IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හැඳුනුම්පත් මුද්‍රණ කාඩ්පත් අවසන් වෙයි

(ඩයනා උදයංගනී)

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත් අවසන් වීම හේතුවෙන් හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන්නන් සදහා වෙනත් තාවකාලික සහතිකයක් ලබාදීමට සිදුව ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
 
මේ හේතුවෙන් ලබන දෙසැම්බරයේ පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් වෙනුවට හැඳුනුම්පත් අංකය, ඡායාරූපය සහිත වෙනත් සහතිකයක් ලබාදීමට එම දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇතැයි එහි ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
 
සාමාන්‍ය පෙළ විභාගය සඳහා හැඳුනුම්පත් අයදුම් කර ඇති බොහෝ දෙනෙකුට මේ වන විට මෙම සහතික සකස් කරමින් තිබෙන බවත්, තවත් 60,000කට පමණ ඒවා නිකුත් කිරීමට නියමිතව ඇති බවත් එම ප‍්‍රකාශකයා කීවේය.
 
එමෙන්ම එළඹෙන මැතිවරණය හා විවිධ හේතු මත අලූතෙන් හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණෙන්නන් සදහා ද මෙම සහතිකයම නිකුත් කෙරෙන බව එම ප‍්‍රකාශකයා සදහන් කළේය.කාඞ්පත් ආනයනය කිරීම පමාවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව ඇතැයිද දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයා පැවසීය.
 
විශේෂයෙන්ම අ.පො.ස සාමාන්‍ය පෙළ සිසුන්ට හැඳුනුම්පත් සකස් කිරීමේ අවශ්‍යතාවය සෑම වසරකම මතුවන බැවින් අවශ්‍ය කාඩ්පත් ප‍්‍රමාණය මෙම කාලයේදී ආනයනය කරවීමට දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් මෙන්ම රජයේ අදාළ අංශ ද පියවර ගත යුතු වුවත් මෙවර එසේ නොවීමෙන් මෙවැනි ගැටලුවක් මතුව තිබෙන බව වාර්තා වේ.

හඳුනාගැනීමේ තාවකාලික සහතික ලබාදී ඇති අයට හැඳුනුම්පත් මුද්‍රණය කරන කාඩ්පත් ලැබුණු සැණින් හැඳුනුම්පත් සකස් කර තැපෑලෙන් යැවීමට දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් කටයුතු යොදා ඇතැයි ද ප‍්‍රකාශකයා පැවසුවේය.



අදහස් (8)

හැඳුනුම්පත් මුද්‍රණ කාඩ්පත් අවසන් වෙයි

අමා Wednesday, 23 October 2019 03:02 PM

තෙල් නැව එනකන් පෝලිම්වල හිටියා. දැන් කාඩ්පත එනකන් පෝලිමේ ඉන්නවා. මොකක්ද මේ පාණ්ඩුව...?

:       62       1226

chithraananada Wednesday, 23 October 2019 11:53 PM

දේශපාලකයා විතරක් මේකට වගකියන්න ඕනද? අදාල රාජ්‍ය සේවකයන් මෙයට වගකිව යුතු නැතිද?

:       0       40

saliyaThursday, 24 October 2019 03:39 AM

මේක වුනේ දැනට මේවා සපයන සැපයුම්කරු වෙනුවට නව සැපයුම් කරුවෙක් මගින් එකක් දෙගුණයක සමානමිලට මිලදී ගැනීමට ඇමති අනුමැතිය දීමයි. කලින් සැපයුම් කරු ඒකට නඩු දමා තියෙන්නේ..

:       0       43

JagathThursday, 24 October 2019 12:29 AM

හරිම අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් මුළු රටටම බලපාන මෙවැනි කාරණා ගැන වගකිව යුතු ප්‍රධානීන් සොයා ඔවුන්ට විරුද්ධව විනය පියවර ගත යුතුයි..

:       0       44

de silva Wednesday, 23 October 2019 10:58 PM

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය පුද්ගල හැදුනුම්පත් නිකුත් කිරීම. එකවත් කලට වෙලාවට කරගන්න බැරිනම් කොමසාරිස් අස්කරන්න ඕනේ , හැදුනුම්පත් මුද්‍රණය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය වත් කලට වෙලාවට ඇනවුම් කරන්න බැරිනම් , මොහුට වැටුප් , දීමනා සහ නිලතල දෙමින් තියාගන්න එකේ තේරුමක් තියෙනවද ?

:       0       95

San80Thursday, 24 October 2019 03:49 AM

100% ක් එකඟයි..

:       0       1

sharm warn Thursday, 24 October 2019 03:25 AM

මේ ආයතනයේ වැඩ කරන අයගේ ගෙවල් වල කෑම බීමත් ඉවර වෙලා කට්ටිය බඩගින්නේ ඉදලා හාමත් වෙලා ද අලුතෙන් බඩු ගන්නේ ?? කොමසාරිස් කියන්නේ මොකට පත් කරපු කෙනෙක් ද ???

:       0       3

Uditha - Loindon Thursday, 24 October 2019 04:09 AM

මොන ලැජ්ජ නැති රටක්ද අම්මපා..? මේ වගේ දේවල් රටකට මහ ලොකු ප්‍රශ්නද? මොනවද මේ ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න..? ඕවා ඉවර වෙන්න කලින් අඩුම තරමේ මාස 6කට කලින්වත් දැනුවත් වෙන්න ඕනෑනේ... අලුතින් ඇණවුම් කරන්න හරි, හදන්න හරි.. ඔක්කොම ඉවර වෙනකන් ඒවා තව මහා ලොකුවටත් දානවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 183 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site