකට පැලස් සිනමා ශාලාව මිල දී ගන්නට එකඟ විය. ටයිම්ස් ඔෆ් සිලෝන් ජර්නල් හි ඇති විස්තරය අනුව ඒ වනවිට ද දැවැන්ත ලෙස ලංසු ලැබූ පැලස් සිනමාශාලාව විකිනීමට වොර්වික් මේජර් ගත් තීරණය අදහාගත නොහැක්කක් වී ඇත. එහි විකිනීමේ එක් කොන්දේසියක් වී ඇත්තේ එහි නම ‘පැලස්’ යන කොටස ඉවත් නොකළ යුතු බව පමණකි.  


ම‌ද‌ාන් චිත්‍රපට සමාගම පැලස් සිනමා ශාලාව මිලදී ගත් පසු මුලින්ම කරන ලද්දේ අලුත්වැඩියා කොට තිබූ මේජර්ගේ කසිකබල් ගොඩනැගිල්ල මුළුමනින්ම කඩා බිම හෙළීමයි. අලුත්ම ගෘහ නිර්මාණ ශිල්පයකට ගොඩ නැඟුණු නව සිනමා ශාලාවට තැබූ නම වූයේ එල්ෆින්ස්ටන් ය. මෙයට ‘එල්ෆින්ස්ටන්’ නම තැබීමට ද විශේෂ හේතුවක් විය. මේ වනවිට ඉන්දියාවේ මද‌ාන් සමාගම එල්ෆින්ස්ටන් ගොඩනැගිල්ල ලංකාවේ තනන ලද්දේ ඉන්දියාවේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේ ‘ප්ලෑන’ මුළුමනින් කොපි කරගෙනය.   


1925 දී එල්ෆින්ස්ටන් සිනමාශාලාවට මුල්ගල තබා ඇත්තේ ඉංග්‍රීසි ජාතික එච්.ඊ. නිව්න්හැම් මහතා විසිනි. එවක ටයිම්ස් ඔෆ් සිලොන් පුවත්පත නිවුන්හැම් මහතා හඳුන්වා ඇත්තේ කොළඹ නගරාධිපතිවරයා ලෙසය. මුල්ගල තැබූ දිනය ලෙස සඳහන් වන්නේ 1925 ඔක්තෝබර් 19 වැනිදාය.  


එවකට දිනමිණ පුවත්පත වාර්තාකොට තිබෙන්නේ ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස ‘එල්ෆින්ස්ටන් බිල්ඩිමේ’ කටයුතු කරන්නේ ගෘහ නිර්මාණ ශිල්පී එච්.එෆ්. බිල්මෝරියා මහතා බවය. මුල් සැලැස්මේ ඇති පරිදි එම සිනමා ශාලාවේ ආසන ගණන 800ක් බැවින් එය කොළඹ එවකට විශාලතම සිනමාශාලාව ලෙස ගිනිය හැකිය.  


පසු කලෙක චිත්‍රපට චක්‍රවර්තී නමින් කරුණාසේන ජයලත් ලියා ඇති ලිපියක ඇත්තේ, එවකට මද‌ාන් සමාගම බොම්බාය, කල්කටා, මදුරාසිය ආදී නගරවලත් බුරුමයේත්, බෙංගාලයේත් තම සිනමා රාජධානියක් ගොඩනගාගෙන සිටි බවය. මද‌ාන් සමාගමේ හිමිකරු එවකට ඉන්දියාවේ සිටි එල්ෆින්ස්ටන් නමැති ආණ්ඩුකාරයා සිනමාවට කළ සේවය සහ තම ව්‍යාපාර කටයුතුවලට කරනලද සහයෝගයට උපහාර පිණිස මෙම ‘එල්ෆින්ස්ටන්’ නාමය යොදා ඇති බව කරුණාසේන ජයලත්ගේ මතයයි.  


ඉන්දියාවේ එවකට අධ්‍යාපන ක්‍රමය තුළ රාජය අධ්‍යාපනය විප්ලවීය ලෙස ගමට ගෙන ගිය බ්‍රිතාන්‍ය ජාතිකයා වී ඇත්තේ එල්ෆින්ස්ටන් ය. අන්තර්ජාලයේ තවත් සැරිසැරූ විට ‘එල්ෆින්ස්ටන්’ නමින් පාසලක් වසර සියගණක ඉතිහාසයක් ඇතුව සොයා ගැනීමට හැකිය.  


