චන්දන ප්‍රනාන්දු
රට රැකියාවක් ලබාදන බව පවසමින් දන්කොටුව ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණයකුගෙන් රුපියල් එක්ලක්ෂ හැත්තාපන් දහසක් ගෙන අතුරුදන්ව සිටි කාන්තාවක්ව අත්අඩංගුවට ගත්බව දන්කොටුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිරිඳිවෙල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවකි.
පසුගිය අප්‍රියෙල් මැදපෙරදිග රටක කාර්යාලයක රියදුරු තනතුරකට යවන බව පවසා තමාගෙන් රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙන පසුව එම මෙම කාන්තාව පිළිබඳව කිසිදු තොරතුරක් නැතිවීම සම්බන්ධයෙන් දන්කොටුව ප්‍රදේශයේ තරුණයෙක් දන්කොටුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකින් පසුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙම සැකකාර කාන්තාව තරුණයාව රට යවන බව පවසා මුදල් ගෙන පදිංචි නිවෙසත් අතහැර දමා සැඟව සිට ඇති බවත් භාවිතා කර දුරකතන අංක වෙනස් කර තිබියදී තාක්ෂණික උපක්‍රම භාවිතා කර සැකකාරිය සිටි ඉසව්ව සොයා ගෙන අත්අඩංගුවට ගැනීමට හැකි වු බව පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රට යවනවැයි පවසා මුදල් ගත් කාන්තාවක් අත්අඩංගුවට