(රංජිත් රාජපක්ෂ)
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නෝර්වුඩ් පොලිසිය ඉදිරිපිටදී අද(25) පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයත් එකිනෙක ගැටී වූ අනතුරින් තිදෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසයි.
නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයේ රියදුරුට වේගය පාලනය කරගත නොහැකිව, හැටන් සිට මස්කෙලිය දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරා, පිටුපස අසුනේ ගමන් ගත් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
ත්‍රිරෝද රථයේ රියදුරා බීමත්ව සිටි බවට කරුණු හෙළි වී ඇතැයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය වැඩිදුරටක් කියාසිටී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටී තිදෙනෙකුට තුවාල