මුලින්ම මෙම එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ප්‍රදර්ශනය කළ චිත්‍රපට බොහොමයක් ඉන්දියන්......... ලෝක පුවතට නළු නිළියන් රඟපෑ ඉංග්‍රීසි ගොපලු චිත්‍රපටය. එහෙත් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවට වැල නොකැඩී ප්‍රේක්ෂකයින් ගලාඑන්නට පටන් ගෙන ඇත්තේ ‘සීරියල් චිත්‍රපට’ ප්‍රදර්ශනයෙන් පසුවය. මද‌ාන් සමාගම පැලස් ගොඩනැගිල්ල මිලදී ගැනීමේදී වොර්වික්​ මේජර්ට වූ පොරොන්දුව නම් අමතක කළේ නැත. මේජර්ගේ ඉල්ලීම පරිදි පැලස් නමද තබාගෙන ‘එල්ෆින්ස්ටන් පික්චර් පැලස්’ නමින් සිනමා ශාලාව හඳුන්වන ලද්දේ මේජර්ට කෘතගුණ දැක්වීමක් ලෙසය.   


එල්ෆින්ස්ටන් පික්චර් පැලස් හී මුලින්ම ප්‍රදර්ශනය කරන ලද කතානාද චිත්‍රපටය වූයේ ‘මිල්වා මංගල්’ය. බොහෝ දෙනා මෙය ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය ලෙස හැඳින්වුවද වනිතා විත්ති පුවත්පතට ඩී.වී. සෙනෙවිරත්‍න ලියූ ලිපියක ඇත්තේ ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය ‘අලාම් අාරා’ නමැති චිත්‍රපටය බවය.   


එම චිත්‍රපටය අර්දේශිර් ඉරාන්ගේ නිර්මාණයක් බව පවසන ඩී.වී. සෙනවිරත්නයන් පුරා මාස 6ක් පුරා මිල්වා මංගල් චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසු එල්ෆින්ස්ටන් පික්චර් පැලස් හි අලාම් ආරා චිත්‍රපටය ප්‍රදර්ශනය කොට ඇති බවට සටහනක් තබා ඇත.  


චිත්තම්පලම් ඒ. ගාඩිනර් නාමය සිනමාව සමග නැගී සිටින්නේ මේ අතරය. සිනමා ව්‍යාපාරිකයකු වුවත් ගාඩිනර්ගේ මුල් වෘත්තිය වුණේ ගුරුවරයකු ලෙස කටයුතු කිරීමය. ගාඩිනර් සමග පසුකලෙක ඊවිනින්ග් ඔබ්සර්වර් පුවත්පත පැවත් වූ සාකච්ඡාවකදී ඔහු පවසා ඇත්තේ තමන් පාසල් ගිය වියේ සිටම ‘සිනමා පිස්සකු’ වූ බවය. ජීවිතයේ එකම ආශාව ලෙස ගාඩිනර්ගේ අරමුණ වූයේ චිත්‍රපට ප්‍රදර්ශකයකු වීමය. ගාඩිනර් චිත්‍රපට බිස්නස් එකට අත දැම්මේ ජර්මන් ජාතික ලියෝ ලැන්ස්ටන් සමග මරද‌ානේ ඔලිම්පියා සිනමාශාලාව බදු ගැනීමෙනි. එහි මුළුමනින්ම ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරුණු අතර චිත්තම්පලම් ඒ. ගාඩිනර් සිලෝන් තියටර්ස් සමාගම ගොඩනගන්නේ නවසිය තිහ දශකයේය.  


කොටුවේ රීගල් සිනමාහලෙන් පසුව ගාඩිනර්ගේ අණසකට යටත් වූ අනෙක් සිනමා ශාලාව වූයේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාවයි. 1960 වනවිට සිලෝන් තියටර්ස් සමාගම සතු වූ සිනමා ශාලා සංඛ්‍යාව 130කට වඩා අධික වූ බව ආතර් යූ. අමරසේන මහතාගේ සිංහල සිනමා වංශය කෘතිගේ සඳහන්ය.  


නමුත් දැන් අප දකින එල්ෆින්ස්ටන් ශාලාව පාලනය කෙරෙන්නේ ටවර්හෝල් රඟහල පදනම මගිනි. බයිස්කෝප් පෙන්වීම සඳහා හැදූ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ටවර් රඟහලට පවරා දුන් පසු කළ ප්‍රථම කාරිය වූයේ බයිස්කෝප් පෙන්වීම නැවැත්වීමය. මේ ඒ ගැන මීට වසර 23කට පෙර 1995 දී ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා සිළුමිණ පුවත්පතේ පළ කොට ඇති ලිපියකි.  


