(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා ජාතික මහ සභාව, ශ්‍රී ලංකාවේ කාන්තාවනගේ සංවර්ධන සේවා සමුපකාර සමිතිය හා එක්ව සංවිධානය කරන වස විස නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය හෙට (30) සිට අප්‍රේල් 1 වැනි දා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ඡාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.
වස විස නැති ගොවිතැනෙහි නිරත ගොවියන්ගේ ගොවි උපදේශකයන්ගේ පාරිභෝගිකයන්ගේ සහ තිරසර කෘෂිකර්මයට සහ සංවර්ධනයට සම්බන්ධ ක්‍රියාකාරින්ගේ ක්‍රියාකාරකම් දිරිගැන්වීම තුළින් නැවතත් ජාතික මට්ටමේ පරිසර හිතකාමි කෘෂි බලවේගයක් සහ නිරෝගීමත් මිනිස් ප්‍රජාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බව ශ්‍රී ලංකා මහ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවක දී පැවැසුහ.
මේ සඳහා ලියාපදිංචි වූ ගොවින් 2000ක් පමණ සිටින බවත් ඔවුන්ගේ උත්සාහය ඉදිරියට ගෙන යාම සඳහා මෙම ප්‍රදර්ශනය සංවිධානය කළ බවත් පැවසූ උන්වහන්සේ වස විස නැති ගොවිතැන පුළුල් කරගත නොහැකි වූයේ ආණ්ඩුව ගෙදරටම ගෙන ගොස් රසායනික පොහොර දෙන්නට පටන් ගත් තැන සිට යැයි ද කීහ.
මෙවර ප්‍රදර්ශනයේ දී කුටි 200 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් වස විස කිසිත් භාවිතා නොකර කාබනික ක්‍රම මත නිෂ්පාදනය කරනු ලබන සහල් එළවළු හා පළතුරු, අනෙකුත් ධාන්‍ය වර්ග, කැවිලි වර්ග, කුළු බඩු වර්ග, මීපැණි, කිතුල් පැණි, හකුරු, පොල් ආශ්රිත නිෂ්පාදන, කොස් දෙල් ආශ්රිත නිෂ්පාදන පිසූ ආහාර, ඔසු පැන්, දේශීය ඖෂධ, රූපලාවන්‍ය ද්‍රව්‍ය, බීජ හා විවිධ පැල වර්ග, කාබනික පොහොර හා තවත් නිෂ්පාදන රැසක් ඇති බවත් රතන හිමියෝ පැවැසූහ.
එමෙන්ම අත්කම්භාණ්ඩ, සැරසිලි, ගෙදර දොර උපකරණ, කොහු නිෂ්පාදන, පාවහන් සහ බෑග්, ගොවි උපකරණ, නව නිපැයුම්, රැසක් එහි ඇති බවත් විද්වත් කතිකාවන්, වෛද්‍ය සායන, උපදේශන වැඩමුළු, ආදර්ශ ගෙවතු, පොත් ප්‍රදර්ශන, බහුමාධ්‍ය දැනුවත් කිරීම් හා දෙස් විදෙස් සංස්කෘතික අංග රැසක් ද ඊට අඩංගු වනු ඇතැයි කී රතන හිමියෝ වස විස නැති නිෂ්පාදන කරන්නන් හා පාරිභොගිකයන් එක් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වන්නේ යැයි ද පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වස විස නැති පොළ හෙට සිට දින තුනක්