(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ නගරයේ වළගම්බා පෙදෙසෙහි මාර්ගයක අතහැර දමාගොස් තිබුණු ජීව උණ්ඩ 07ක් සොයාගත් බව මාතලේ පොලිසිය කියයි .
අද (27) දින පෙරවරු 11.00ට පමණ මෙම ජීව උණ්ඩ මාර්ගයේ තිබෙන අයුරු දුටු පුද්ගලයෙකු පොලිසිය දැනුවත් කර ඇත. එම ජීව උණ්ඩ රිවෝල්වර සඳහා භාවිතා කරන ජීව උණ්ඩ විය හැකි බව පොලිසිය කියයි. මේ වනවිට එම ප්‍රදේශයේ සෝදිසි කටයුතු සිදුකරන බව මාතලේ පොලිසිය සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd