IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


අලුත් අවුරුදු සමයේ රවිගේ බලපෑම

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා (රවි) මේෂ රාශිගතවීම ඔබට බලපාන හැටි සලකා බලමු.  


2019 අප්‍රේල් මස 14 වැනි ඉරිදා හිරු හෙවත් රවි මීන රාශියෙන් මේෂ රාශියට පස්වරු 02.09 ට පැමිණ මේෂ රාශියේ මැයි මස 15 වැනි බදාදා දවල් 11-01 දක්වා ගමන් ගනී.  


ග්‍රහ මණ්ඩලයේ මූලිකයා සේම ලොව පියා ලෙස සැලකෙන රවි ග්‍රහයා ලෝකයාට එළිය ප්‍රාණය උෂ්ණය ආකර්ෂණය ජීවය ගෙන දෙයි. රවිගේ බල දිසාව දකුණය. පාප පුරුෂ ග්‍රහයෙකු ලෙස සැලකෙන රවි කේන්ද්‍ර හිමියාට ශරීර ශක්තිය ආත්ම බලය ධාරණ ශක්තිය ප්‍රසිද්ධිය ගෞරවය කීර්තිය දෙයි.  රජවරුන්ට රජයේ උසස් අයට රවි බලවත්ය. රවි උෂ්ණ වුවත් කුජ (අඟහරු) මෙන් සැර පරුෂ නොවේ. හිරුගේ රෂ්මිය සඳු පිට වැටීමෙන් සිසිල් බවක් දනවයි. උසස් තනතුරු දෙන්නේත්, තනතුරු වලින් පහ කරන්නේත් රවිමයි. රවි බලවත්ව සිටී නම් ආත්ම ගෞරවය ඇති අයකු වෙයි. රවි දුබලව නම් බොරු අහංකාර අයෙකු වෙයි චපල ගති ඇති අයකු වන්නේය.  


රවි ග්‍රහයාට මේෂ රාශිය උච්ච වන අතර සිංහ රාශිය ස්වක්ෂේත්‍රවෙයි. කටක, වෘශ්චික, ධනු, මීන, යන රාශි 04 මිත්‍ර වෙයි. වෘෂභ, මකර, කුම්භ රාශි තුන සතුරුයි. තුලා රාශිය නීචය. මිථුන සහ කන්‍යා රාශි සමයි.  


රවි ග්‍රහයා මේෂ රාශිගතව උච්ච බලය ලැබීමෙන් මයුරපාල  යෝගය යෙදෙයි. මෙම යෝගය ඉතා බලවත්ය. මේෂ රාශිගතවූ රවිගෙන් ජන්මියාට තේජවන්ත පෙනුමක් ගෙනදෙයි. රජයේ උසස් නිලතල මැති ඇමැති තනතුරු ලබාදෙයි. වාහන ඉඩම්කඩම් දේපළ ආදියෙන්ද අඩුවක් නැත. නිරෝගීකම ක්‍රියාශූරත්වය ඇති වේ. දීර්ඝායුෂ ලබයි. අන්‍යයන් පාලනය කිරීමට හැකියාව ඇත. ගවේෂකයකු හෝ දේශ සංචාරකයෙකු වෙයි. යුද්ධ සේනාපති තනතුරුවලට ද ශුභයි. වර්ෂයේ අප්‍රේල් 14 ත් මැයි 14 ත් උපන් අයගේ කේන්ද්‍ර සටහනේ රවි ග්‍රහයා මේෂ රාශියේ ගමන් කරයි.  


රවිට සිටින රාශිය ස්වක්ෂේත්‍රවෙයි. වර්ෂයේ අගෝස්තු මැද සිට සැප්තැම්බර් මැද දක්වා උපන් අයට රවි ස්වක්ෂේත්‍රගතවෙයි. මෙම ග්‍රහ පිහිටීමෙන් උපේන්ද්‍ර යෝගය යෙදෙයි. ආත්ම ගෞරවය ශුභ සැලකීමක් වෙයි. වගකියයුතු තනතුරු වල ප්‍රධානත්වය ලබයි. හිතන දේ කිරීමට පසුබට නොවේ. හිතින් හා ක්‍රියාවෙන්ද උසස්ය.  


