(චන්ද්‍රසේන ගමගේ)
මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වී සිර දඩුවම් විදිමින් සිටියදී තංගල්ල බන්ධනාගාරයෙන් පැන ගොස් වසර 15 ක් සැගව සිටි අයෙකු වලස්මුල්ල පොලීසියේ පොලිස් නිළධාරීන් පිරිසක් විසින් මාවනැල්ල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලීසිය පවසයි.
මාතර හා හම්බන්තොට දෙදිසාවේ නියෝජ්‍ය පොලිස් පති ඊ.එම්. යූ. විජිත ගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත අගුලමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි කෝංගහගොඩ දුරගේ චන්දන සූජීව නම් 34 වියේ පසු වූ සිරකරු බව පොලීසිය පවසයි.
තංගල්ල බන්ධනාගාරයෙන් 2003 වසරේදී සිරකරුවන් හය දෙනෙකු පැන ගිය බව පවසන පොලීසිය එම හය දෙනා අතර අත් අඩංගුවට පත් සිර කරුද වූ බව පොලීසිය කියයි.බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරු මාවනැල්ල දෙහිමළුව ප්‍රදේශයේ ඔහු වඩු කාර්මිකයෙකු ලෙස කල් ගෙවමින් සිටි ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
කිරම නවනැලියේ පදිංචිව සිටි පට්ටිකාර බන්ධනගේ සුසන්ත නම් 18 වියේ පසු වූ තරුණයෙකු තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීම අත් අඩංගුවට පත් සිර කරුට තිබූ චෝදනාවයි.
අත් අඩංගුවට පත් සිරකරු සමඟ ඔහු ගේ සොහොයුරෙකු වු කෝංගහගොඩ දුරගේ මනෝජ් හා මානගේ ප්‍රේමසිරි යන අය සමඟ 2003.01.26 දිනමෙම මනුෂ්‍ය ඝාතනය සිදු කළ බවට පොලීසිය විසින් තංගල්ල මහාධිකරණයේ නඩු පවරා තිබුණි.
එම ඝාතනයට බන්ධනාගාර ගතව සිටියදී මෙම සිරකරු තංගල්ල බන්ධනාගාරයෙන් පැන ගොස් තිබුණි.
සුසන්ත ගේ ඝාතනයට වරදකරුවන් වූ සැක කරුවන් තිදෙනා ට 2015.06.04 දින තංගල්ල බන්ධනාගාරය විසින් දඩුවම් නියම කොට තිබූ බව පොලීසිය පවසයි.
මේ වන විට අත් අඩංගුවට පත් චන්දන සුජීව ගේ සොහෙයුරා වූ මනෝජ් වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින බවත් සුසන්ත ගේ ඝාතනයට සම්බන්ධ ව සිටි මානගේ ප්‍රේමසිරි මිය ගොස් ඇති බවත් පොලීසිය පවසයි.
අත් අඩංගුවට පත් සිරකරු අද දින (06) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පැන ගිය සිරකරු වසර 15 කට පසු අත් අඩංගුවට