IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


අ’පුර නගරාධිපතිට ඇප දීමේ නියෝගය අනිද්දා

(උපාලි ආනන්ද)

නිවසකට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපල වලට අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින අනුරාධපුර නගරාධිපතිවරයා ඇප මත මුදා හරින්නේද නැද්ද යන නියෝගය අනිද්දා (10) ලබාදීමට උතුරු මැද පළාත් මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (08) නියෝග කළේය.

මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයාට සහ තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් විරෝධතා ගොනු කරන ලෙසත් නියෝග කෙරිණි.

තඹුත්තේගම මහේස්ත‍්‍රාත්වරියගේ නියෝගයකට අනුව දැනට රිමාන්ඞ් කර සිටින අනුරාධපුර නගරාධිපතිවරයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලමින් අනුරාධපුර මහ නගර  සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී නලීන් සිරිවර්ධන මහතා නීතිඥ කාලිංග රවින්ද්‍ර මහතා මගින් මහාධිකරණයට ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝග කරනු ලැබීය.



අදහස් (0)

අ’පුර නගරාධිපතිට ඇප දීමේ නියෝගය අනිද්දා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 789 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site