අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ 13 වැනි ගුණානුස්මරණ පින්කම් මාලාවක්, කොළඹ ඉසිපතන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දී සහ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබිය.
පැවිදිවීමට පෙර සෝම හිමියෝ අධ්‍යාපනය හැදෑරුවේ ඉසිපතන විද්‍යාලයෙනි. උන්වහන්සේ සමඟ එවකට එක පන්තියේ ඉගෙනුම ලැබූ පසුකාලයක උන්වහන්සේ සමීපයෙන් අසුරුකරමින් උන්වහන්සේගේ සියලු ආගමික වැඩකටයුතු සඳහා අත හිතදී කටයුතු කළ දැනට එංගලන්තයේ පදිංචි ඉසිපතන ආදි සිසුන් කිහිපදෙනෙක් සමඟ අනෙකුත් ආදි සිසුන් සහ ඔවුන්ගේ නෑදෑ හිතමිත්‍රාදීන් බොහෝ පිරිසක් පින්කම් සඳහා සහභාගී වුහ.
පින්කම් සඳහා බෝධි පුජා සහ ධර්මදේශනා පැවැත්වීම සඳහා ආදිශිෂ්‍ය සංගමයේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාවේ සිට පදලංගල ධම්මදේව හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ.
මෙම පින්කම් මාලාව දෙසැම්බර් 9 වැනි සිකුරාදා සවස උතුරු ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති බෝධි පුජාවකින් සහ ධර්ම දේශනාවකිනි. 10 වැනි සිකුරාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ දී බෝධිපුජාමය පින්කමක් සහ ධර්මදේශනාවක්ද පසුදින මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක්ද පවත්වා සෝම හිමියන් වෙත පුණ්‍යානුමෝදනා කරනු ලැබිය.
පින්කම් මෙහෙයවීම සඳහා ලන්ඩනයට වැඩමකළ පදලංගල ධම්මදේව හිමියන් හටත්, ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියන්, සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ග මහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමියන් ඇතුළු මහා සංඝ රතනයටත් පින්කමේ වැඩකටයුතු සඳහා සහයවූ ඉසිපතන විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගම් ශාඛාවේ සියලුම දෙනාටත් පින්කම් සඳහා සහභාගිවූ සැමටත් සංවිධායකයින් ස්තුතිය පළ කළහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලන්ඩනයේදී සෝම හිමි ගුණසමරුම්