(එෆ්.අස්ලම්)
කොරෝනා වයිරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා සාමාජිකයා සහ එම කඳවුරේ සිට නිවාඩු ලබා පැමිණි නාවික හමුදා සාමාජිකයින් සමඟ සබඳතා පැවැත්වූ බදුල්ල දිස්ත්‍රික්කයේ 81 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය.
පසුගිය 22 වනදා හමුදා සාමාජිකයින් 31 දෙනෙකුගෙන් යුත් නාවික හමුදාවට අයත් බස් රථයකින් පැමිණ බදුල්ල නගරයෙන් බැස ගම්බිම් බලා ගිය හමුදා සාමාජිකයින් පිරිස අතරින් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි හමුදා සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි 25 වැනිදා තහවුරු විණි.
එම හමුදා සාමාජිකයා මෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි සෙසු නාවික හමුදා සාමාජිකයින් හමුවූ සහ සබධතා පැවැත්වූ 81 දෙනෙකු හදුනාගෙන මේ වන විටත් ඔවුනව ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
ඒ අනුව වැඩිම පිරිසක් ස්වයං නීරෝධායනය කර ඇත්තේ මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයේ වන අතර එම පිරිස 13කි . එමෙන්ම හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සීමාවේ 11 දෙනෙකුත් , හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සීමාවේ 10 දෙනෙකුත් , කොරෝනා ආසාදිතයකු යැයි තහවුරු වූ නාවික හමුදා සාමාජිකයා පදිංචි ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ 05 දෙනෙකුත් ඇතුළු 81 දෙනකු නිරෝධායනය කර තිබෙන බවද පැවසීය.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ වයිරසය ව්‍යාප්ත විම යම් අවදානම් මට්ටමක පැවතියත් එම අවදානම් තත්වය මේ වන විට තත්වය විශාල වශයෙන් පාලනය කර ගෙන තිබෙන බවද හෙතෙම කීය.
තවද බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වයං නිරෝධායනය කර සිටින පුද්ගලයින්ගේ සාම්පල ලබා ගැනීම සඳහා බන්ඩාරවෙල,දියතලාව,වැලිමඩ, මහියංණය,රිදීමාලියද්ද සහ ගිරාදුරුකෝට්ටේ යන මූලික හා දිසා රෝහල්වල විශේෂ කාර්ය මණ්ඩලයක් පුහුණු කර සිටින බවත් ඒ අනුව එම රෝහල් වලදීම සාම්පල ගෙන PCR පරීක්ෂන සඳහා යොමුකරන බවත් එය ජනතාවගේම පහසුව තකා ගනුලැබූ ක්‍රියාමාර්ගයක් බවත් අධ්යක්ෂවරයා සඳහන් කළහ.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය මෙපමණ කාලයක් පාලනය කරගත් ආකාරයටම වෛරස ව්‍යාප්තිය පාලනය වීමට නම් ජනතාව සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීම ඉතාමත් වැදගත් බවත් නිරන්තරයෙන් මුඛ ආවරණ පැළද සිටීම,නිරන්තරයෙන් දෑත් සේදීම , සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම සහ හැකි සෑම විටම නිවෙස් තුළට වී සිටීම ඉතා වැදගත් බවද හෙතෙම අවසන් වශයෙන් කීය.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සම්පල ගෙන PCR පරීක්ෂණ සදහා යොමුකිරීම අද (27) බදුල්ල වින්සන්ඩයස් ක්‍රීඩාංගණයේදී සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුණත් නිවාඩු ලබාගිය සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (27) වනදා සිය කදවුරු වෙත නැවත ගෙන්වා ගැනීමට පියවර ගැනීමත් සමඟ එම පරීක්ෂණය අවලංගු කිරීමට පියවර ගැණිනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාවික සෙබළු සමඟ සබඳතා පැවැත්වූ බදුල්ලේ 81 ක් නිරෝධායනයට