IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩි වාසිය මහින්දටයි

‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මා දන්නා තරමට බහුතර අනාවැකි ප්‍රමාණයකින් කියවෙන්නේ වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය මෙම මැතිවරණයෙන් ජයගන්නා බවටත්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත්වන බවටත් ඔහුගේ දේශපාලන ගමනේ අවසානය මෙය බවටත් තවදුරටත් එම අනාවැකි මගින් කියවෙනවා. කවුරු කොහොම කෙසේ කියූවත් මා මේ මොහොතේ ප්‍රකාශ කරනව මහින්ද රාජපක්ෂ මහතාට අගෝස්තු 17 මැතිවරණයේ වැඩි වාසි අත්වන බව..මම එය ඉදිරියේදී උදාහරණ සහිතව පැහැදිලි කර දීමට බලාපොරොත්තු වනවා.මේ කියන්නට යන කරුණු කිහිපය පිලිබදව මා මධ්‍යස්ත පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වනවා.මා කිසිවෙකුගේ කීමකට , මුදලකට නොවේ මෙම පැහැදිලි කිරීම සිදුකරන්නේ.

මෙවර මැතිවරණයේ ප්‍රධාන අග්‍රමාත්‍ය අපේක්ෂකයන් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා.එතුමන්ලාගේ කේන්ද්‍ර සටහන් පිලිබදව විග්‍රහයක් ඉදිරිපත්කිරීමට ප්‍ර‍ථම මා ඔබගේ අවධානය ලංකා කේන්ද්‍රය වෙත ගෙනයනවා.ලංකා කේන්ද්‍රය ආකාර දෙකකින් ලබාගත හැකියි.ඒ 1948 පෙබරවාරි 04 වනදා ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන මොහොතේ උදාවී පැවති කුම්භ ලග්න කේන්ද්‍රය සහ එදින කුම්භ ලග්නයට පැවති ග්‍රහ පිහිටීම අනුව එක් කේන්ද්‍ර සටහනකුත් අනෙක් කේන්ද්‍ර සටහන 1972 මැයි 22 වනදා දහවල් 12.43 ට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූ මොහොතේ උදාවී පැවති සිංහ ලග්නය සහ ඒ මොහොතේ සිංහ ලග්නයට උදාවී තිබූ ග්‍රහ තත්වය අනුව සැකසෙන කේන්ද්‍ර සටහන.මෙම කේන්ද්‍ර සටහන් දෙකම පරීක්ෂා කිරීම අනුව දැනට ශ්‍රී ලංකාවට පවතින ග්‍රහ බලපෑම මේ ආකාරයෙන් ‍.

කුම්භ ලග්නයට ලග්නාධිපතිවූ සෙනසුරු ග්‍රහයා මේ මොහොතේ ලග්නයෙන් දසවැන්නේ ගමන් කරමින් සිටිනව.නිදහස් කේන්ද්‍ර සටහනේ ලග්නයෙන් දසවැන්නේ ගුරු සහ සදු ග්‍රහයන් තැම්පත්ව සිටිනව.ඒ අනුව 2014.11.22 වනදා සිට 2017.01.26 වනදා දක්වා ලංකා නිදහස් කේන්ද්‍රයට ජම්ම ඒරාශ්ටක අපලයක් ක්‍රියාත්මකයි.ජම්ම යනු උපත වශයෙන් හදුන්වනු ලබන නිසා රටක කේන්ද්‍ර සටහනකට ජම්ම යන වචනය යෙදීම සුදුසු දැයි ගැටලුවක් ඇතිවිය හැකියි.ඒ කෙසේ වෙතත් සදු සිටින ස්තානය හරහා සෙනසුරුගේ ගමන් කිරීම අපලයක් ලෙස සැලකුවහොත් මේ ගෙවෙන්නේ රටට කිසිසේත් යහපත් කාලයක් නොවේ.කුම්භ ලග්නයට සෙනසුරු ලග්නාධිපතියා වනවිට ඒ ලග්නාධිපති ග්‍රහයා 2017 දක්වාම සතුරු තත්ත්වයෙන් ලග්නයෙන් දසවැන්නේ වෘශ්චික රාශියේ ගමන් කිරීම යහපත් නෑ.ලංකා කේන්ද්‍රයේ ලග්නයෙන් දසවැන්න සාමාන්‍ය ජනයා නියෝජනය කරනව.එවිට මෙම අපල තත්වය ජනතාවට ක්‍රියාත්මක වනවා. ජනතාවගේ බුද්ධිය යටපත්වූ කාලයක්.ගුරු ග්‍රහයාද දසවැන්නේ සිටීම අනුව සහ මේ මොහොතේ එම ගුරු ග්‍රහයා සෙනසුරුගෙන් පීඩාවට පත්වීම මත ජනතාවගේ ආර්ථික තත්වය සුබසාධනය ආදී වූ ලැබීම්ද සහනාධාර ආදියත් අහිමිවීම දුර්වලවීම 2017 දක්වාම පවතිනව.අනෙක් කරුණ වන්නේ දසවැන්නේ තැම්පත්ව සිටින සදු කුම්භ ලග්නයට හයවැන්න වන රොගස්තානය සතුරු ස්තානය දුෂ්ටස්තානය අධිපති ග්‍රහයා.මෙම සතුරු ග්‍රහයා කේන්ද්‍රයේ නීචව සිටීම සහ එම නීච සදු 2014.11.22 සිට 2017.01.26 දක්වා කාලයේ ඒරාශ්ටකයකින් පීඩාවීම මත රටට මෙන්ම ජනතාවට සිදුවන්නේ මහත් පීඩාවක් , අලාබයක් , පාඩුවක්.අනෙක් කරුණ නම් සෙනසුරු 2014.11.22 වෘශ්චිකයට පැමිනීම අයහපත්වීම.වෘශ්චික රාශිය කුජට අයත් රාශියක්.හදිසි අනතුරු , කෝපය , කලකෝලාහල  ආදියට කුජ වගකියනව.සෙනසුරු කුම්භ ලග්නයට ලග්නාධිපතියා වුවත් පාපී ග්‍රහයන් අතර පලමු තැන සෙනසුරුට හිමිවනවා.එම සෙනසුරු තවත් බලවත් පාපී ග්‍රහයෙකු වන කුජගේ වෘශ්චිකයට පැමිනීම ඉතා අයහපත්.ඔබට මෙය පැහැදිලි නැතිනම් 2014.11.22 සිට මේ දක්වා ලංකාව තුල සිදුවූ විපත් කරදර පීඩා රිය අනතුරු , මිනීමැරුම් ආදිය පිලිබදව අවධානය යොමුකරන්න.එවිට ඔබට තේරුම් ගැනීමට හැකිවෙයි වෙනත් වසරකට වඩා ඉහත කාලය තුල සිදුව ඇති යහපත හෝ අයහපත.

හොදයි මා ඒ ඔබට පැහැදිලි කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට නිදහස හිමිවූ 1948 පෙබරවාරි 04 වනදා ඒ මොහොතේ උදාවී පැවති කුම්භ ලග්නයට සහ එම ලග්නයට එදින උදාවී පැවති ග්‍රහ පිහිටීම මත වර්තමානයේ 2017 දක්වා පවතින තත්වයයි.මා දැන් ඔබට පැහැදිලි කිරීමට යන්නේ 1972 මැයි 22 වනදා ශ්‍රී ලංකාව ජනරජයක් වූ මොහොතේ සිංහ ලග්නයට සහ එම ග්‍රහ පිහිටීමට අනුව වර්තමාණයේ පවතින තත්ත්වය.

