IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මත්තල ගුවන්තොටුපළට එමිරේට්ස් ගුවන් යානයක් වසර 7කට පසු ගොඩ බස්සවයි

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන්තොටුපළ සහ ඒ අවට ප්‍රදේශයට අද (18) දින පැවති අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් හදිසියේම මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන්තොටුපළේ බලධාරීහු පියවර ගත්හ.

ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානය අද (18) සවස 6.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති වර්ෂාව සහිත කාළගුණය නිසා එම ගුවන් යානයේ ගුවන් නියමුවන් මුහුණ දී සිටි අපහසුතා සැලකිල්ලට ගෙන මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ අතර එය සවස 6.56 ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබුණි.

එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයක් වසර 07 කට පසුව මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීම විශේෂත්වයකි.

මෙම එමිරේට්ස් ගුවන් යානය බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක් වන අතර එහි මගීන් 76 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි අතර ඔවුන් ගුවන් යානයෙන් පිටතට නොබැස්සවීමට පියවර ගෙන තිබුණි.

මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමේ දී එහි එන්ජිම වෙත කුරුල්ලන් කීප දෙනෙකු ගැටීමකට ලක් වූ බවට ගුවන් යානයේ නියමුවා විසින් මත්තල ගුවන් ගමන් මෙහෙයුම් මැදිරිය වෙත දැනුවත් කිරීමක් සිදු කර තිබුණි.

විධිමත් පරීක්ෂණයකින් පසුව ගුවන් යානය පිටත්වීම සිදු කරන බව ගුවන් නියමුවා පාලන මැදිරිය වෙත දන්වා තිබුණි.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වයි - 12 වර්ගයේ ගුවන් යානයකින් ගුවන් යානා ඉංජිනේරුවරයෙකු මත්තල ගුවන් තොටුපළ වෙත රාත්‍රී 10.37 ට පැමිණ තිබේ.

ඉන්පසුව එම ගුවන් යානා  ඉංජිනේරුවරයා මෙම ගුවන් යානය පරීක්ෂා කිරීමෙන් පසුව එවැනි ගැටීමක් සිදු වී නොමැති බව තහවුරු කර සහතික කර තිබේ.

ඉන්පසුව මෙම ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ලබා දීමෙන් අනතුරුව මෙම ගුවන් යානය මත්තල ගුවන් තොටුපළෙන් රාත්‍රී 11.20 ට කටුනායක ගුවන් තොටුපළ බලා පිටත්වූ අතර එම ගුවන් යානය රාත්‍රී 11.40 කටුනායක ගුවන් තොටුපළ වෙත ලඟා විය.

 

 

 



අදහස් (2)

මත්තල ගුවන්තොටුපළට එමිරේට්ස් ගුවන් යානයක් වසර 7කට පසු ගොඩ බස්සවයි

San80 Tuesday, 19 November 2019 03:56 AM

එම ගුවන් යානයට පමණක් කටුනායකට ගොඩ බාන්න බැරිවුනේ ඇයි?? දන්නේ නැති හින්දයි අහන්නේ

:       1       27

viraj Tuesday, 19 November 2019 04:23 AM

ටෙස්ටින් කරලා එයාර්පොර්ට් එකේ බාන්න පුළුවන් කියලා.

:       0       19

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1207 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 282 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1466 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site