IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


වල් අලි කොට්ටුකච්චිය කුඹුරු වනසයි


 
හිරාන් ප්‍රියංකර ජයසිංහ  
 
කොට්ටුකච්චියේ කුඹුරු වල් අලි රංචු පිටින් කඩා වැදි වනසමින් ඇති බව ගොවීහු වේදනාවෙන් පවසති.


පැවති නියඟය හේතුවෙන්  වසර තුනකට වැඩි කාලයක් කන්න හයක් නොකඩවා වගාකර ගැනීමට නොහැකිව සිටි ගොවින්ට  නියඟය නිමා කරමින් ලැබුණු මහ වැස්සත් සමඟ වැව පිරි යාමෙන් පසුව මෙවර  යල කන්නයේ දැඩි වෙහෙසකින් යුතුව වගා කළ කුඹුරු රාත්‍රීයේ කඩා වදින වල් අලි රංචු පිටින් වනසා දමමින් සිටින බව ගොවියෝ කියති.


කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ජලාශ වලින් ලැබෙන ජලයෙන් මෙවර අක්කර 500 කට වැඩි කුඹුරු යායක් වගා කර ඇති අතර එයින් අක්කර 50 කට ආසන්න කුඹුරු ප්‍රමාණයක් විටින් විට කඩා වදින  වල් අලි විනාශ කර ඇති බව ගොවින් කියයි. 


ගොවින් චෝදනා කරන්නේ මේ දිනවල ක්‍රියාත්මක වල් අලි පලවා හැරිම් වලින් එලවා දමන  වල් අලි රංචු මෙසේ රාත්‍රී කාලයේ තම කුඹුරු වනසන බවයි. තමන් සහ තම අඹු දරුවන්ගේ කුස ගින්න නිවා දැමීමට දහවලේ රැකියාවේ යෙදී නැවත රාත්‍රීයේ කුඹුරු ආරක්ෂා කර ගැනීමට නිදි වර්ජිතව සිටිමට සිදුවී ඇති බව ගොවීහු පවසති. 
  



අදහස් (1)

වල් අලි කොට්ටුකච්චිය කුඹුරු වනසයි

nirupa Monday, 30 July 2018 07:36 AM

කරුණාකර මේ අයට නාලාගිරි පිරිත කියන්න කියල දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 290 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site