(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මීගොඩ හේනවත්ත සිවිල් ආරක්ෂක කමිටු සභාපති රංජිත් ආනන්ද මහතාට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කළ කණ්ඩායමේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා වන ‘රතු බෝලයා’ සහ ‘අබා’ යන පුද්ගලයන් දෙදෙනා හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් ‘රතු බෝලයා’ යන සැකකරු මත් ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නෙක් බවත් ‘අබා’ යන සැකකරු ගංජා පානයට ඇබ්බැහි වූවෙක් බවත් පොලිසිය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා සභාපතිවරයාට පහරදීමට යොදාගත් පොල්ලක් හා ආරක්ෂක හිස්වැස්මක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මීගොඩ හේනවත්ත සිවිල් ආරක්ෂක කමිටු රැස්වීම වැලිහේනවත්ත ප්‍රදේශයේ ප්‍රජා ශාලාවක පැවැත්වීමට නියමිතව තිබූ අතර පහරකෑමට ලක් වූ සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ නිවාස කරා පා ගමනින් ගොස් පූර්ව ප්‍රචාර කටයුතු සිදු කර ඇත.
ඒ අතරවාරයේදී පොලු මුගුරු රැගෙන ඔහු වට කරගත් හය දෙනෙකුට ආසන්න පිරිසක් පරුෂ වචනයෙන් බැණ වදිමින් පහරදුන් බව පොලිසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.
මෙම පහරදීම සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය කියයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මීගොඩ සිවිල් ආරක්ෂක සභාපතිට පහරදුන් දෙන්නෙක් අත්අඩංගුවට