(කාංචන කුමාර ආරියදාස )
මධ්‍යම පළාතේ පාසල් 1521ක ගුරුවරුන් 4365ක හිඟයක් පවතින බව පළාත් ප්‍රධාන අමාත්‍යාංශ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා අද (18) පැවසීය.
තම පළාතේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශාල වූ කාර්යභාරයක් ඉටුකිරීම සඳහා ඉදිරියේ දී ගුරු හිඟය බලපාන බවත් පාසල් කලාපවල උසස් අධ්‍යාපනය ලබා සුදුසුකම් සපුරා ඇති පිරිස ගුරු සහායකයින් ලෙස බඳවාගෙන මෙම ගුරු හිඟයට පිළියමක් යෙදීම සඳහා තමන් රජයට යෝජනා කර තිබෙන බවද සඳහන් කළේය.
මධ්‍යම පළාතේ මාතලේ,මහනුවර, සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනෙහි පළාත් පාසල් 1467 ජාතික පාසල් 54 ක් පවතින බවත් එයින් සිංහල පාසල් 920 ද දමිළ පාසල් 451 ක් ද මුස්ලිම් විද්‍යාල 96 ක් ද එයින් කාන්තා පාසල් 27 පිරිමි පාසල් 15 ක් පවතින බව ලේකම් සඳහන් කළේය.
මධ්‍යම පළාතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අධ්‍යාපනය ලබන ඒකක 122 ක් පවතින බවත් එයින් දරුවන් 1255 දෙනෙකු අධ්‍යාපනය ලැබුව ද ගුරුවරුන් 82 ක පමණ හිඟයක් පවතින බව ලේකම්වරයා පැවසීය.
දැනට මධ්‍යම පළාතේ සිදුකර ඇති සමීක්ෂණ අනුව කලාප 15 ක් වන අතර එයින් දුෂ්කර කලාප ලෙස විල්ගමුව ,නුවරඑළිය ,හැටන් හා වලපනේ කලාප නම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
එහෙත් මහනුවර මාතලේ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ඇති පාසල් රැසක් දුෂ්කර පාසල් ලෙස පැවතිය ද ඒවා හඳුනාගෙන නොමැතිවීම බරපතල ප්‍රශ්නයක් බවත් හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේ දී මධ්‍යම පළාතේ පාසල් මට්ටමින් දුෂ්කර පාසල් සහ අති දුෂ්කර පාසල් ප්‍රිය මනාප පාසල් වර්ගීකරණය කිරීමේ අවශ්‍යතාවය මතුව ඇතැයි ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මධ්‍යම පළාතේ පවතින ගුරු හිඟය හේතුවෙන් පළාතේ දරුවන්ට ගණිතය විද්‍යාව තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීම සඳහා බරපතල ප්‍රශ්නයක් මතුව තිබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තම පළාත තුළ අවම වශයෙන් ගුරුවරුන් 30,000 ක් පමණ සේවයේ යෙදුණ හොත් පළාතේ දුවා දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමට හැකි බවත් ඒ සඳහා දැඩි වෙහෙසක් දරමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් පෙන්වා දුන්නේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධ්‍යම පළාතේ පාසල්වල 4365 ක ගුරු හිඟයක්