කරුණාවන්තයි. ක්‍රීඩා, ව්‍යායාම් වලට දක්ෂයි. දීර්ඝායුෂ ලබයි. ස්ත්‍රී කේන්ද්‍රයක රවි සිංහ රාශි ගතව සිටීම ඉතා වාසනාවන්තයි. යහපත් විවාහයක් කරගනී. වාසනාවන්ත පුත්තු ලබයි.  


අප්‍රේල් මස 14 සිදුවන රවි මාරුව ඔබේ ලග්නයට බලපාන්නේ මෙසේය.  


මේෂ ලග්නය  


පස්වැන්න අධිපති රවි ග්‍රහයා ලග්නගතව (01) සිටීමෙන් මොනම දේකටවත් පසුබට නොවේ. වැඩ කටයුතු වලට දක්ෂයි. ඕනෑම වැඩක් පළපුරුදු අයකු ලෙස කිරීමට දක්ෂයි. ප්‍රධානත්වය පතාම කටයුතු කරයි. අන් අයට යටත් වීමට කැමති නැතත් අනුන්ට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වෙයි. ආයුෂ බල වැඩී. උපතේදී රවි මේෂ රාශිගතව සිටී නම් බොහෝ කලක් ජීවත් විය හැකිය. කවුරුන් හෝ වරදක් කළ විට එය හොඳින් සිතේ තබාගෙන ඊට නිසි දඬුවම් දීමට පසුබට වන්නේ නැත. පීනස්, සෙම් රෝග ඇතිවිය හැකිය.  


වෘෂභ ලග්නය  


12 වැන්න අධිපති රවි 12 වැන්නේ සිටීමෙන් උසස් තත්ත්වයක් ලබාගැනීමට ආශා කරයි. තිබෙනවාට වඩා පෙන්වයි. ධනය දේපළ ලබාගැනීමට උත්සාහ දරයි. ධනය ඇති සහකරුවකු හෝ සහකාරියක සමග විවාහය සිදු කරගනී. රටතොට ගැන දැනුම අවබෝධය ලබයි. විදේශ ගමන් වුව යෙදෙයි. නිවාස ලාබ ලබයි. නිරෝගී වෙයි. ප්‍රසිද්ධියට හා ගෞරවයට පත්වෙයි. මුදල් ගනුදෙනුවලදී සැලකිලිමත්වෙයි. ගම් ප්‍රදේශයෙන් පිටව ගොස් කටයුතු කරගනී. අන්‍යයන් වෙනුවෙන් කටයුතු කරයි.  


මිථුන ලග්නය  


රවි 11 වැන්නේ ගමන් කිරීම ඔබට ඉතා ශුභයි. ලෙඩ දුක් දෝෂ වලින් මිදෙයි. අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින අයට ඉතාශුභයි. උසස් අධ්‍යාපනයට යොමු වේ. ආදායම් තත්ත්වය යහපත්ය. රජයේ උසස් අයගෙන් ආධාර උපකාර ලබයි. පියාට ශුභයි. ආලය ප්‍රේමය කටයුතු කෙරෙහි සිත් යොමු වේ. ප්‍රධානත්වය ලබාගැනීමට බලවත් උත්සාහයක් දරයි. මිත්‍රයන් ගෙන් උදව් උපකාර ලැබේ. ගුණයහපත් බවින් යුක්තය. ගමන් බිමන් අධිකයි. පවුලේ උගතා ලෙස කටයුතු කරයි. දෙවැනි විවාහයක් කරගනී.  


කටක ලග්නය  


කටක ලග්න හිමියන්ට රවි 10 වැන්නේ ගමන් කිරීම ඉතා වාසනාවන්තයි. ආත්ම ශක්තියෙන් දියුණුයි. උසස් කාය බලයක් හා චිත්ත බලයක් පිහිටයි. දියුණු උගත් බුද්ධිමත් අය ආශ්‍රයට ලැබේ. රජයේ හෝ විශාල ආයතනයක උසස් රැකියා ලබයි. රැකියා නැති අයට රවි 10 සිටීමෙන් රැකියා ලාබ ලැබීමට වාසනාව ඇත. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන්නේ නැත. ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින අයට ශුභ කාලයකි. කිසිවෙකුට යටත් පාත් බවක් අඟවන්නේ නැත.  


