(අජිත්ලාල් ශාන්තඋදය)
ස්ථානීය පරීක්‍ෂණයකින් පසු පදිංචියට හිමි ලකුණු අඩුකර ළමයා පළමුවන ශ්‍රේණයට නොගත් තම දියණිය කුරුවිට හිග්ගස්වත්ත ප‍්‍රාථමික විදුහලට ඇතුල් කරන්න ලෙස නියෝගයක් කරන්නැයි ඉදිරිපත් කළ රිට් පෙත්සමක් රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නිෂ්ප‍්‍රභ කිරීමට නියෝග කළේය.
පෙත්සම්කරු සඳහන් කරන ආකාරයට වගඋත්තරකාර විදුහල්පතිනිය, පෙත්සම්කරුගේ දියණිය ඇතුළත් නොකිරිමට ගෙන ඇති තීරණය දෝෂ සහිත බවක් හෝ අත්තනෝමතික බවක් පෙන්නුම් නොකරන බවද විනිසුරුවරයා සඳහන් කළේය.
ඇය පෙත්සම්කරුට එරෙහිව ද්වේෂ සහගතව කටයුතු කර නොමැති බවත්, ඇගේ තීරණවල පරිපාලනමය හෝ නෛතික දෝෂ නොමැති බව පෙනී යන නිසා පෙත්සම්කරුගේ ඉල්ලීම ප‍්‍රතිකේෂප කරන බවද මහාධිකරණ විනිසුරුවරාගේ නියෝගයේ සඳහන් වෙයි.
කුරුවිට, දෙල්ගමුව, සද්ධාතිස්ස මාවත, පළමු පටුමග, අංක 22/1 යන ලිපිනය සඳහන් කරමින් මනම්පේරි මුදියන්සෙලාගේ විරාජ් මනම්පේරි යන යන මෙම පෙත්සම 2018 ජූනි මස 13 දින ඉදිරිපත් කර තිබිණි. එකී පෙත්සම වසර එකහමාරක කාලයක් තිස්සේ විනිසුරුවරුන් දෙදෙනෙකු හමුවේ විභාගයට ගැණිනි.
සබරගමු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ සේපාල කුරුප්පු ආරච්චි, හිග්ගස්හේන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනී කේ.ඒ. ශාන්ති කොඩිප්පිළි සහ රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ යන තිදෙනා පිළිවෙළින් පෙත්සමේ වගඋත්තරකරුවෝ වූහ.
කුරුවිට හිග්ගස්වත්ත ප‍්‍රාථමික පළමුවන ශ්‍රේණියට තම දියණිය ඇතුල් කිරීමට ඉදිරිපත් කළ ඉල්ලූම් පත‍්‍රයක් ප‍්‍රතික්ෂේප කිරීමට එම විදුහලේ විදුහල්පතිනිය විසින් ගත් තීරණයක් ශුන්‍ය සහ බලරහිත කරන මෙන් ඉල්ලා සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස සහ පෙත්සම්කරුගේ දියණිය එම විදුහලට ඇතුළත් කරන ලෙස බලකරමින් එම විදුහල්පතිනියට මැන්ඩාමුස් ස්වභාවයේ පරමාධිකාරී නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
එහෙත් පෙත්සම්කරු අයදුම්පත‍්‍රයේ සඳහන් කළ ලිපිනයේ නොව කුරුවිට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නඩුකාරදෙණිය ග‍්‍රාම නිලධාරි වසමේ, පංසල අසල, වළඳුර යන ලිපිනයේ පදිංචිව සිටින බව වගඋත්තරකරුවන් අධිකරණයට සනාථ කර ඇති බව නියෝගයේ දැක්වේ.
දරුවා ඇතුළත් කිරීමේ අරමුණු ඇතිව අයදුම්පත‍්‍රයේ හන් ලිපිනයට ඡන්ද හිමි නාමලේඛනයට නම ඇතුළත් කරගෙන ඇති බව වගඋත්තරකරුවන් සිය විරෝධතා වලින් මනාව තහවුරු කර ඇති බවත් පෙත්සම ඉදිරිපත් කරන විට දරුවා වළඳුර ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කර ඇති නිසාත් හිග්ගස්වත්ත ප‍්‍රාථමික විද්‍යාලයට දරුවා ඇතුළත් කිරිමට නියෝගයක් අවශ්‍ය නොවන බවද විනිසුරුවරයා සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදුහල්පතිනිය නිවැරදි බව මහාධිකරණය කියයි