IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


වැලිහේනේ සුනඛයින්ට එන්නත් විදලා

( ප්‍රසාද් මුතුකඩ )

නුගේගොඩ පෞද්ගලික  සත්ත්ව රෝහලක ගිලන් රථයකින් පැමිණි විදේශිය කාන්තාවන්  දෙදෙනකු  ඇතුළු කණ්ඩායමක් සැක කටයුතු අයුරින් කොච්චිකඩේ  වැලිහේන ප්‍රදේශයේ සුනඛයින්ට  එන්නත් කරමින් හා රුධිරය ලබාගත් බවට වාර්තා විය.

ලැබුණ තොරතුරක් මත  එහි ගිය මාධ්‍යවේදියකු එම සිද්ධිය   ජංගම දුරකථනයෙන්  වීඩියෝ කර ඇති අතර ඔහු කළ විමසීමකදී එක් පුද්ගලයකු පවසා ඇත්තේ තමන්  කටාන සෞඛ්‍ය කාර්යාලයේ බවත්  ජළභීතිකාව සඳහා සුනඛයින් ට එන්නත් කිරීමට පැමිණි බවත් ය.

ඒ පිළිබඳව විඩියෝ කිරීම තහනම් බව පවසමින් මාධ්‍යවේදියාට බාධා කර සුනඛයින්  දෙදෙනකු  කූඩුවක් නොමැතිවම ගිලන්රථයට දමා ගෙන ඔවුන් කඩිනමින්  එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

සුනඛ ප්‍රතිකාර කටයුත්තක්  සදහා මීගමුව කොච්චිකඩේ වැලිහේන  ප්‍රදේශයට පැමිණි   පිරිස පිළිබදව  තමන් ඇතුළු මහජන සෞඛ්‍ය  නිලධාරින්  දැනුවත් වී නොමැති බව කටාන  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සුරේනි හපුආරච්චි මහත්මිය පැවසුවාය.

එවැනි කටයුත්තක් තම ප්‍රදේශයේ සිදුවන්නේ නම්  කොළඔ පළාත් සේවා සෞඛ්‍ය  අධ්‍යක්ෂ  කාර්යාලය  ගම්පහ  කාර්යාලයට ඒ ගැන දන්වන බවත්  ඉන්පසුව පළාතේ මහජන  සෞඛ්‍ය පරික්ෂකවරුන් හරහා සම්බන්ධීකරනය කෙරෙන බවත්  ඒ මහත්මිය කීවාය.

මෙය අවසරයකින් තොරව කරන ලද්දක් බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.



අදහස් (5)

වැලිහේනේ සුනඛයින්ට එන්නත් විදලා

Sirrah Thursday, 14 September 2017 12:36 PM

විදේශිය කුමන්ත්‍රණයක් දැන් සිදුවන්නේ නොදන්නා අලුත් ලෙඩ බල්ලෝ හරහා බෝවී සිංහල මිනිස්සු මරණයට යාමයි. සිංහල මිනිස්සු සුළු ජාතියක් වෙනවා.

:       347       2

aravinda Thursday, 14 September 2017 04:24 PM

ජළභීතිකාව සඳහා සුනඛයින් ට එන්නත් කිරීම, කව්රු කලත් හොඳ දෙයක්.

:       3       95

Ajith Thursday, 14 September 2017 09:09 PM

මානව හිමිකම් කඩකිරීමක් .

:       1       16

akila Friday, 15 September 2017 03:39 AM

මොකට කලාද කියල දන්නේ නැහැ , හැබයි ඕන විදේශිකයෙක් ට ඕන ජරා වැඩක් කරන්න උදව් කරන්න ( සල්ලිවලට ) ලංකවේ අය නම් ඕනේ තරම් ඉන්නවා.

:       2       12

sampath Friday, 15 September 2017 11:12 AM

සුළු ජාති මහා ජාති සීන් එකක් නෙමේ. ටෙස්ටින් වලට ආරක්ෂාවක් නැති දුප්පත් රටවල් තෝරාගන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site