IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පේදුරුතුඩුව පොලිසියේ සර්ව ආගමික පූජා මන්දිරයක් ඉදි කෙරේ

(නිමල කොඩිතුවක්කු)

බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ට වන්දනාමාන කළ හැකි සර්ව ආගමික පූජා මන්දිරයක් ප‍්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන් සහ පොලිස් නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයේදී ඉදි කරනු ලැබීය.

මහජන සම්බන්ධතා සහ ආගමික සංහිඳියාව ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික බැතිමතුන්ට එකම ස්ථානයක සිට වන්දනාමාන කිරීමේ අරමුණින් මෙම සර්ව ආගමික පූජා මන්දිරය ඉදිකළ බව පේදුරුතුඩුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයලත් මහතා පැවැසීය.

මෙම සර්ව ආගමික පූජා මන්දිරය පිහිටි භූමියේම බෝ, නා, සහ සල් පැළ රෝපණය කිරීමක්ද සිදුකෙරිණ.

සර්ව ආගමික පූජා මන්දිරය ඉදිකිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පේදුරුතුඩුව මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයලත් මහතා මෙසේ කීය. 

    ‘‘මේ වගේ සර්ව ආගමික පූජා මන්දිරයක් පොලිස් ස්ථානයක ඉදිවූ පළමු අවස්ථාව මෙයයි. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ප‍්‍රජා පොලිස් සංකල්පය අනුව මහජන සම්බන්ධතා සහ ආගමික සංහිඳියාව ගොඩනැගීම අරමුණු කරගනිමින් අප මේ සර්ව ආගමික පූජා මන්දිරය ඉදි කළා.

මම මේ පොලිසියට ඇවිත් අවුරුදු දෙකහමාරක පමණ වෙනවා. එම කාලය තුල ප‍්‍රදේශවාසීන් සමඟ ඉතා සමීප සබඳතාවයක් ගොඩනැගිමට අපට හැකි වුණා. එහි ප‍්‍රතිඵලයක් විදියට ප‍්‍රදේශවාසීන්, ව්‍යාපාරිකයන්ගේ සහයෝගය ඇතිව පේදුරුතුඩුව මූලස්ථාන පොලිස් නිලධාරින් විසින් මෙම සර්ව ආගමික ස්ථානය ගොඩනගනු ලැබුවා.

විවිධ ආගමික ජන කොටස් මෙම ප‍්‍රදේශයේ ජීවත් වෙනවා. ඒ සෑම පුද්ගලයෙකුටම මේ ස්ථානයට ඇවිත් ආගමික කටයුතුවල නිරත වෙන්න දැන් හැකියාව තියෙනවා.‘‘

මෙම අවස්ථාව සඳහා සර්ව ආගමික නායකයන්,  කන්කසන්තුරය කොට්ඨාස භාර පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය, පේදුරුතුඩුව නගරාධිපති ජෝෂප් ඉරුදයරාජා, වඩමාරච්චි උතුර ප‍්‍රදේශිය ලේකම් අල්වායි ශ්‍රී පිල්ලේ,  ප‍්‍රජා පොලිස් උපදේශක කමිටුවේ සභාපති මහාචාර්ය නවරාජ් සුන්දරම්,ආරක්ෂක අංශ නිලධාරීන්, රාජ්‍ය ආයතන ප‍්‍රධානීන්, ප‍්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්, ව්‍යාපාරිකයන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්වූහ.



අදහස් (0)

පේදුරුතුඩුව පොලිසියේ සර්ව ආගමික පූජා මන්දිරයක් ඉදි කෙරේ

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site