(ඩයනා උදයංගනී)
මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 11කට පමණ බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පවුල් 1,66,000කට පමණ අයත් 5,60,000ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලට මෙම නියඟයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ උතුරු පළාතටය.
එම පළාතේ යාපනය, වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි පවුල් 1,00,765කට අයත් 3,47,571 දෙනෙක් නියඟයෙන් පීඩාවට පත්ව සිටිති.
ඊට අමතරව උතුරුමැද පළාතේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පසුල් 15,344කට අයත් 52,264 දෙනෙක්, නැගෙනහිර පළාතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයන්හි පවුල් 42,761කට අයත් 1,37,694දෙනෙක් මෙන්ම වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 7,475කට අයත් 21,729 දෙනෙක් නිය`ගයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ඇතැම් දිස්ත්‍රික්කයන්හි කන්න 5ක් පමණ තිස්සේ කුඹුරු හා අනෙකුත් වගාවන් කිරීමට නොහැකි වී ඇති බව ද වාර්තා වේ.
වැව් සිඳීයාම හේතුවෙන් වගා කටයුතුවලට පමණක් නොව පානීය ජලය සොයාගැනීමේ ගැටලූවලට ද ජනතාව මුහුණ පා සිටින අතර සතුන්ට ද ආහාර හා ජලය නොමැතිකම හේතුවෙන් ගැටලූ ඇතිවී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නියගයෙන් දිස්ත්‍රික්ක 11 කට දැඩි බලපෑම්