(චන්ද්‍රසේන ගමගේ)
ගොඩගම සිට මත්තල දක්වා ඉදිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට යට වෙන තම දේපලවලට ප්‍රමාණවත් වන්දියක් නොලැබෙන බව කියමින් හා ගම හරහා මහා පස්කදු ගොඩ ගසමින් ඉදිකරනු ලබන අධිවේගී මාර්ගය නිසා තම ගම්බිම් ගංවතුරට හසුවෙන බවට චෝදනා කරමින් වීරකැටිය හකුරුවෙල ප්‍රදේශවාසීහු පිරිසක් අද (28) විරෝධතාවක් කළහ.
විරෝධතාවය ආරම්භ කිරීමට පෙර වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයා වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහජනතාවට පීඩාකාරී ලෙස විරෝධතාවයේ නොයෙදෙන ලෙසට දෙනු ලැබූ නියෝගයක් මෙම විරෝධතාවට සහභාගී වූ සමස්ථ ලංකා ගොවිජන සංමේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට ලබා දුන්නේය.
විරෝධතාකරුවන් පවසන්නේ ඉදිවෙන අධිවේගී මගට පරම්පරා ගණනක් ජීවත් වු තම ගේ දොරත් වතුපිටිත් අහිමි වී ඇති බවත් ඒ සදහා ප්‍රමාණවත් වන්දි මුදලක් දෙන්නට ඇති වගකීමෙන් ආණ්ඩුව මග හරිමින් සිටින බවත්ය.
තමන්ගේ ඉඩමේ පිහිටි කරපිංච ගහටත් වන්දි දෙන බව පවසමින් තමන් මුලා කර තම දේපල පැහැරගන්නට ආණ්ඩුවේ නිලධාරීන් කටයුතු කළ බව පවසන විරෝධතාකරුවෝ මේ වන විට තමන්ට තර්ජනය කරමින් ගම්බිමි වලින් ජනතාව ඉවත් කරන්නට උත්සාහ ගනිමින් සිටින බවද පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හකුරුවෙල වැසියෝ විරෝධතාවක