(නිමල කොඩිතුවක්කු)
ජාතික ආණ්ඩු යෝජනාවලිය සම්පූර්ණයෙන්ම ව්‍යවස්තානුකූල නොවන බවත් එම ඉල්ලීම මූළිකවම ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ඉල්ලමින් සත්‍යගවේෂකයෝ සංවිධානය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සහ කතානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලිමක් කරයි.
මේ අවස්ථවේ දී එක්සත් ජාතික පක්ෂයට ජාතික ආණ්ඩුවකට යාමේ හැකියාව සහ කැබිනට් අමාත්‍යවරු 48 ක් දක්වා වැඩිකර ගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසද එම සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කරයි.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46(1)අ වගන්තියට අනුව මුලූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 නොඉක්මවිය යුතු බවත්46(1)ආ වගන්තිය අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍යය අමාත්‍යවරයන්ගේ එකතුව හතලිහ (40) නොඉක්මවිය යුතු බවත් සඳහන් වන බැවින් අත්තනෝමතික ලෙස අමාත්‍යවරුන් පත් කිරීම වැළැක්වීමට හා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම අවම කිරීම උදෙසා මෙම ව්‍යවස්ථාව යොදා ඇති බවද එහි කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී දොලවත්ත මහතා පෙන්වා දෙයි.
46(4) ව්‍යවස්ථාව ප‍්‍රකාරව කරුණු දැක්වීමේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී අලූතෙන් ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඔහු පෙන්වා දෙයි.
මේ අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මූළිකත්වයෙන් ආණ්ඩුවක් පවතින බැවින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අරමුණු කරන්නේ නම් ඔහු අග‍්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද ඔහු සඳහන් කරයි.
කැබිනටු අමාත්‍යවරු 29 ක් සිටී රජය වෙනස් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනහිතකාමී රජයක් ගොඩනගන ආයතනයක් යැයි බලයට පැමිණි රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මේ ආකාරයට තමන්ට බලය රැකගැනීමට උපකාර කරන ලද මන්ත‍්‍රීවරුන්ට කැබිනට් අමාත්‍යධූර ලෙස අල්ලස් ලබාදීම සදාචාර විරෝධී මෙන්ම නීත්‍යනුකූල ද නොවන බවද හෙතෙම කියා සිටී.
එසේ හෙයින් මෙම ඉල්ලීම මුල් අවස්ථාවේ දී පිලිගත නොහැකි ව්‍යවස්ථානුකූල නොවන නීත්‍යානුකුළ නොවන සදාචාර විරෝධී ඉල්ලීමක් ලෙස මූලිකවම ප‍්‍රතික්ෂේප කරන ලෙසත් ජාතික ආණ්ඩු යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘ජාතික ආණ්ඩු යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන්නැයි ජනපතිගෙන්-කතානායකගෙන් ඉල්ලීමක් ‘