චන්ද්‍රසේන ගමගේ
ඇසකට කාචයක් බද්ධ කරන්නට ගිය 91 ක් හැවරදි මවකට හම්බන්තොට දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයෙකු උපකරණයකින් නළලට කිහිප වරක් පහර දීමේ සිද්ධියක් සම්බන්ධව වලස්මුල්ල රෝහල් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.
වෛද්‍යවරයාගේ පහර කෑමට ලක් වූ කාන්තාව වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කොට නේවාසිකව ප්‍රථිකාර ගන්නා බව වලස්මුල්ල රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
වෛද්‍ය වරයාගේ පහර කෑමට ලක් වු බව පවසන වලස්මුල්ල දළුවක්ගොඩ පදිංචි කුසුමාවතී කුමාරගේ නම් එම කාන්තාව මෙසේ පැවසුවාය.
‘‘හම්බන්තොට රෝහලේ ඇස් පිළිබද ව ප්‍රථිකාර කරන වෛද්‍යවරයකු හමුවී ඇස් පරීක්ෂා කර ගත්තා. ඇසට කාචයක් බද්ධ කරන්න අවශ්‍ය බව පසුව වෛද්‍යවරයා පැවසුවා. ඒ අනුව මම පසු ගිය 07 වැනි දින හම්බන්තොට රෝහලට ඇතුළත් වුණා. කාචය දමන්න මම පසුගිය 08 වැනිදා දහවල් ශල්‍යාගාරයට ගත්තා. මට හිරි වැටෙන බේතක් විද්දේ නෑ.
පසුව ඇහැට කාචය දමන්න හදන කොට මම දැගළුවා කියල ව්‍යෛවරයා යම්කිසි අඩුවකින් මගේ නළලට කිහිප වරක් තදින් ඇනගෙන ගියා. මම කෑ ගැසුවා. පසුව මට අමාරු වුණා. ඒ සම්බන්ධයෙන් මම රෝහල් අධ්යක්ෂ වරයාටත් පැමිණිලි කළා . මට දැන් අමාරයි. ඒ නිසා මම වලස්මුල්ල රෝහලට ඇතුළත් වුණා .‘‘
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වෛද්‍යවරයා පහර දුන්නැයි 91 හැවිරිදි මවගෙන් පොලිසියට පැමිණිල්ලක්
Raveendra Thursday, 09 August 2018 10:31 AM
91 ක් හැවරදි මවකට පහරදීමක් ? මෙම ප්රවර්තියේ සදහන් සියල්ලම එලෙසම සිදුවී ඇත්නම් මේ සිටින්නේ වෛද්‍යවරයෙක් නොව තිරිසනෙකි. මක්නිසාදයත් වයස 91 ක මවක් යනු වයසක කාන්තාවකි . වෙනත් වචනවලින් පවසන්නේනම් තවත් කෙනෙකුගේ වයසක අම්ම කෙනෙකි .වයසක අම්මෙකුට අපටනම් අතක් උස්සන්න තියා තවත් කෙනෙකුට අනිසි ලෙස පහරක් ගැසීමට කල නොහැක.
dammika Thursday, 09 August 2018 02:14 PM
මම වෛද්‍යවරයෙකු උවද ලංකාවේ වෛද්‍යවරුන්ගේ විශාල පිරිහීමක් දකිනවා. විශේෂයෙන්ම විශේෂඥ දොස්තරලා. ඔවුන් සිතන්නේ හැම මිනිහම ඔවුන්ට පහලින් සිටිය යුතුය යන මතයේ. ඕස්ට්‍රේලියාවේ තත්වය සම්පුර්ණයෙන්ම වෙනස්. හැම විටම රෝගියාට මුලික ස්ථානය ලැබේ. මේ අම්ම කරපු වැඩේ හොඳටම හොඳයි. අපේ අම්ම නර්ස් කෙනෙක් උනාට. විශේෂඥ දොස්තරලා බැනීම නිසා කොතෙක්වත් අඩමින් ගෙදර පැමිණ තියෙනවා.