IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අසාමාන්‍ය බුද්ධිමතුන් බිහි​ෙවන්නේ පෙර ආත්මයේ මතකයත් එක්කද?

 

 

මිනිස් වර්ගයා සහ වෙනත් සියලු සත්වයින් සතු මනස නිර්මාණය වන්නේ පසිඳුරන් මගින්ය. එහෙත් එයට අදාළ වන විඥානය හෙවත් දැනීම නම් වන ප්‍රබල ශක්තිය ගැන භෞතික පරිමාණ මගින් ප්‍රකාශ කළ නොහැකිය. පෙරදිග විඥානවාදී ආගම් සහ දර්ශනවාද අනුව විඥානය යනු ආලෝකමය සංඥාවකි. එහෙත් විඥානය නම් අතිප්‍රබල ශක්තිය මගින් මතු කරන අධ්‍යාත්මික සංසිද්ධි භෞතික පරාසයකදී විග්‍රහ කළ නොහැකි වන අතර, ඒ සඳහා ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් පිළිතුරු සැපයෙන බව අර්වින් ඇස්ලෝ පවසයි. 


පුනර්භවය නිසා සිදුවන දීර්ඝ සසර පැවැත්ම අනන්ත ක්‍රියාවලියකි. ආධ්‍යාත්මික වශයෙන් ජීවිතයේ ධනාත්මක හෝ ඍනාත්මක දිශාවට ගමන් කරන සත්වයාට සසර ගමනේ ප්‍රබල බලපෑම් ඇති කරන්නේ මිනිස් ලොවදීය. පෘථිවි උත්පත්තියේදී මොහු ක්‍රියා කරන්නේ තමා රැගෙන එන ජීවිතය අරමුණ මතයි. පෙර භවයේදී පුද්ගලයා ලබා ඇති අාධ්‍යාත්මික සංවර්ධනයත්, ඉදිරියට ලබා ගන්නා ප්‍රවීණතාවත් ඉතා යහපත් නම් විවිධ මානසික හැකියා වර්ධනය කර ගනියි. 


සංසාර පුරුදු සමග එන මතක සටහන් වඩාත් හුවා දක්වන ප්‍රචලිතම අවස්ථාව වනුයේ පෙර ආත්ම තොරතුරු පවසන කුඩා ළමුන්ය. මොවුන් සාමාන්‍ය ළමයින්ට වඩා බුද්ධිමත් සහ විචාරශීලී අය බවත්, මතකය සහ භාෂා කුසලතා අතින් ඉදිරියෙන් සිටින බවත් මහාචාර්ය හැරඩ්සන් පවසයි. 


දියුණු කළ මනසේ ප්‍රතිරාවය ඉදිරි භවය තුළින් දැකිය හැකි බව මෙයින් සනාථ වෙයි. ජීවිතයේ මුල් දසකයේදීම පූර්ව මතකය ඉවත්ව යන නමුදු කලාතුරකින් ඇතැමුන් තරුණ විය කරාද සිය ජීවිතය කාලය පුරාමද එම මතකය දරා සිටිති. සාමාත්‍ය මිනිසාට එය එසේ නොවීම ද අතිශය වාසනාවකි. 


එහෙත් සෑම පුද්ගලයෙකුගේම කැමැත්ත, පෞරුෂ ලක්ෂණ, දක්ෂතා, සෞඛ්‍ය, සමාජ මට්ටම යන සියලු දෙය පෙර භව අත්දැකීම්වලට අනුරූප වෙයි. ඕනෑම අයෙකුට තම ආත්මීය සංකල්පනාවන් ඔස්සේ යමින් පෙර භවයේ ස්වභාවය පිළිබඳ යන්තමින් හෝ නිමිත්තක් වඩවා ගැනීමට අවස්ථාව ඇත. එය තම බුද්ධි පරිමාණයේ හා විචාරාත්මක ප්‍රවීණත්වයේ ප්‍රමාණය අනුවය. වර්තමාන චර්යා රටාව ද ඉදිරි ආත්මභාවය කෙරෙහි බලපාන අන්දම බුදු දහමේ මනාව පැහැදිලි කර ඇත. 


