(නිමල කොඩිතුවක්කු)
මහමැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා නවීකරණයක් අවශ්‍ය බවත් නව මුහුණුවරකින් නව ප්‍රතිපත්තිමාලාවක් සමඟ ඉදිරි මැතිවරණයේදී ලබාගත හැකි ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට තමන් කැපවෙන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
තමන්ට එරෙහිව කැලෑ පත්තර ව්‍යාපාර රට වටේම ක්‍රියාත්මක වන බවත් පැවසූ සජිත් ප්‍රේමදාස මහතා මඩ ගැසීම් වලින්, කැළෑ පත්තර වලින් තමන්ව පැත්තකට විසිකිරීමට නොහැකි බවත් ජනතා ප්‍රසාදය සහ ජනතා ආශිර්වාදය මැද විපක්ෂයේ සිට රට වෙනුවෙන් අවශ්‍ය කාර්ය ඉටු කරන බවත් සඳහන් කළේය.
“සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ පළමු ජනහමුවට කොලොන්නාවේදී අද (17) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීය.
“ජනාධිපතිවරණය පවත්වලා මාසයක් ඉක්මවා ගොස් තිබෙනවා. එදා ජනාධිපතිවරණය නිමිත්තෙන් රටපුරා මහජන රැස්වීම් 154 ක් මම ආමන්ත්‍රණය කළා. ඒ ආමණ්ත්‍රණය කළ බලප්‍රදේශ 154 ම ඉලක්ක කරමින් ජනාධිපතිවරණයෙන් පසු ස්තූති කිරීමේ රැස්වීම් මාලාවක් අපි පවත්වනවා. එහි පළමු රැස්වීම මේ ආකාරයෙන් ආමණ්ත්‍රණය කිරීමට ලැබීම ගැන මම ස්තූතිවන්ත වෙනවා.
ජනාධිපතිවරණයේදී අපි වෙනුවෙන් ඡන්ද පනස්දාස් හාරසීය පනස් හයක් ලබාදුන් කොලොන්නාව ආසනයේ සියලු දෙනාට මගේ ස්තූතිය පුද කරනවා. කොලොන්නාව මැතිවරණ කොට්ඨාසය ශක්තිමත්ව සංවිධානය කරලා විශාල ඡන්ද ප්‍රමාණයක් අප වෙත ලබාදීමට නායකත්වය ලබාදුන් එස්.එම්. මරික්කාර් මැතිතුමා ඇතුලු ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටමත් මගේ ස්තූතිය පුදකරනවා.
ඒ වගේම මුළු ලංකාවේම මට ඡන්දය ලබාදුන් ලක්ෂ පනස් හයකට ආසන්න ජනතාවටත් මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුදකරනවා.
ජනාධිපතිවරණයේදී අපි පසුබෑමකට ලක්වුණා. මේ ජනාධිපතිවරණයේදී ලද පසුබෑම පිළිබඳ වගකීම සහ වගවීම යන දෙකම මම භාර ගන්නවා. ජයග්‍රහණයට අයිතිකරුවන් රැසක් සිටිනවා කියලා ජනප්රවාදයේ ප්‍රචලිත කියමනක් තිබෙනවා. පරාජයක් පසුබෑමක් සිදුවනවිට එය භාරගන්න කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැහැ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘මඩ ගැසීම් වලින් - කැළෑ පත්තර වලින් තමන්ව පැත්තකට විසිකරන්න බෑ‘‘
වීරවිජේ Wednesday, 18 December 2019 05:00 AM
රස්සාවක් කරන්නේම නැද්ද? රට කාලා බඩ පුරෝගෙනම ජීවත් වෙන්නද හදන්නෙ.. දැං අවුරුදු 25ක් කෑවානේ. දැංවත් විශ්‍රාම අරං යන්න.