දෙපාර්ශ්වය ඉක්මනින් එකඟතාවකට නොපැමිණියහොත් ඇමරිකන් ඩොලර් බිලියන 156ක් පමණ වටිනාකමකින් යුත් චීනයෙන් ගෙන්වන, පාරිභෝගික භාණ්ඩ සඳහා සියයට 15කින් බදු නුදුරේදීම වැඩි කරන බව කියමින් ට්‍රම්ප් අනතුරු අඟවයි. වාර්තා වෙන අන්දමට මෙම බදු වැඩි කිරීම සිදුවීමට නියමිත දෙසැම්බර් 15 වෙනි දාය.
නත්තලට සති දෙකක් පමණ තිබිය දී ඇමරිකානු ජනපති ට්‍රම්ප් චීනයෙන් ගෙන්වන භාණ්ඩවලට ගෙවිය යුතු බදු වැඩි කළහොත්, නත්තල් සැමරුම් කඩාකප්පල් වීමට නියමිත ය. එසේ වීමට හේතුව නම් දුරකතන, ලැප්ටොප්, වීඩියෝ ගේම් කොන්සෝල්, කම්පියුටර් මොනිටර් ඇතුළු තාක්ෂණික උපාංග සහ සෙල්ලම් බඩු, නත්තල් සැරසිලි හා නත්තලට බහුලව බෙදා ගන්නා තෑගි ආදියේ මිල වැඩිවීමයි.
අතීතයේ මෙන් නොව, අද වෙන විට නත්තල වැනි ලෝකයේ ප්‍රධාන ආගමික උත්සවයක් සැමරීමට සාමාන්‍ය මිනිසුන්ට පවා වෙළෙඳ භාණ්ඩ නැතිව බැරි තත්ත්වයක් උදාවී තිබෙන බැවින් තෑගි දෙන්නට හෝ ලබාගන්නට අසීරු නත්තලක් උදා වීම යනු සැබෑම දඬුවමකි.
චීනය හා ඇමරිකාව අතර කාලයෙන් කාලයට නොයෙක් අමනාපකම් ආරවුල් හටගන්නා අතර සමහර අර්බුද පෙර පැවති අමනාපකම්වලම දිගු ය. දැන් මේ නත්තල් උත්සවයට බලපාන නෝක්කාඩුව නිසා අමාරුවේ වැටෙන්නේ ඇමරිකාවේ සිටින නත්තල සමරන සාමාන්‍ය මිනිසුන් ය.
ඇමරිකාවට පාඩමක් ඉගැන්වීම සඳහා චීනය ද ඔවුන් පොරොන්දු වී සිටි ගොවිපොළ භෝග මිල දී ගැනීම් නොකර ඉන්නට යන බව වාර්තා වේ. ඒ අනුව ඇමරිකානු ඩොලර් 50ක පමණ වටිනාකමකින් යුත් සෝයා බෝංචි, ඌරු මස් හා වෙනත් කෘෂිකාර්මික නිපැයුම් කිහිපයක්ම මිලදී ගැනීමට පොරොන්දු වී සිටි චීනය ඒ අදහස අත්හැර තිබෙන්නේ එමගින් ඇමරිකාවට වැඩි වාසි අත්වන බව වැටහුණු පසුවය.
වෙළෙඳාම සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ආරක්ෂිත සීමාවක් සකසාගෙන තිබිය යුතු යැයි කියන චීනය සැබැවින්ම අදහස් කරන්නේ යම් ගැටලුවක් ඇති වුවහොත් මිල දී ගැනීම් නවත්වන බවය.
නත්තලට අවශ්‍ය කරන දේවලින් බහුතරයක් නැව් මගින් කලින්ම ඇමරිකාවට ගෙන්වා ගැනීම සාමාන්‍ය ක්‍රමය බවත්, ඇමරිකාව සතු එම භාණ්ඩ තොග වෙළෙන්දන් විසින් නව බද්දෙන් පසු වැඩි මිලට විකුණන්නට යන සූදානමක් පවතින බවත් ඇමරිකානු ආරංචිමාර්ග සඳහන් කරයි.
ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීම සහ චීනය එයට දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව සලකා බලන කල තේරුම් යන්නේ ඔවුන්ගේ හොඳහිත මෙන්ම ගැටුම් ද ලෝක ආර්ථිකයට කොතෙක් බලපාන්නේ ද යන්නයි.
අන්තර්ජාලය ඇසුරිනි.
නිසංසලා දිසානායක
හීන් නෝනා දියණිය දෙස බැලුවේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය
මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි
ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ෙවන්නේ ප්රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති
හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ
මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ
සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමෙරිකාවට නත්තල් නැති වෙන ලකුණු