මිනිසා පසිඳුරන් තුළින් ලෝකය සංජානනය කරයි. එය සම්මුති සත්‍යයක් පමණකි. එම පසිඳුරන්ගේ දැනුම අවිනිශ්චිත වන හා සාවද්‍ය බව ද ග්‍රීක දාර්ශනිකයකු වූ ප්ලේටෝ පවසයි. එම මතය ක්වොන්ටම් භෞතික විද්‍යාව තුළින් සනාථ වෙමින් අපූර්ව අත්දැකීම් මතු කරයි. පසිඳුරන්ට හෝ විද්‍යාත්මක උපකරණවලට හසු නොවන බොහෝ දේ විශ්වය තුළ සිදුවෙමින් පවතින බව කැලිපෝර්නියා සරසවියේ ප්‍රෙඩී ඇලන් නම් භෞතික විද්‍යාඥයා පවසයි. 


මිනිසා සතුව ඇති සවැනි ඉන්ද්‍රිය මගින් අද්‍රව්‍යමය සංසිද්ධීන්ගේ සත්‍යය ග්‍රහණය කළ හැකියි. ටිබෙට් ජාතික රම්පා නම් ලේඛකයාගේ තෙවැනි ඇස (The Third Eye) යන සංකල්පය කෘතියක් වශයෙන්ද ලොව ප්‍රකට විය. විෂ්මයජනක විඥානය මෙමගින්ද සනාථ විය. මෙම අධිමානසික ශක්තීන් සෑම මිනිසකු තුළම විවිධ මට්ටමින් ක්‍රියාත්මක වෙයි. වෙනත් බොහෝ සංකල්ප මෙන්ම පෙර ආත්ම සංකල්පනාවන්ද මෙමගින් විවෘත කරගත හැකියි. 


කිසිම ආකාරයකින් පූර්ණ විග්‍රහයකට බඳුන් කර නොගත හැකි විඥාන ධාරාව විශ්වයේ ඇති අතිප්‍රබල ශක්තියයි. එහි කම්පන රටාව අනුව තමාටම ආවේණික ආත්මීය අත්දැකීම් හසුකර ගන්නට අදාළ පුද්ගලයාට හැකි වෙයි. එය ඔහු හෝ ඇයගෙන් පරිබාහිර කිසිවකුටත් විග්‍රහ කිරීමට හෝ දැන ගැනීමට නොහැකිය. මෙහි පොදු සංසිද්ධිය ක්ටොන්ටම් භෞතික විද්‍යාවෙන් තරමක් දුරට පෙන්වා දෙන නමුදු එහි ඇති සංකීර්ණතාව නිසා ඉතා සූක්ෂම බැවින් වටහා ගැනීම අපහසු ය. 


නියුට්‍රෝනියානු භෞතික විද්‍යාවේ දැක්වූ පරමාණුවලින් අනතුරුව ඉතා කුඩා උප පරමානුක අංශුන් වෙතට යොමු වූ විට ඒවා චලනයවීම වෙනුවට විවිධ මට්ටම් අතර ක්වොන්ටම් පිම්මක් ජනිත වෙයි. මෙහි ඉලෙක්ටෝන ගැටීම නිසා ඒවා අතුරුදහන් වීමෙන් අවද්‍රව්‍යමය ස්වරූපයේ ක්‍රියාවලියක් සිදුවන බව ක්වොන්ටම් නියමයයි. මෙම ද්‍රව්‍යමය සංකල්පය විඥානයේ ක්‍රියාකාරිත්වයට පැහැදිලිව සැසඳීමට අධිමානසික ක්ෂේත්‍රයේ විද්‍යාඥයෝ උත්සාහ දරති. 


බොහෝ දෙනාගේ පෙර ආත්ම තොරතුරු විශ්ලේෂණය කර ඔවුන්ගේ කර්ම සහ කර්ම ඵල අතර බැඳීම් කඩා දමා ඔවුන් සුවපත් කළ “නිදන මුනිවරයා” නමින් හැඳින්වූ එඩ්ගා කේසි වැනි දුර්ලභ වූ දියුණු ආධ්‍යාත්මික පුද්ගල උපතක් ලැබීම ඉතා විරල වූවකි. අන්‍යයන්ගේ භව අතර සබඳතා දකින හෙතෙම, සමාධිගත චිත්ත ඒකාග්‍රතාවෙන් විසිතුරු සිතුවම් දුටුවේය. අතීන්ද්‍රීය තොරතුරු විනිවිද දකින පුද්ගලයා මනස සංයමයට පත් කරන්නේ මේ අන්දමිනි. 