සිංහ ලග්නයෙන් සිව්වැන්නේ මේ මොහොතේ සෙනසුරු ග්‍රහයා ගමන් කරන අතර 2017.01.26 දක්වා එම ග්‍රහ ගමන සිදුවනව.ඒ අතරම රාහු ග්‍රහයා ලග්නයෙන් දෙවැන්නේ සදු සිටින ස්තානයේ ගමන්කරමින් සිටිනවා.එමගින් ලග්නයෙන් තුන්වැන්න පාප පීඩාවකට ලක්වනවා.ලගනයෙන් දෙවැන්නත් තුන්වැන්නත් සිව්වැන්නත් මේ මොහොතේ පීඩාවට පත්වීම මත ලංකාවට අසුබ තත්වයක් උදාවී පවතිනව.සිව්වැන්න සෙනසුරුගෙන් පීඩාවීම මත රටේ සංවර්ධනය ආර්තිකක වටිනාකම් බිදවැටීමක් සිදුකරමින් තිබෙනව.රාහු දෙවැන්නේ සදු සිටින ස්තානයේ සිටීම මත ජනතාවගේ සිත ව්‍යාකූල වනවා අතරම ජනතාවගේ ආර්තික ශක්තීන් දුබලවීමක් සිදුවනවා.එමෙන්ම තුන්වැන්න පීඩාවීම මත ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට විසාල හානියක් වන අතරම අසල්වැසියායේ අයහපත් බලපෑමක් ඇතිකරනව.එය විදෙස් රටවල් මගින් සිදුවනව.උඩින් මිතුරු යටින් සතුරු ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට වෙනත් රටවල් ක්‍රියාත්මක කරනව.ගිය ජනාධිපතිවරණය පිලිබදව සහ එයට විදෙස් බලපෑම් එල්ල වූ බවක් අපට අසන්නට දකින්නට ලැබුණ.මේ කීවේ සුලු පැහැදිලි කිරීමක් පමණයි.ඔබට මෙයත් පැහැදිලි නැතිනම්,මම ඔබට කියනව සිංහ ලග්නයේ පුද්ගලයන් දස දෙනෙකු හදුනාගෙන ඔවුන් මේ මොහොතේ ගෙවන ජීවන තත්වය පිලිබදව සොයා බලන්න.එම දසදෙනාගෙන් වැඩි පිරිසකට දේපල සම්බන්ද ගැටලු , ඉඩම් ගැටලු , තමාගේ වටිනා භාණ්ඩ කැඩීම් සොරු ගැනීම්, මව , මව් පාර්ශවය ආදියත් අසල් වැසියන් සමග පවත්වන සබදතා බිදවැටීම් ආදියත් පවතින බවට ඔබට හදුනාගත හැකියි, එමෙන්ම ගොඩනගමින් පැවති නිවාස දේපල අතරමග නැවතීම ආදී ගැටලුත් සිංහ ලග්න හිමියන්ට පවතින බව ඔබට හදුනාගැනීමට හැකිවනු ඇති.

​හොදයි ... දැන් මා ඔබගේ අවධානය මෙම මැතිවරණයේ ප්‍රධන අග්‍රමාත්‍ය අපේක්ෂක මහත්වරුන්ගේ කේන්ද්‍ර සටහන් වෙත ගෙනයනවා.පලමුව වර්තමාන අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍ර සටහනේ වත්මන් ග්‍රහ බලය පිලිබදව පැහැදිලි කිරීමක් සිදුකරනව.

වික්‍රමසිංහ මහතාට 2014.11.22 දක්වාම ඒරාශ්ටක අපල තත්වයක් පැවතියේ. 2014.04.13 සිට 2017.02.17 දක්වා සෙනසුරු මහදසාවේ රාහුගේ අතුරු දසාව පවතිනව.2014 ජුලි 12 වනදා දක්වා රාහු ග්‍රහයා ලග්නයෙන් අටවැන්නේ ගමන් කරමින් සිටිය.රාහු අටවැන්නේ ගමන්කරන කාලයේ සෙනසුරු ග්‍රහයා සමග යෝගව සිටි නමුත් 2014 ජුලි 12 වනදා රාහු ලග්නයෙන් හත්වැන්නට පැමිණිය.එහි රාහු බලවත් උනා.2014.11.22 දක්වා ලග්න අශ්ටම ඒරාශ්ටකය , මහදසාව අධිපතියා වන සෙනසුරුගෙන් යෙදී තිබූ නමුත් රාහු හත්වැන්නේ බලවත්වීමට පටන්ගැනීම සමග වික්‍රමසිංහ මහතා නැගී සිටීමට පටන්ගත්ත. වික්‍රමසිංහ මහතාගේ උප්පත්ති කේන්ද්‍රයේ රාහුගෙන් ත්‍රිකෝණස්‍ථානයක සෙනසුරු සිටීමත් සෙනසුරුට ත්‍රිකෝනස්තානගතව රාහු සිටීමත් අනුව ඒරාශ්ටක අපලයේ අපල දුර්වල කරමින් අතුරු දසාව බලවත් වන්නට පටන්ගත්ත.මේ කාලය තුල තමයි ජනාධිපතිවරණය පිලිබදව ඉගිපලවෙමින් පැවතියේ.ලග්නයෙන් අටවැන්න මගින් පුද්ගලයෙකුගේ රැකියාවේ තත්වය සමාජ පිලිගැනීම ජනතා ප්‍රසාධය ආදිය ගැන කියවෙනව.හත්වැන්නෙන් විවාහය සම්බන්ද කරුණු කාරණ ප්‍රධාන උවත් මේ කතාකරන්නෙ දේශපාලනය සම්බන්ද කරුණක් හේතුවෙන් ඉහත සදහන්කල දේ ඉතා වැදගත් වනව.මේ ආකාරයෙන් සෙනසුරු මහදසාවේ රාහුගේ අතුරු දසාව වික්‍රමසිංහ මහතාට සුබපල ලබාදෙන්නට පටන්ගත් විට දේශපාලණ බුද්ධිය උපක්‍රමිකත්වය ආදිය භාවිතා කරමින් වික්‍රමසිංහ මහතා ඉදිරි දේශපාලන වැඩපිලිවල සකසමින් සිටිය.ඔහු ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය වටා ආගමික සමාජීය දේශපාලණික බලවේග විදෙස් බලවේග සියල්ල එක්වුන්නා.ඒ සියල්ලෙන්ම එතුමා බලවත් උනා.ඔහු සිය බුද්ධිය නිසි ආකාරයෙන් භාවිතා කර ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවී වෙනත් අපේක්ෂකයෙකු හරහා තම අරමුණු පක්ෂයේ අරමුණු ඉටුකරගැනීමට ක්‍රියාකලා . එය සාර්තක උනා.ජනවාරි 09 වනදා එතුමා ශ්‍රී ලංකාවේ අග්‍රමාත්‍ය වරයා ලෙස වැඩ බාරගනු ලැබුවා.මේ සියලු තත්වයන් ලබාදුන්නේ රාහු ග්‍රහයාගේ අතුරු දසාව සහ රාහු හත්වැන්නට පැමිණ බලවත්වීම.මම මේ කියන්නෙ රාහු සියල්ල කලා කියන එක නෙවෙයි.රාහුගේ බලය සමග රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක නොවුනා නම් ඔහුට මෙම තත්වය ලැබෙන්නේ නෑ.බුද්ධිමත්බව සහ උපක්‍රමිකත්වය මගින් එතුමාට තනතුරු ලැබුණ තමයි.නමුත් රාහුගේ ග්‍රහ බලයද එතුමාට එම තත්වය ඇතිකරගැනීමට දායකත්වයක් සැපයූව......

නමුත් දැන් තත්වය වෙනස් වෙමින් පවතිනව.රාහු අතුරු දසාවේ වසරක පමණ කාලයක් ගෙවී අවසන්.රාහු හත්වැන්නෙන් හයවැන්නට ලන්වෙමින් සිටිනව.මේ අනුව රාහු මුල් අවස්තාවේ ලබාදුන් සුබ තත්වය වික්‍රමසිංහ මහතාගෙන් ගිලිහෙමින් පවතිනව...එයට උදාහරණ ඉදිරිපත්කල හැකියි.රාහු කිසිවිටක විස්වාසය තැබිය නොහැකි ග්‍රහයෙක්.රාහු මිනිසුන්ට මහා විපත් ඇතිකරවනව.චරිතය හානි කරනව.වැරදි කලත් නැතත් වරදකරුවෙකු කරනව.සොරමැරකම් සදහා යොමුකරවනව...තමා පිලිබදව සමාජයේ පැවති හොද නම නැතිකරවනව.එය ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාකලාපයන් අනුව තමයි තීරණය වන්නේ.නමුත් රාහු කුමන භාවයක කුමන රාශියක ගමන් කලත් කවදා හොදක් වෙයිද කවදා නරකක් වෙයිද කියා නිශ්චිතව කිව නොහැකි ග්‍රහයෙක්....වික්‍රමසිංහ මහතා රාහුගේ යහපත් ප්‍රතිඵල මුල් අවස්තාවේ ලබාදුන්නත් දෙවන අවස්තාවේ එතුමාට එදා යහපත කල රාහුම අයහපත කරන්නට පටන්ගෙන තිබෙනව....ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ නමට තත්වයට ගෞරවයට හානිවන බොහෝ දේ පසුගිය කාලය තුල සිදුවුනා...ඒ අතර මහබැංකුවේ මුදල් වංචාවක් සිදුවූවා යැයි මතයක් සමාජගත උනා.එහි සත්‍ය අසත්‍ය තාවය මම දන්නෙ නෑ.ඉන් පස්සෙ එතුමාගෙ පක්ෂයෙ සාමාජිකයන්ට විවිධ චෝධනා ඇතිවුනා.පාර්ලිමේන්තුවට විශ්වාස බංග යෝජනා ගෙන ආව.එතුමාට විරුද්ධවත් එවැනි දේ ක්‍රියාත්මක වුණා. අවසානයේ පැවති පාර්ලිමේන්තුවේ ආයු කාලය ඉදිරියට තිබියදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යාමට සිදුවුනා...මේ ක්‍රියාත්මකවන්නේ අයහපත .....

දැන් අපි බලමු මහින්ද රාජපක්ෂ මහතාට සිදුවූ දේ...මහින්ද රාජපක්ෂ මහතාට 2014.11.22 චන්ද්‍ර අශ්ටම ඒරාශ්ටක අපලය ආරම්බ වුනා.නමුත් මහින්ද රාජපක්ෂ මහතා සෙනසුරුගේ ලග්න ඒරාශ්ටක අපලය මීට පෙර වසර හතයි මාස හයක් පුරා ගෙවමින් සිටිය.එහි බලවත් අසුබ අවස්ථාවක් තමයි සෙනසුරු ලග්නයේ ගමන්කරන කාලය.නමුත් සෙනසුරු ලග්නයේ ගමන්කරන කාලයේ පැවති ජනාධිපතිවරණයෙන් මහිනද මහතා විශිෂ්ට ජයක් ලැබුව.ඒ 2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන්.එහෙනම් ඇයි සෙනසුරු අපල කරන මොහොතක එතුමා ජයග්‍රහනයක් ලැබුවේ.එපමණක් නොවේ.ඉහත සදහන් කල වසර හතයි මාස හය පුරාවටම මහින්ද මහතා විශාල වශයෙන් ජයග්‍රහන ලබාගත්ත.එය කවුරු කොහොම කිව්වත් රටට යහපතක් වූ සමයක්.ඉතින් 2014.11.22 ආරම්බ වූ ඒරාශ්ටක අපලයත් මහින්ද මහතාට බලවත් පීඩාවක් ඇතිකරන්නේ නෑ....නමුත් එයින් සුලු සුලු සිදුවීම් සිදුවුනා.ඒරාශ්ටකය යෙදෙන්නේ තුන්වැන්නේ.එය තමාගේ වික්‍රමත්වය ගැන කියවෙන ස්තානය අසල්වැසියා පිලිබදවත් සහොදරයන් පිලිබදවත් කියවෙන ස්තානය.මහින්ද මහතාගේ අගේ ඉදන් කන කන අසල්වැසියන් හිතවතුන් සිටිය.ඔවුන් මහින්ද මහතාට හානි ඇතිකලා.ඉන්දියාවත් අසල්වැසියෙක්,ඉන්දියාවත් හොද හිත පෙන්වමින් සිදුකලේ මහින්ද මහතාගේ දේශපාලන ගමනට හානි කිරීමක්.එය ඕනෑ තරම් අවස්තාවල දැකිය හැකියි....මහින්ද මහතාගේ පරාජයට එතුමා වටා සිටි අවස්තාවාදීන්ගේ ක්‍රියාකලාපය ප්‍රබලවම හේතු වුණා....

මෙහි ප්‍රධාන අසුබ තත්වය ඇතිකලේ සෙනසුරුගේ ඒරාශ්ටක අපලය නොවේ.අපලය ඇතිකලේ රාහු.මහින්ද රාජපක්ෂ මහතාගේ ලග්නයට රාහු පැමිණියේ 2014.07.12 වනදා.ඔබ මතක්කර බලන්න ඒ කාලයේ සිට එතුමාගේ ප්‍රතිරූපයට හානි වන බොහෝ දේ සිදුවුනා.වික්‍රමසිංහ මහතාට රාහු හත්වැන්නේ ලබාදෙන බලය මූලිකව යහපත් ආකාරයෙම් ලබාදෙන විට මහින්ද මහතාට රාහු ලග්නයේ මූලිකව ලබාදුන්නේ අයහපත.මහින්ද මහතා දුර්වල වන්න වන්න වික්‍රමසිංහ මහතා බලවත්වුනා.සියලු රාජ්‍ය බලයන් බිද දැමීට මහින්ද රාජපක්ෂ මහතාගේ ලග්නගතව ගමන්කරමින් සිටි රාහු ක්‍රියාත්මක වුනා...එක් අයෙක් එකම ග්‍රහයෙකු විසින් බලවත් කරනවිට තවත් අයෙක් එම ග්‍රහයා විසින්ම දුර්වලකලා....මෙයයි සිදුවූයේ...

නමුත් දැන් තත්වය සියලු ආකාරයෙන්ම වෙනස්.විපරීතයි..මහින්ද මහතා ජනවාරි අටවනදා ලැබූයේ ඉතිහාසගතවන පරාජයක්.එය ලැබූ චන්ද සංඛ්‍යාව හෝ පරතරය අනුව නොවේ.ජනාධිපති දූරයේ සිටියදී ඉදිරිපත්වූ මැතිවරණයෙන් එවකට ජනාධිපතිවරයා පරාජයවීම.එය ලංකා ඉතිහාසයේ පලමු වතාවට සිදුවූ දෙයක්..නම , තත්වය , ගෞරව සියල්ල ලග්නගතවූ රාහු විනාසකරනු ලැබූව.නමුත් පරාජයෙන් පසු මහින්ද මහතාගේ වේගවත් නැගිටීම දෙස බලන්න.එතුමාට එල්ල වූ බහුතරයක් චෝදනා බොරු බවට පත්වුනා.එතුමා එයට නිසි පිලිතුරු දුන්න.ජනතාව ලක්ෂ ගණනින් එතුමා හමුවීමට තංගල්ලට ගියා.එතුමා වෙනුවෙම් දේශපාලන රැස්වීම් සංවිධානය වුනා.ලක්ෂ ගණනින් ජනතාව කිසිදු පෙලබවීමකින් තොරව සහබාගී වුනා .... මෙන්න දැන් එදා තමාව විනාස කල රාහු තමාව ගොඩනගන්නට පටන්ගෙන.රාහු එහෙමයි.රාහු පුද්ගලයෙකුගේ ගෞරවය තත්වය විනාස කරනව වගේම තම,ඒ රාහුම ඒදා එම පුද්ගලයා සිටි තත්වයට වඩා , එම පුද්ගලයාට පැවති ගෞරවට වඩා දෙතුන් ගුණයකින් ඉහලට ඔසවා තබනව.එයයි මේ සිදුවෙමින් ඇත්තේ.මහින්ද මහතා වටා සිටි අවස්තාවදීන් අද අනාතවෙමින් සිටිනව.ඇති දා මෙන්ම නැතිදාත් මහින්ද මහතා වටා සිටි අවංක පුද්ගලයන් තව තවත් ශක්තිමත් වනව ... 

ඉහත රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්දවත් මහින්ද රාජපක්ෂ මහතා සම්බන්දවත් කල පැහැදිලි කිරීම සරලව මෙසේ තේරුම්ගන්න....රනිල් වික්‍රමසිංහ මහතාගේ කේන්ද්‍රයේ හත්වැන්නට රාහු පැමිණීම සමග,එනම් රාහු හත්වැන්නේ ගමන් කරනා මුල් කාලයේ වික්‍රමසිංහ මහතාට යහපත ක්‍රියාත්මක වු‍‍‍ණා. මහින්ද රාජපක්ෂ මහතාගේ ලග්නයට රාහු පැමිණි මුල් කාලයේ එතුමාට අයහපත ක්‍රියාත්මක වුණා. මේ වනවිට රාහු ක්‍රියාත්මක වන්නේ ඊට විරුද්ධ ආකාරයෙන්. එනම් රනිල් වික්‍රමසිංහ මහතාට මේ මොහොතේ සහ ඉදිරියට රාහු විසින් අයහපත ක්‍රියාත්මක කරනව. මහින්ද රාජපක්ෂ මහතාට යහපත ක්‍රියාත්මක කරනව.

​මැතිවරණය පැවැත්වන දිනය වන විට රනිල් වික්‍රමසිංහ මහතාට ධරිද්‍ර නම් අසුබ යෝගය යෙදෙනව.එය ලග්නාධිපති දුෂ්ටස්තානගතවීම සහ භාග්‍යස්තානය අධිපති නීච බවටපත්වීම අනුව.ධරිද්‍ර යෝගයේ ප්‍රතිඵලය එතුමාට යෙදී ඇති ආකාරය අනුව රජුන් පවා අසරණකිරීමක්.( Even a royal scion becomes poor ) 

ඒ කුමන යෝගය කෙසේ වෙතත් රාහු පිලිබදව ඉහත සදහන් කල තත්වයන් වර්ථමාන දේශපාලනය තුල දකින්නට ලැබෙනව.මෙයින් මම කියන්නෙ නෑ.මහින්ද මහතා අගමැති වෙනවාමයි කියල.මොකද අගමැති දූරය ලබාදීම සම්බන්දව විවිධ මත පවතිනව.මේ කියන මම ඒ සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ සදහන් දේ සම්බන්දව වැඩි වැටහීමක් නැති අයක්..නමුත් මම මේ වෙලාවෙ කියනව , මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම බහුතරය ලබනව.එතුමා හැර නොගිය ප්‍රධාන දේශපාලන චරිත තව තවත් බලවත් වනවා.එතුමාට උඩින් මිතුරු යටින් සතුරු දිය යටින් ගින්දර ගෙනයන අයට සිදුවන්නේ අයහපතක් පමණයි.මේ මොහොතේ වැඩි වාසිය පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සතුව.

ජනක පී කුමාර විසිණි.

 



අදහස් (0)

වැඩි වාසිය මහින්දටයි

රත්නායක Friday, 07 August 2015 09:01 AM

හලෝ, මේකේ ඔයා ලියල තියෙන්නේ ඔයාගේ හිතේ තියෙන දේ බව හොඳට තේරෙනවා. ඇයි අනේ මේ කාටවත් කඩේ යන්නේ. මොකටද මේ කවුරුත් වෙනුවෙන් තමන්ගේ ශාස්ත්‍රය පාවා දෙන්නේ. ජෝතිෂ්‍ය කෙසේ වෙතත් තමන්ට ඕනි විදියට කඩේ ගිහින් වගේ. (නදී)

:       0       0

නදීකා Sunday, 09 August 2015 03:23 PM

කොහොමත් වාසි එතුමාට තමයි (නි)

:       0       0

චානක Saturday, 08 August 2015 07:05 AM

ඔබේ ජෝතිෂ්‍යට සුනාමියට අහුවෙලා මිනිසුන් මැරෙනවා දුටුවේ නැතිද? (නදී)

:       0       0

මොහ‍ොට්ටාල Wednesday, 12 August 2015 11:29 PM

මහින්ද මහතා දිනේවා! (නි)

:       0       0

ෆේස්බුක් ඉරු සේවය Sunday, 09 August 2015 05:14 AM

රටට මේ වසරේ ඉතා සෙමින් වුවද යහපත උදාවනවා. මේ අවස්ථාව වනවිට රනිල් මහතාට සෙනසුරු ගෙවෙන කාලයයි. ගමේ ගොඩේ කීමක් හැටියටත්, සෙනසුරු ගෙවෙන අවස්ථාවෙදි නැති කළදේ නැවත ලබා දෙනවායැයි කියනවා මෙන්, මෙතුමාගේ නායකත්වය ස්ථිරසාර වීමද, සියලු විරුද්ධවාදිකම් කළ අය නැවත වාරයක් එතුමාගේ නායකත්වය පිළිගෙන එතුමාට අවනතවීමද මෙම සෙනසුරුගේ බලපෑම නිසාම වූ දෙයකි.ඒ අනුව පෙනීයන්නේ ඒකාන්ත වශයෙන්ම මෙම මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මාගේ නායකත්වයෙන් යුක්ත එක්සත් ජාතික පෙරමුණ අනිවාර්ය වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි. එසේම එතුමා නැවත වාරයක් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් මෙම මැතිවරණයෙන් පසු දිවුරුම් දෙනවා නොඅනුමානයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site