( ජයරත්න වික්‍රමාරච්චි)
සාලියවැව පළුගස්සේගම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ පොළොව කැනීමක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අද (9) අලුයම අත් අඩංගුවට ගත් බව සාලියවැව පොලීසිය කියයි.
නිධන් හැරීමට ගන්නා උපකරණ තොගයක් ද ඔවුන් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් උපකරණ තොගය අතර, පොළොව කැණීම් කරන අත් මැසින් (ඩ්‍රිල්) 2ක්, වතුර මෝටරයක්, යකඩ ඉන්නක්, උදැල්ලක්, ගල් විදින කටු කිහිපයක්, පූජා භාණ්ඩ ඇතුළ උපකරණ 26ක් තිබු බවද පොලීසය සඳහන් කරයි.
කිසියම් පිරිසක් අදාළ ස්ථානයේ කැණීමක් සිදු කරන බවට ලද තොරතුරකට සාලියවැව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් මෙම වැටළීම සිදුකර තිබේ.
එම අවස්ථාව වනවිට නිවසේ කාමරයක දෝනාවක් මෙන් විශාල වළක් හාරා තිබූ බවත්, ඒ අනුව එම නිවසේ හිමිකාරිය ඇතුළුව සැකකරුවන් පිරිස හා අදාළ උපකරණ තොගය මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුරය, දඹුල්ල සහ සාලියවැව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, මෙම සිදුවීමට සම්බන්ධ තවක් සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදු කරන බවත් පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නිවසක් තුළ නිධානයක් ගැනීමට ගිය 5 ක් අත්අඩංගුවට