(අනීෂා මානගේ)
වීරකැටිය පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබා නොදෙන බව කියමින් එයට විරෝධය දක්වා ගම්වාසීහු පිරිසක් අද (04) බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.
බෙලිඅත්ත - වීරකැටිය ප්‍රධාන මාර්ගය දකුණු මුල්කිරිගල ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් අවහිර කළ විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරත වූහ.
වීරකැටිය දකුණු මුල්කිරිගල පුහුල්හේන හරහා කඩවල ගම්මානය දක්වා වැටී ඇති කිලෝමීටර හතරක පමණ දිගින් යුතු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන මහතා විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් වීරකැටිය ප්‍රාදේශීය සභාවට ලබා දී ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
එම මුදලින් පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබා නොදෙන බව ගම්වාසීහු කියති.
ගම්වාසීන් පවසනුයේ වසර විස්සක පමණ කාලයක සිට මුල්කිරිගල පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට කිසිවෙකුත් ක්‍රියා කර නොමැති බවයි. මාර්ගය ඉතා අබලන් තත්ත්වයේ පැවැතීම නිසා එහි පයින් ගමන් කිරීමද අපහසු වී ඇතැයි ඔවුහු පැවසූහ
විරෝධතාව පැවැති ස්ථානයට දකුණු පළාත් සභා අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන මහතාද පැමිණ සිටියේය. පුහුල්හේන මාර්ගයේ ගමන් කිරීම අපහසු බැවින් එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගම්වාසීන් තමාගෙන් ඉල්ලීමක් කළ බවද මේ හේතුවෙන් තම අමාත්‍යංශය හරහා දැනට දින පහළොවකට පමණ ඉහතදී රුපියල් ලක්ෂ දහයක් වෙන් කළද එයට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු කීවේය.
වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චි මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ,
පළාත් නිශ්චිත සහ උපමාන බාධක යටතේ වීරකැටිය ප්‍රාදේශීය සභාවට මුදල් ලැබී තිබෙනවා පළාත් සභාවෙන්. ඒ මුදල් අපි යොදවන්න ඕනෑ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා අනුව ඒවායින් වඩාත් වැදගත් යෝජනාවලට ප්‍රමුඛස්ථානය ලබා දීමෙනුයි. මේ ලබා දුන්නායැයි කියන මුදලින් එක් මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්න නම් කර එවා තිබෙනවා. නමුත් ඒ විදියට සභාවට නම් කර මුදල් එවන්න බැහැ. එය නීත්‍යානූකූල නැහැ. සභාවට එවන සෑම මුදලක්ම මහ සභාවේදී මම ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුවයි අත්‍යවශ්‍ය යෝජනා අනුව ඒ මුදල් වෙන් කිරීම සිදුකරන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාරක් හදන්නැයි වීරකැටියේ ගැමියෝ පාරට බසිති