එල්ෆින්ස්ටන් සිනමාහල දැනට හැත්තෑ වසරකට පෙර ඉදිකැරුණේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහාය. එහෙත් අද සිනමාකරුවන්ට ඒ උරුමය අහිමි වී තිබේ. ඒ පිළිබඳව බොහෝ චිත්‍රපට නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු හා ප්‍රේක්ෂකයෝ දැඩි කලකිරීමකට පත්ව සිටිති. චිත්‍රපටයක් නිපදවා එය ප්‍රදර්ශනය කිරීම සඳහා දීර්ඝ කාලයක් පසුතැවෙමින් කල් ගෙවීමට සිදු වී තිබෙන්නේ සෑහෙන පමණ සිනමාහල් නැතිකම නිසාය. එබදු තත්ත්වයක් පවතින අතර චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා ඉදිකැරුණු එල්ෆින්ස්ටන් වැනි සිනමාහලක් ඊට නිදහස් නොවීම බලවත් අසාධාරණයක් බව සිනමාකරුවන්ගේ අදහසය. ජාතික චිත්‍රපට සංස්ථාවට ද එය ප්‍රශ්නයක් වී ඇත.  
අද එල්ෆින්ස්ටන්හි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා හවස් වරුවේ දර්ශන දෙකකට රු. 9900/- ටවර්හෝල් රඟහල පදනමට ගෙවා සිනමාශාලාව වෙන්කරවා ගත යුතුය. උදය වරුවේ දර්ශනයක් සඳහා රු. 3600/- ගෙවිය යුතුය. මේ තත්ත්වය උද‌ාවූයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කැරුණු පනතක් අනුව 1979 ජනවාරි මස 4 ද‌ා ටවර්හෝල් රඟහල පදනම පිහිටුවීමෙන් පසු එල්ෆින්ස්ටන් රඟහල එම පදනමේ පාලනයට පවරා ගැනීමේ විපාකයක් වශයෙනි.  


එල්ෆින්ස්ටන්හි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහා ප්‍රක්‍ෂේපණ යන්ත්‍රයක් ද ඊට අදාළ අනිකුත් පහසුකම් ද ඇත. එහෙත් එහි දිනපතා චිත්‍රපට ප්‍රදර්ශනය නොකැරෙයි. ප්‍රක්‍ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස සේවය කරන ශිල්පියාට වෙනත් රාජකාරිවල නියැළීමට සිදු වී තිබේ. දිනපතා චිත්‍රපට ප්‍රදර්ශනය නොකැරෙන හෙයින් වෙනත් විකල්පයක්ද නැත. ඔහුට ප්‍රක්‍ෂේපණ යන්ත්‍ර ක්‍රියාකරු ලෙස සේවයට අවස්ථාව සැලසෙන්නේ ඉඳහිට සිනමා උළෙලක් පැවැත්වෙන අවස්ථාවකය.   


ජෝර්ජ් ලෙස්ලි රණසිංහයන්ට ඊළඟ සතියේම නාට්‍යකරුවන්ගෙන් ඊට පිළිතුරු ලැබී තිබුණි. එය පළ කොට තිබුණේ එල්ෆින්ස්ටන් රඟහල නාට්‍යකරුවන්ගෙන් පැහැර ගැනීමේ තැතක් යනුවෙනි. එහි මෙසේ සඳහන්ය.   
පසුගිය සතියේ ‘සිළුමිණ’ පුවත්පතේ පළවූ ‘සිනමාකරුවන්ගෙන් පැහැරගත් එල්ෆින්ස්ටන්’ නම් වූ ලිපිය කියවූ අප ඒ සඳහා පිළිතුරු ලිපියක් ලිවීමට අදහස් කළේ දිගු කාලයක් මුළුල්ලේ එල්ෆින්ස්ටන් රඟහල පාලනය වනු ලබන්නේ ටවර් හෝල් රඟහල පදනම යටතේ වන බැවිනි. එමතුදු නොව, එම ලිපියෙන් මතු කරනු ලබන කරුණු මෙරට සිටින නිර්මාණශීලී නාට්‍යවේදීන්ගේ ද දහස් ගණක් වූ නාට්‍යභිලාෂීන්ගේ ද සිත්තැවුලට හේතු වන බැවිනි.  


ඊටත් වඩා යථෝක්ත ලිපිය සම්පාදනය කළ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ මහතා, දීර්ඝ කාලයක් මුළුල්ලේ සරසවිපාය එල්ෆින්ස්ටන් රඟහලෙහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වශයෙන් තනතුරු දරමින් නාට්‍යවේදීන් හා ගනුදෙනු කළ අයෙකු ද වන බැවිනි.   


ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවෙන් අනුමත වූ 1978 අංක 1 දරන ටවර්හෝල් රඟහල පදනම පනත යටතේ මෙරට නාට්‍යකරුවන්ගේ ප්‍රවර්ධනය උදෙසා බෙහෙවින් ජරාවාස වී තිබුණු ටවර්හෝල් රඟහල සහ එවකට ජරාජීර්ණ වූ සිනමාහලක් ලෙස පැවති එල්ෆින්ස්ටන් ශාලාව ද පිළිසකර කොට ‘සැබැවින්ම රංග ශාලා’ වශයෙන් ජනතාව වෙත පුදනු ලැබූයේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය හෙබැවූ යුගයේදීය.  


එසේ වුවත් එම කාර්යය ලෙස්ලි රණසිංහ මහතා අතින් ඉටු වූයේ අවංකවම ද යන කුකුස දැන් අප සිත් තුළ නැගෙනුයේ ඔහුගේම යථෝක්ත ලිපියේ එන මෙම වැකියෙනි. ‘මේ තත්ත්වය උදාවූයේ (එනම් චිත්‍රපටකරුවනට එල්ෆින්ස්ටන් ශාලාව අහිමි වූයේ) 1979 ජනවාරි මස 04 ද‌ා ටවර්හෝල් රඟහල පදනම පිහිටුවීමෙන් පසු, එල්ෆින්ස්ටන් රඟහල එම පදනමේ පාලනයට පවරා ගැනීමේ විපාකයක් වශයෙනි’. රාජ්‍ය නායකයා විසින්ම පවරන ලදුව වසර පහකට අධික කාලයක් මුළුල්ලේ නාට්‍යකරුවනගේ රඟහලක නියෝජ්‍ය අධ්‍යක්ෂ ධුරය හෙබැවූ ලෙස්ලි රණසිංහ මහතාට, අද එය ‘විපාකය’කි.   


එල්ෆින්ස්ටන් සිනමා ශාලාව අද චිත්‍රපට පෙන්වන්නේ නැත. සිහිවටනයක කතාවට අප එල්ෆින්ස්ටන් සිනමාශාලාව තෝරාගත්තේ එය සිහිවටනයක් වූයේ සිනමා ශාලාවක් වූ යුගයේ සිට නිසා බවය. ‘රේඛාව’ චිත්‍රපටය මුලින් ප්‍රදර්ශනය වූ සිනමා ශාලාවක් වූයේ එල්ෆින්ස්ටන්ය. එහි මුල් දර්ශනය නැරඹූ විදේශීය චිත්‍රපටය විචාරකයකු වසර ගණනාවකට පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවට ආවේය. ඒ ලෙස්ටර් ජේම්ස් පීරිස් නමින් මාවතක් ඇති බව සුද්ද‌ා අසා තිබූ නිසාය.  


සුද්ද‌ා ලංකාවට ආවේ එල්ෆින්ස්ටන් සිනමා ශාලාව ගැන ලිපියක් සකස් කිරීමට ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවන්නටය. උදේ කටුනායකින් කොළඹට ආ සුද්දා ලෙස්ටර් හමුවන විට හවස් වී තිබිණි. එල්ෆින්ස්ටන් රඟහල ගැන විස්තර කිරීමට සිටි ලෙස්ටර් සුද්ද‌ාගේ ප්‍රමාදය අසා හඬ නගා සිනාසෙන්නට විය.  


‘ගොඩක් දෙනෙක් මගේ නම කියල කොළඹ දී වාහනයකට නැග්ගට ඔය ටැක්සිකාරයෝ එක්කන් යන්නේ කොළඹ ජේම්ස් පීරිස් මාවතට. ගොඩක් දෙකක් මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත කියන්නේ ඕක්මන් පාරට කියල දන්නේ නෑ’ කියූ ලෙස්ටර් සුද්දාට එල්ෆින්ස්ටන් පුරාණය ගැන කියන්නට පටන් ගත්තේ කට කොනකින් සිනාසෙමිනි. 

 

 

 

 

සටහන - වජිර ලියනගේ  

 



අදහස් (0)

ඉන්දියාවේ ආණ්ඩුකාරයාගේ නමින් ලංකාවේ හැදූ එල්ෆින්ස්ටන් සිනමාහල

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10895 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6202 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5910 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5214 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3220 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1696 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 142 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1349 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site