(කාංචන කුමාර ආරියදාස)
කලා වැව් තාවුල්ලේ චණ්ඩියා ලෙස හැඳින්වෙන දීඝජන්තු දෙක නැමැති දල ඇතාගේ ඉදිරි පාදයට වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරීහු අද (12) සමත්වූහ.
කලා වැව ඉස්මත්තේ නිරන්තරයෙන් සැරිසරන දීඝජන්තු දෙක නැමැති දල ඇතාට කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර ඉන් ඇතැගේ ඉදිරි පාදයට බරපතළ ලෙස තුවාල ලබා ඇති බව වනජීවී නිලධාරීහු පැවසූහ.
ඒ අනුව ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරමින් ඇතාට ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලැබූහ.
කැකිරාව ඔලොම්බෙව ප්‍රදේශයෙන් ඔරු කිහිපයක නැගී වනජීවි කණ්ඩායම සහ පශු වෛද්‍යවරයා කිලෝමීටර් 2 ක පමණ දුරක් කලාවැවේ ගොස් මෙම ඇතා සිටින ඉසව්ව සොයා මෙහෙයුම දියත් කළහ.
වනජීවී නිලධාරීන් සහ මාධ්‍යවේදීන් රැගත් ඔරු දෙකක් කලා වැව මැද පෙරළී යාමෙන් ගල්කිරියාගම ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී කුෂාන් ජයවර්ධන මහතාගේ කැමරා ආම්පන්නවලටද දැඩි අලාභ හානි සිදුවී තිබේ.
ජීවිත අවදානමද නොතකා වනජීවී නිලධාරීන් දීඝජන්තු දෙක ඇතාගේ ඉදිරි පාදයේ පැවති තුවාලවලට ප්‍රතිකාර සිදුකළ අතර ඇතාට සාර්ථකව ප්‍රතිකාර කිරීමට හැකිවු බව වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජීවිත අවදානමද නොතකා කලා වැවේ චණ්ඩියාට වනජීවී නිලධාරීගෙන් ප්‍රතිකාර
Raveendra Tuesday, 12 June 2018 03:21 PM
මෙම රජයේ නිලදරුවන් කරන සේවයට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.
Raveendra Tuesday, 12 June 2018 03:21 PM
මෙම රජයේ නිලදරුවන් කරන සේවයට අප හදවතින්ම සුබ පතන්නෙමු. ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා.!