මේ සඳහා සියල්ලට පෙර මානසික පසුබිම සන්සුන්කර ගැනීම අවශ්‍යය. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, අලසකම, සැකය, දැඩි ආශාව යන සියල්ල ක්‍රමානුකූලව සිතෙන් බැහැර කර ගැනීමෙන් මෛත්‍රිය, කරුණාව, මුදිතාව වඩවා ගැනීමත් ඉන් අනතුරුව භාවනා අරමුණක් ඔස්සේ සිත විවේකයට පත්කර ගැනීමත් නිසා චිත්ත සමාධිය වැඩීමට දැඩි සේ සිහිය සහ වීර්යය වඩාගත් ඕනෑම අයෙකුට විශ්වයේ විවිධ සත්‍ය තොරතුරු අනාවරණය කර ගත හැකිය. 


එහෙත් ඒ පූර්ණ විශ්ව ශක්තියම නොව එහි ඇතැම් ප්‍රභේදයන් පමණි. පුබ්බේ නිවාසානුස්මෘති ඥානය වඩවා ගත් මහා අභිඥාලාභීන් හැරුණු කොට සුළු වශයෙන් හෝ පෙර භව තොරතුරු පිළිබඳ හෝඩුවාවන් ලබා ගැනීමට ස්වයං මෝහන ක්‍රම ශිල්ප උපයෝගි කර ගැනේ. අවශ්‍ය අයෙකුට අන්‍යයන්ගේ සහාය නොමැතිව, මේ සඳහා කුමන ආගමකින් වුවද ආගමික භක්තිය, ශ්‍රද්ධාව මගින් යහපත් ප්‍රතිඵල ලබාගත හැකි බව සාමාන්‍ය අත්දැකීමකි. 


මෙය අධිමානසික විශේෂඥ වෛද්‍ය ලැරීගේ පර්යේෂණවලටද හසුවී ඇත. බුදු දහමේ පෙන්වා දෙන සියලු ප්‍රතිඵලදායී සමථ, විපස්සනා භාවනා ක්‍රම සහ අාධ්‍යාත්මික ගුණ වෙත බටහිර ලෝකයා වඩාත් නැඹුරු වෙමින් පවතින්නේ පොදු ඇත්දැකීම් මෙන්ම අධිමානසික පර්යේෂණවල ප්‍රතිඵල නිසාය. 


මිනිස් ලොව ජීවත්වීමද දුක ගෙන දෙන්නක් ම ය. සියල්ලන්ට ම එය එසේ වන්නේ මෙය අන්‍යොන්‍ය කර්ම ගනුදෙනුවක් වීමත්, ලෝක න්‍යාම ධර්මතා හා අටලෝ දහමට නතුවීමට සිදුවීමත් නිසා ය. එහෙත් යහපත් සිතුවිලි සමග මානසික ඒකාග්‍රතාව වෙත විඥානය ක්‍රියාත්මක වන අන්දම මායාවක් නොවේ. 


වර්තමානය තුළ ජීවත්වීම සහ අනාගත සිහින මාලිගා මැවීමෙන් වැළකීම අතීතය දැකීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයයි. අනාගත අවශ්‍යතා සැලසුම් කිරීම අනවශ්‍ය යයි මෙයින් අදහස් නොකෙරෙයි. දිනපතා නින්දට යන විට දිනය ආරම්භයේ සිට මනා සිහියෙන් ඉටු කරන ලද සියලු ක්‍රියාවන් ප්‍රතිලෝම ලෙස ආවර්ජනය කිරීම මගින්ද අතිශය ප්‍රතිඵලදායක ලෙස මනස හුරු කරවයි. විශේෂයෙන් මෙම දෛනික කටයුතු ඉතා යහපත් සිතුවිලි මත ගොඩනැගුණු ඒවා විය යුතුයි. 


සෑම භවයක්ම සදාකාලික නොවන අතර, වර්තමාන භවය ද ක්ෂණයක් පාසා වෙනස් වන බව සිතීම ජීවන තෘප්තිය සතුට සඳහා හොඳම ක්‍රමයයි. මෙහි සත්‍ය වැටහෙන්නේ හොඳින් සිතීමෙන් ආවර්ජනය කිරීමෙන් පමණි. 


නිතර භාවනාවේ යෙදී සිටින සමාධි මට්ටමක සිත පිහිටුවන මගේ මිතුරිය ගැන යළිත් ඔබට පවසමි. මීට පෙරද සඳහන් කළ පරිදි මගේ මිතුරිය ඇනා නම් වූවාය. මා ඔබට යමක් ලියන නිසා ඇය තම අත්දැකීම් මා සමග පවසන්නීය. එයද පෙර භව සංකල්පයකි. 


“මම දවසක් බසයෙන් ගමන් කරමින් සිටියා. එහි සිටියේ වැඩි වශයෙන් කාන්තාවන්.” 


ඇනා එලෙස සිය කතාව ඇරඹුවාය. 


“ඔවුන් වැඩි දෙනෙක් නිරතුරු සිතුවිලි පහළ කරමින් සිටින බවත් “මම” යන හැඟීමෙන් පසුවන බවත් මගේ සිතට නැගුණා.” 


ඇය යළිත් කතාවට පිවිසුණාය. 


මම ඇගේ වදනින්ම ඔබට ඉතිරි කොටස විස්තර කරමි. 


“එයට දින දෙකකට පසු මා සමාධි සුවයෙන් පසුවුණා. හරිම අපූරු දර්ශනයක් මම දුටුවා. ඒක හරියට රූපවාහිනී දර්ශනයක මොහොතින් මොහොත මැකී, නැවත මතුවන දර්ශන පේලියක් වගේමයි. 


ඉතිරි කොටස ගැන මම යුහුසුලු වීමි. ඇය එය ද විස්තර කරනුයේ මේ අන්දමිනි. 


“ගවුම් හැඳ සිටි කාන්තාවන්ගේ රුව විවිධ ස්වරූපයෙන් එකිනෙකා මැකී යමින් මා දුටුවා. එක් එක් රුව වේගයෙන් මැකී ගියා. අවසානයේ තවත් රුවක් සාරියකින් සැරසී පිටුපස හැරී සිටියා. ඇය විරූපී බව මට හොඳට පෙනුණා. 


“ඇයි එහෙම දර්ශනය වුණේ?” මම ඇසීමි. 


“ඒ හතර දෙනාම මම බව මට හොඳටම දැනුණා. ඒ මගේ මිට පෙර ආත්ම හතරක් බව මට හොඳින්ම අවබෝධ වුණා.” 


ඇයට එම දර්ශනය ආවේ පෙර දිනකදී වූ සිතුවිල්ල ඔස්සේය. එය එසේ වන බව ඇය අවධාරණය කරන්නීය. මෙය සිදු කරන ලද්දේ ඇගේ සුපිරි විඥානය විසිනි. අසිරිමත් දෙය දැක ගන්නේ ඒකාග්‍ර මනසයි. සිතුවිල්ලක් හදිසියේ මතුවන විට එය ක්වොන්ටම් පරාසය තුළ දෝලනය වන නිසා මෙය ඒකාග්‍ර මනස විසින් මතු කර දුන් ඵලදායී අවස්ථාවකි. 
චිත්ත තරංග තීව්‍රතා මට්ටමකට පත් කළ හැකි භාවනාමය ක්‍රම ශිල්ප බොහෝ ඇත. රාත්‍රී නින්දට පෙර දෛනික කටයුතු ප්‍රතිලෝම ලෙස ආවර්ජනය කර චිත්‍ර නේත්‍රයට හසුවන සිද්ධි පරීක්ෂාවට බඳුන් කිරීමෙන් මෙය අත්හදා බැලීම කළ හැකිය. එහෙත් ඒවා යහපත් චර්යාමය ලක්ෂණ පෙන්නුම් කරන උත්තම මිනුම් ධාරාවට හසු විය යුතුයි. ඒවා අගය කිරීම, විවේචනයට ලක්කිරීම වැදගත්ය. 


මෙවන් අවස්ථාවලදී ලොව සිදුවන සසම්භාවී ප්‍රාතිහාර්යයන්ද මනැසට සුසර කර ගැනීමට හැකි වෙයි. ඉහත ක්‍රියාදාමයෙන් පෙනී යන්නේ විඥානය විසින් යහපත් සිතුවිලි ග්‍රහණය කරමින් සිත සමාධිගත වීමේ බල මහිමයයි. 

 


අධ්‍යාපනවේදී 
චන්ද්‍ර වික්‍රමාරච්චි බණ්ඩාර



අදහස් (0)

අසාමාන්‍ය බුද්ධිමතුන් බිහි​ෙවන්නේ පෙර ආත්මයේ මතකයත් එක්කද?

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site