(කේ.බුද්ධික කුමාරසිරි)
හොරණ - මහරගම මාර්ගයේ මොරගහහේන බෙරුකැටිය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ (28) රාති‍්‍රයේ සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ රියදුරෙකු ලෙස රැකියාවේ නිරතව සිටි කුඩා උඩුව උතුරු උඩුව සේදගොවිපලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මද්දුමගේ දොන් ගයාන් මංජුල රණසිංහ නමැති 35 හැවිරිදි එක්දරු පියෙකි.
බරපතල තුවා ලබා මහා මාර්ගය මත පැයකට ආසන්න කාලයක් යතුරුපැදිකරු වැටී සිටියද ඔහුව රෝහල වෙත රැගෙන යාමට කිසිවෙකු කටයුතු කර නොමැති අතර, ලද තොරතුරකට අනුව මීගොඩ පොලිසියේ ජංගම සංචාරයේ යෙදී සිටි නිලධාරීන් පැමිණ තුවාලකරු සුවසැරිය ගිලන් රථයකින් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ බවද පොලිසිය පවසයි.
මොරගහහේන දෙස සිට තලගල දෙසට ධාවනයෙ වෙමින් තිබූ මෝටර් රථය එක්වරම ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී තලගල දෙස සිට මොරගහහේන දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදියෙහි ගැටී, පාලම් බෝක්කුවක ආරක්ෂිත කනුවල ගැටී ඇතැයි සිදු කල මූලික පරීක්ෂණයේදි අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෝටර් රථය පැද වූ රියදුරු සැකපිට මීගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු බීමත්ව සිටි බවට වෛද්‍යවරු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිය අනතුරකින් යතුරුපැදිකරු මරුට