(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය අංගනයේ ගේට්ටුව අසලට යමින් සිටි පාසල් ගුරුවරියකගේ රුපියල් 1.50000ක් වටිනා ගෙල බැදි රන් මාලය කඩාගෙන දුම්රිය අංගනයේ නතරකොට තිබු දුම්රියක පෙට්ටියක් තුල සැඟව සිටි කොල්ලකරු දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු හා මාර්ගයේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු විසින් අල්ලාගෙන ඇති බව ගාල්ල පොලිසිය පවසයි.
ඊයේ (22) උදෑසන මෙම පාසල් ගුරුවරියට පාසලට යාම සඳහා ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ තිබේ. ඇය දුම්රිය අංගනය අසල ඇති ගෙට්ටුව අසලට යමින් සිටියදී පිටුපසින් පැමිණි මෙකී පුද්ගලයා ගුරුවරියගේ මාලය කඩාගෙන ගොස් තිබේ. මෙහිදි පැමිණිලිකාරිය තමන්ගේ ගෙලබැඳි රන්මාලය කඩාගෙන ගියා යැයි කෑගසා තිබේ.
පසුව දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරින් දෙදෙනෙකු හා මාර්යේ ගමන් කරමින් සිටි පොලිස් නිලධාරියකු කොල්ලකරුගේ පසුපස ගොස් ඔහු දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක පෙට්ටියක සැඟව සිටියදී අල්ලාගෙන ඇත.
මෙකි පුද්ගලයාගේ සාක්කුවේ තිබී කඩාගත් රන්මාලය සොයා ගත් බවත් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරු තිස්තුන් හැවිරිදිවියේ පසුවන අයෙකු බවද පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාල හොරා දුම්රිය මැදිරියේදී අල්ලා ගනී
de silva Saturday, 23 June 2018 02:31 PM
ඉස්සර හිටපු කෝච්චියේ මාල හොරු වඩේ කාරයෝ අද රටේ ඇමතිකම් දරනවා , ඉස්සරහට මෙම හොරත් පාර්ලිමේන්තුවට ගියොත් මම නම් විමතියට පත් වෙන්නේ නැහැ