සිංහ ලග්නය  


ඔබේ ලග්නාධිපති රවි ග්‍රහයා 09 වැන්නේ ගමන්කරයි. ජීවිතයේ උසස් තත්ත්වයක් හිමිකර ගනී. කොයි ලෙසකින්වත් පිරිහීමක් සිදුනොවේ. වගකිය යුතු තනතුරු දරයි. ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කරයි. ප්‍රතිපත්තිගරුකය. විදේශ ගමන් පවා යෙදේ. කරුණාවන්තයි. අනුකම්පා සහගතයි. ක්‍රීඩාවලට කැමතියි. සමාජයේ වික්‍රම වැඩ කරයි. පියාට ඉතා ශුභයි. ඔහුගෙන් ධනය දේපළ ලබයි. දීර්ඝායුෂ ලබයි. අවිවාහකයින්ට එඩිතර සහකාරියක සහකරුවකු ලැබේ. දරුවන්ද වාසනාවන්තයි.  


කන්‍යා ලග්නය  


රවි 08 වැන්නේ උච්ච බලයෙන් සිටීම නිසා හදිසි දියුණුවකට පත්වේ. මින් අවිනිශ්චිත බලයක් දනවයි. නොපෙනෙන විදියේ බලයක් ඇතිකර ගනී. පූර්ව කරන ලද කර්මඵල මතුවෙයි. තමාට යම් කිසි විදියකින් පාඩුවක් සිදුවී නම් සිදුවූ පාඩුවට වඩා හදිසි ලාබයක්ද අත්වෙයි. සාහිත්‍ය ශාස්ත්‍රීය කටයුතු වල යෙදී සිටින අයට යහපත්ය. පියාට එතරම් ශුභ නැත. හිතුවක්කාර අදහස් ඇතිවෙයි. ඕනෑම අමාරු දෙයක් වුවත් කිරීමට බාරගනී. ප්‍රේම සබඳතා වලින් සිතට දුක් දෙයි. වගකීම් බාර ගැනීමට කැමැති නැත. දේවාශිර්වාදය ලබයි.  


තුලා ලග්නය  


07 වැන්නේ රවි ග්‍රහයා ගමන් කරන නිසා වැඩට ශූරයි. නිතර අලුත් දෙයක් සමාජයට ඉදිරිපත් කර ඉන් කීර්තිය ගෞරවය ලබයි. අන්‍යයන් තමාගේ අදහස් වලට අවනත කරවා ගැනීමට උත්සාහ දරයි. තරමක ඒකාධිපති බලයක් පෙන්වයි. විවාහ සහකරු සහකාරිය බලවත් අයෙකි. කිසිවෙකුට යටත්වීමට කැමැති නැත. එහෙත් සාමයට සමාදානයට කැමැතියි. ස්ත්‍රීන් පුරුෂ සංගම්වලටත් පුරුෂයින් ස්ත්‍රී සංගම්වලටත් කැමැතිය. අවිවාහකයින්ට විවාහය ඉක්මන් වීමට පුළුවනි. සහෝදර සම්බන්ධතා රැකගනී.  


වෘශ්චික ලග්නය  


06 වැන්නේ ගමන් කරන රවි ඔබට ශුභ ඵල උදාකරයි. පාලන කටයුතු වලට දක්ෂයි. රූපය ලස්සන වෙයි. ධෛර්ය උත්සාහය පවතී. තමාගේ හැකියාව ගැන ආඩම්බර වෙයි. ඇතැම් වැඩ කටයුතු සිතාමතාම පැහැර හරී. හදිසි ලෙඩ රෝග වැලඳිය හැකිය. තුවාල අනතුරු වලට ලක්වීමට පුළුවනි. පවුල් ජීවිතයේ අවුල් ඇතිවිය හැකිය. වැඩිමහල් දරුවාට තරමක් අපල යෙදේ. ආඥාදායකයෙකු ලෙස කටයුතු කරයි අන්‍යයන් යටතේ වැඩ කිරීමට කැමැති නැත. සහෝදරාදීන් හා මාමාවරුන් සමග අමනාප වෙයි.  


