(චන්ද්‍රසේන ගමගේ)
වලස්මුල්ල ,බෝවල, වැවුවත්ත - දෙනිය අතුරු මාර්ගයේදී රිය අනතුරකට ලක්වීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකු ගේ සිරුරක් අද (07) හමු වූ බව වලස්මුල්ල පොලිසිය පැවසීය.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ බෝවල ප්‍රදේශයේම පදිංචි අවිවාහක 44 හැවිරිදි අයෙකු බව පොලිසිය කියයි.
ඔහු කථන අබාධයකින් පෙළෙමින් සිටි අයෙකු බවට තොරතුරු ලැබී ඇතියිද පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ වලස්මුල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මළ සිරුරට යටවී තිබූ ජංගම දුරකථනයක් සොයා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කළ පරීක්ෂණ වලින් අනතුරුව රිය අනතුරට සම්බන්ධ පුද්ගලයින් 05 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට පත් වූ අය වලස්මුල්ල පඹුරාව හා බෝවල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
පොලිසිය සිදු කළ විමර්ශන වලින් පසුව අනතුර පිළිබඳව කරුණු අනාවරණය කොට ගෙන ඇති අතර එම කරුණු අනුව අනතුරු සිදු වී ඇත්තේ ඊයේ (06) රාත්‍රී කාලයේදීය.
අත් අඩගුවට පත් සැක කරුවන් 05 දෙනා ඊයේ (06) ඇඳීරි නීතිය පවතිද්දී කිසියම් ස්ථානයක සිට මත්පැන් පානය කොට අනතුරුව කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී මිය ගිය අය කැබ් රථයේ ගැටී තිබේ. පසුව අනතුර වසන් කිරීම සඳහා පිරිස පලා ගොස් තිබේ.
මේ වන විට වලස්මුල්ල පොලිසිය විසින් අනතුර සිදු කළ කැබ් රථයද සොයා ගෙන ඇති අතර විමර්න වලින් අනතුරුව සැක කරුවන් 05 දෙනා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රිය අනතුරකට ලක්වූ අයෙකුගේ සිරුරක් වලස්මුල්ලෙන් හමුවෙයි