(ඩබ්. ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලකට නැග ඊයේ(23) පස්වරුවේ සිට අද(24) දක්වා විරෝධතාවයක යෙදි සිටී.
මෙසේ විරෝධතාවයේ යෙදී සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හතමුණ බුබුල කලාපය භාර රවින්ද්‍ර ලක්මල් බණ්ඩාර නැමැති මන්ත්‍රීවරයායි.
එම මන්ත්‍රීවරයා මෙසේ කීය.
“මම හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවට 2018 පොදුජන පෙරමුණෙන් තරග කරලා හතමුන බුබුල කලාපය භාර මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළා. පොළොන්නරුවේ රොෂාන් රණසිංහ කියන රාජ්‍ය අමාත්‍යවරයා හිටි ගමන් වෙනත් කාන්තාවක් එම ප්‍රදේශය භාර නියොජිතවරිය ලෙස පත් කරලා. මම තරයේම ඊට විරුද්ධයි. මමයි ඡන්දයෙන් පත් වු මන්ත්‍රීවරයා. මාව කොහොමද අයින් කරන්නේ? අපි සිරිපාල ගම්ලත් මහතා සමග කටයුතු කරනවාට තරහටයි රොෂාන් රණසිංහ මහතා මේ දේ කළේ. මාගේ කලාපයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ගමේ ජනතාව සමඟ රැස්වීමක් ඊයේ(23) තිබුණා. එහිදි අර කාන්තාවට බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා. වෙනත් පුද්ගලයෙකු පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. මගෙන් කට උත්තර ලියාගත්තා. මේක හරිම අසාධාරණයක්. මම අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. මගේ කලාපය මට භාර දෙන තෙක් සහ අත්අඩංගුවට පත් පුද්ගලයා නිදහස් කරන තෙක් මම මැරුණත් මෙම වහලයෙන් බහින්නේ නැහැ” යැයි කීය.
මේ සම්බන්ධයෙන් හතමුණ කලාපය වෙනුවෙන් පත් කළ නිලුෂි අයිරාංගනි මහත්මිය මෙසේ කීවාය.
“මාව හතමුණ කලාපයේ කොට්ඨාස සංවිධායක ලෙස රොෂාන් සර් පත් කලා. පසුව මා (23) එම කොට්ඨාසයේ ජනතාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහත්වරුත් සමග සාකඡාවක් පැවතියදී රවින්ද්‍ර මන්ත්‍රිවරයාගේ පිරිසක් මටත් සැමියාටත් බිත්තරවලින් සහ අතින් පහරදුන්නා. පසුව මම පොලිසියට ගොස් පැමිණිල්ලක් දමා රොහල් ගත වුණා” යැයි කීවාය.
කෙසේ නමුත් හිගුරක්ගොඩ පොලිසිය පවසා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු අද හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බවය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිඟුරක්ගොඩ ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් වහලයට නැග විරෝධතාවක