ධනු ලග්නය  


05 වැන්න කුජ හිමි මේෂ රාශියේ රවි සිටීමෙන් උච්ච බලය හා ත්‍රිකෝණ බලය ලබයි. ශරීර ශක්තිය හොඳයි. ඉගනීම් කටයුතුවල යෙදී සිටින අයට යහපත් කාලයකි. හොඳ කල්ක්‍රියාවෙන් යුක්තය. නීතිගරුකය. ශාස්ත්‍රීය අංශයන් මෙන්ම ශිල්පීය අංශයද දක්ෂතා දක්වයි. රවි 05 සිටීම රාජ යෝගයක් නිසා රජයේ උසස් තනතුරු දැරීමට වාසනාව ඇත. ආරක්ෂක අංශවල සේවාවන්ටද යහපත්ය. බාධක වැඩගෙන ඉදිරියට යාමේ ශක්තිය ඇත. පියාට ඉතා හිතවත්ය. සත්‍යවාදී වෙයි. පුත්‍රලාබ ලබයි.  


මකර ලග්නය  


රවි ග්‍රහයා සිව් වැන්නේ ගමන් කරන නිසා ආත්ම විශ්වාසයක් ඇතිව කටයුතු කරයි. ලෞකික ආශාවන් වැඩී. දේපළ රැස්කර ගැනීමට කැමැත්ත දක්වයි. අනුකම්පා සහගත නැත. අත්තනෝමතික අහංකාර ස්වභාවයක් පවතී. ඥාතීන්ගෙන් වැඩි කොටසක් අමනාප වෙයි. මිත්‍රයන් අඩුයි. විශාල ආයතනයක හෝ රජයේ ආයතනයක ප්‍රධානත්වය ලබයි. ආත්මාර්ථකාමී වෙයි. දරුණු රෝග විපත්තිවලට භාජනය විය හැකිය. විවාහ ජීවිතයේ අවුලක් ඇතිවේ. සහකරුට හෝ සහකාරියට රෝග පීඩා වැලඳිය හැකිය.  


කුම්භ ලග්නය  


03 වැන්නේ රවි ගමන් කරන නිසා එඩිතරකම කඩිසර කම අහංකාර කම ඇති කරයි. තම මතයටම කටයුතු කරයි. කැපී පෙනී සිටීමට මුල් තැන ගැනීමට කැමතියි. වැඩ කිරීමට සේම වැඩ ගැනීමටද දක්ෂයි. දේශපාලන සමාජ සේවා කටයුතු වලට යොමුවෙයි. උසස් ජීවිතයක් ගත කළ හැකිය. විශ්වාසවන්තයි. රැවටිලි ප්‍රයෝග නොකරයි. තමාට වඩා ප්‍රසිද්ධියක් තත්ත්වයක් ඇති සහකරුවකු සහකාරියක විවාහයට ලැබේ. විවාහ ජීවිතය කරදර සහිතයි. ආයුෂ බල වැඩී ඉගෙන ගන්නා අයට යහපත්ය. රෝග පීඩා අඩුය.  


මීන ලග්නය  


ඇස්වල ආබාධ හටගනී. (රවි 02 ගමන් නිසා) තමාගේ වැඩ කටයුතු අමතක කර අන් අයගේ වැඩවලට මැදිහත් වෙයි. කථාව ඇතැම් උදවියට ප්‍රිය නැත. හම්බ කිරීමට දක්ෂ වුවත් ඉතිරියක් නැත. ස්ථාන මාරුවීම් සිදුවෙයි. අන් අයගේ බහට නැමෙයි. වැඩ කටයුතු වරින් වර වෙනස් කරයි. පවුලේ උදවිය සමග විරුද්ධකම් ඇතිකරගනී. අහංකාරයි. ශරීර ශක්තිය දුර්වලයි. රෝග බෝවීම පහසුවෙන් සිදුවෙයි. ආත්ම ශක්තිය අඩුයි. තමාගේ දියුණුවට සහෝදරයෙකුගේ ආධාරය ලැබේ.  

 

 


මීරිගම විදුහල මාවතේ 
ආර්.ඇම්.ටී.බී. රත්නායක  
ජ්‍යොතිර්වේදී කලාභූෂණ සාම විනිසුරු   



අදහස් (0)

අලුත් අවුරුදු සමයේ රවිගේ බලපෑම

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10915 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6207 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5924 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5238 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3231 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1703 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site