(ඉන්දික අරුණ කුමාර)
නාඋල නගරයේ ආරම්භ කිරිමට යෝජිත ඔට්ටු ඇල්ලීමේ ‘සූදු‘ ආයතනයකට නාවුල ප්‍රාදේශීය සභාව මගින් අවසර ලබා දුනනේ යැයි කියමින් ඊට එරෙහිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරු විරෝධතාවයක නිරත වූහ.
නාඋල ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ දස නමක් හා ප්‍රදේශයේ විදුහල්පතිවරුන් 17 දෙනකුගේ අත්සන් සහිතව අද (03) නාඋල ප්‍රාදේශිය සභාවට ඉදිරිපත් කළ ලිපියක් සභාවට ඉදිරිපත් කිරීමේදී මෙම විරෝධතා මතු විය.
එම ලිපියේ කරුණු ඉදිරිපත් කළ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් ශාන්න මහතාට බාධා සිදුකරමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රි පිරිස විරෝධතාවයේ නියැලිණි.
නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක (ශ්‍රී ලං පො ජ පෙ) මහතාගේ ප්‍රධානත්වයෙන් නාඋල ප්‍රාදේශිය සභා මාසික රැස්වීම අද (03) නාඋල ප්‍රාදේශිය සභා ප්‍රධාන ශාලාවේ දී පැවැත්විණි.
සුනිල් ශාන්ත මන්ත්‍රිවරයා විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ අදාල රේස් බයි රේස් ආයතනය බලපත්‍රයක් නිකුත් කර ඇතැයි සදහන් වීමත් සමඟ විරෝධතාවය හට ගැනිණි.
එවැනි බලපත්‍රයක් මේ වන තෙක් නාඋල ප්‍රාදේශිය සභාව නිකුත් කර නොමැති බවත් ඉදිරිපත් කරන ලද ලිපිය ජනතා විමුක්ති පෙරමුණේ ද්වේෂ සහගත ප්‍රකාශයක් බවත් පොදුජන පෙරමුණු මන්ත්‍රිවරු කියා සිටියහ.
දිගින් දිගටම පැවති විරෝධතා හේතුවෙන් සභාවේ කටයුතු යථා තත්ත්වයට පත්කර ගැනීමට සභාපති සනත් දසනායක මහතා උත්සහ දරන අයුරු දක්නට ලැබිණි.
කලක් තිස්සේ ආරම්භ කිරිමට උත්සහ දරන මෙම ප්‍රශ්න ගත ආයතනය සම්බන්ධයෙන් විරෝධතාවක් ගොඩ නැලීම මන්ත්‍රිවරුන්ගේ යුතුකමක් බව සදහන් කළ සුනිල් ශාන්ත මන්ත්‍රිවරයාට සභාවෙන් දැඩි බාදා එල්ල විය.
චෝදනා සහිත ලිපිය සභාපති වරයාට භාර දීමට උත්සහා දෑරු සුනිල් ශාන්ත මහතාට පොදුජන පෙරමුණු මන්ත්රිවරැන් දැඩි බාධා එල්ල කළ අතර සභාපතිවරයාට එම ලිපිය භාර නොගන්නා ලෙස මන්ත්‍රි පිරිස සිය විරෝධය පලකළේය.
මෙහිදි අදහස් දැක්වු නාඋල ප්‍රාදේශිය සභාපති සනත් දසනායක මහතා කියා සිටියේ කිසිදු අවස්ථාවක නාඋල නගරයේ ආරම්භ කිරිමට යෝජිත රේස් බයි රේස් ආයතනයට වෙළද බලපත්‍රයක් ලබා දී නොමැති බවයි.
එමෙන්ම ප්‍රාදේශීය සභා මාසික රැස්වීම අවසන් වූ පසු නාඋල නගරයේ දී විරෝධතාවක් පැවැත්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරැ සියල්ල එකගතාව පලකළ ද පසුව එය වෙනත් දිනක පැවැත්වීමට තීරණය විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාවුල ප්‍රා.සභාවේ කාලගෝට්ටියක්