(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව පුබුදුගම ආසන්නයේ ඉඩමකට කිසියම් පිරිසක් සායනික අපද්‍රව්‍ය තොගයක් දමා ගොස් තිබියදී අද(03) හමුවී ඇති බව පුබුදුගම ගම්වාසීහු පවසති.
වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් ලැක්ටෝ වත්ත වතු යාය කෙළවරේ කැලෑ සහිත ප්‍රදේශයට මෙම සායනික අපද්‍රව්‍ය තොගය කිසියම් පිරිසක් ගෙන දමන්නට ඇති බව ඔවුහු කියති.
මෙම සායනික අප ද්‍රව්‍ය තොගයේ භාවිත කළ එන්නත් කටු, භාවිතා කළ සහ නොකළ ඖෂධ කුඩා කුප්පි, රේසර් හා වෙනත් දෑ මෙම තොගයේ ඇති බව ද ඔවුහු කියති.
සායනික අපද්‍රව්‍ය තොගය වළකට දමා තිබියදී ගම්වාසියකු දැක පසුව ඔහු දැනුවත් කර ඇත.
මෙම සායනික අපද්‍රව්‍ය තොගයේ දුරකතන සිම්පත්වලින් ඉවත් වන කොටස් ද තිබූ අතර එයට අමතර කාලය අවසන් වාහන රක්ෂණ කාඩ්පත් කිපයක්ද තිබිණි.
මේ පිළිබඳව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.ආර්. ඒ.පී. හර්ෂණී මහත්මියගෙන් කළ විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.
“ මේ පිළිබඳව අපිට තවමත් තොරතුරක් ලැබිලා නැහැ. නමුත් මේ තොරතුර අනුව අදම මා එම ස්ථානයට ගොස් සායනික අප ද්‍රව්‍ය පරීක්ෂා කර තොරතුරක් ලබා දෙන්නම්” යැයි පැවසුවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සායනික අපද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව ලැක්ටෝවත්තට ගෙනවිත් දමලා