(රංජිත් කරුණාවීර)
මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරුවරුන්ගේ අනුදැනුම මත රිදීමාලියද්ද, නාගදීප වැවෙහි පිටවානෙහි ආරක්ෂාවට වැව තුළ පිහිටා තිබූ පස් වැටිය කපා දමා ඇතැයි ගොවි සමිති නියෝජිතවරු පවසති.
ආඳාඋල්පත හංදිය සිට බටුයාය ගම්මානය හරහා තිස්සපුර දක්වා වූ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා පස් කපා ඇත.
දින කිහිපයක් තිස්සේ මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉන්ජිනේරුවරියක වන නදීකා සමන්මලී මහත්මියගේ අනුදැනුම හා නිර්දේශ මත මෙම පස්කැපීම් සිදුවන බවත්, මේ හේතුවෙන් වැවෙහි පිටවානට බලපෑම් ඇති වන බවති ගොවි සංවිධාන චෝදනා කරති.
ගොවි සංවිධානයේ බලවත් විරෝධය හමුවේ වැවේ පිටවාන ඉදිරිපිට පස් කැපීම අද(27) නතර වු අතර ගොවි සංවිධාන එකඟතාවයෙන් වැවේ වේල්ලට, සොරොව්වට හා පිටවානට බලපෑම් ඇති නොවන ස්ථානයක පස් කැපීමට සාකච්ඡාවකින් පසුව තීරණය කෙරිණි.
සංවර්ධන කටයුතු සඳහා ලැබෙන මුදල්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලැබීමෙන් පසු ගොවි සංවිධාන හරහා ව්‍යාපෘති සඳහා යෙදවෙන බවත්, බටුයාය මාර්ග සංවර්ධනය කිරීමේ කටයුතුද ගොවි සංවිධාන වෙත ලබාදීමට හැකියාව තිබියදී වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ නිලධාරීන් යොදවා ව්‍යාපෘතිය කරවූ බවත්, වැවට හානියක් වන ලෙසත් වැවෙහි පිට වාන ආසන්නයෙන් පස් කැපීම නිති විරෝධී බවත් ගොවි සංවිධානවල පිරිස පවසති.
“අපේ කාර්යාලයේ නිලධාරීන් පස් පරීක්ෂා කිරීමකින් අනතුරුව තමයි පිටවාන ආසන්නයේ පස් කැපුවේ. වාරි ඉන්ජිනේරුවරියක් විදියට ඇති දැනුම අනුව වැවට කිසි හානියක් සිදුවෙන්නේ නෑ කියලා දන්න නිසායි එසේ කළේ. නමුත් ගොවියන්ගේ ඉල්ලීමක් ආවා එම ස්ථානයේ පස් කපන්න එපා කියලා. ඒ අනුව ඒ අයගේද එකඟතාවයෙන් දැන් වෙනත් ස්ථානයකින් පස් කපන්න මම අවසරය දුන්නා” යැයි මේ සම්බන්ධයෙන් මාපාකඩවැව වාරිමාර්ග ඉන්ජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉන්ජිනේරුවරියක වන නදීකා සමන්මලී මහත්මිය පැවසුවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාගදීප වැවේ පිටවානේ ආරක්ෂාවට තිබූ පස්වැටිය කපලා