IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඉඩම් පනත සභාවට යොමු නොකිරීම ගැන ඌව මහ ඇමැතිගේ විරෝධය

(විජේරත්න රත්නායක)

අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ඉඩම් පනත පිළිබඳව ඌව පළාත් සභාවේ අදහස් විමසීම පිණිස එය ඌව පළාත් සභාව වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා අද  (11) සිය විරෝධතාවය පළ කළේය.

අද පැවැති ඌව පළාත් සභා මාසික රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට යම් පනතක් ඉදිරිපත් කිරීමට පෙර එය පළාත් සභාවලට යොමුකර ඒ සඳහා පළාත් සභාවල අනුමැතිය ලබාගත යුතුයැයිද ඉඩම් බලතල ඇත්තේ පළාත් සභාවලට බැවින් මේ වන විට ලංකාවේ මහජන නියෝජිතයින්ගෙන් සමන්විත එකම පළාත් සභාව වන ඌව පළාත් සභාවේ එකඟතාවය යෝජිත ඉඩම් පනත සඳහා ලබාගත යුතුව ඇතැයිද පෙන්වා දුන්නේය.

මීට පෙරද එසේ වූ අතර පළාත් සභාවලින් විමසීම අත්‍යවශ්‍ය නොවන සමෘද්ධියට අදාළ පනත් වැනි සෑම පනතක්ම පළාත් සභාවල අනුමැතියට යොමුකළ නමුත් මෙවන් වැදගත් පනතක් පළාත් සභාවල යෝජනා සම්මත කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට යාම ඉදිරියේදී ගැටළුවක් විය හැකි බව ද ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පැවැසීය.

යම් පුද්ගලයෙකු හෝ මීට එරෙහිව අධිකරණයට යාමේ හැකියාවක් වුව පවතින බවද එබැවින් යෝජිත ඉඩම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මේ වන විට බලයේ පවතින එකම පළාත් සභාව ලෙස ඌව පළාත් සභාවේ සම්මත විය යුතු බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.



අදහස් (0)

ඉඩම් පනත සභාවට යොමු නොකිරීම ගැන ඌව මහ ඇමැතිගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site