(කේ. බුද්ධික කුමාරසිරි සහ එච්. එස්. ඒ. නන්දන )
හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය මංසන්ධිය ආසන්නයේදී සහ හංවැල්ල පහත්ගම මංසන්ධිය ආසන්යේදී අද (08) සිදු වූ අනතුරු දෙකකින් දෙදෙනෙකු මිය ගොස් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසයි.
එයින් එක් අනතුරක් අලුයම පන්නිපිටිය මංසන්ධිය ආසන්නයේ මාර්ග අයිනේ නවතා තිබූ විශාල බහාලුම් රථයක පිටුපස ත්‍රී රෝද රථයක් ගැටීමෙන් සිදු ව ඇති අතර එම අනතුරින් තී‍්‍ර රෝද රථයෙහි ගමන් ගත් එක් අයෙකු මියගොස් සිව්දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසයි
අනතුරට ලක් වූ ත්‍රීරෝද රථයෙහි ගමන් ගත් පිරිස කිතුල්ගල ප්‍රදේශයේ සිට මහරගම අපේක්ෂා රෝහලෙහි සායනයක් සදහා යමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවත් අනතුරින් තී‍්‍ර රෝද රථයෙහි රියදුරු මිය ගොස් එහි පිටුපස ගමන් ගත් කාන්තාවන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත්, වයස අවුරුදු තුනහමාරක දරුවෙකු බරපතල තත්වයෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ කිතුල්ගල පල්ලේබාගේ ප්රදේහයේ පදිංචිකරුවෙකු වන පල්ලෙබාගේ වෙදරාළලාගේ විමුක්ති අකලංක අබේසිංහ නමැති 22 හැවිරිදි තරුණයෙකි
අනෙක් අනතුර හයිලෙවල් මාර්ගයේ හංවැල්ල පහත්ගම මංසන්ධිය ආසන්නයේදී යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදු ව ඇති අතර එම අනතුරින් යතුරුපැදියෙහි ගමන් ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මිය ගිය කාන්තාව ලොතරැයි අලෙවි කුටි සදහා ලොතරැයිපත් බෙදා හැරීමේ රැකියාවක නිරතව සිට ඇති අතර ඇය (08) දින උදෑසන පාදුක්ක ප්‍රදේශයේ ලොතරැයි අලෙවි නියෝජිකයෙකුගෙන් ලොතරැයිපත් ලබා ගෙන හංවැල්ල අවට ප්‍රදේශවලට බෙදා හැරීම සදහා යන අවස්ථාවේදී අවිස්සාවේල්ල දෙස සිට හෝමාගම දෙසට පැමිනි ටිපර් රථයක ගැටීමෙන් මෙලෙස මරණයට පත්ව ඇති බවද පොලිසිය පවසයි.
එම අනතුරින් මිය ගොස් ඇත්තේ හංවැල්ල හරස් පාර ප්රදේහයේ පදිංචිකාරියක වන රන්හළු පේඩිගේ රොමේෂා අනුරුද්ධිකා නමැති 45 හැවිරිදි කාන්තාවකි.
අනතුරට සම්බන්ධ ටිපර් රථයේ රියදුරු හංවැල්ල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ඇති අතර සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට