සිරංගිකා ලොකුකරවිට
ගාල්ල බන්ධනාගාරයේ පහසුකම් තිබෙන ප්‍රමාණය මෙන් හය ගුණයක පමණ ප්‍රමාණයක් රැඳවියන් සිටීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී ඇති බවත් මත්ද්‍රව්‍ය හා ජංගම දුරකථන බන්ධනාගාරය තුළට රහසින් ගෙන ඒම පාලනය කිරීම ඉතා අසීරු වී ඇති බවත් ගාල්ල බන්ධනාගාර අධිකාරී ජගත් චන්දන වීරසිංහ මහතා පවසයි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ බන්ධනාගාරයේ ඉඩකඩ ඇත්තේ රැඳවියන් 270ක පමණ පිරිසක් සඳහා බවයි. එසේ වුවද එහි නිතරම 900 ඉක්මවූ රැඳවියන් පිරිසක් සිටින බවත් ඇතැම් දිනවල 1200ක පමණ සංඛ්‍යාවක් දක්වා ඉහල යන බවත් ඔහු පවසයි.
මෙතරම් විශාල පිරිසක් රඳවා තිබීම හේතුවෙන් ඉඩකඩ නොමැතිවීම, සනීපාරක්ෂක පහසුකම් සීමා සහිත වීම හේතුවෙන් බරපතල ගැටලු ඇති වන බවත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට ප්‍රමාණවත් නිලධාරීන් හා භෞතික සම්පත් නොමැති වීමෙන් පරිපාලන ගැටලු පවා පැනනගින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගෙන් සියයට හැටපහක් පමණ මත්ද්‍රව්‍ය වැරදි සඳහා බන්ධනාගාරගතවූවන් බවත් එම අයගෙන් සියයට 99ක්ම සිංහල බෞද්ධ අය බවත් පැවසේ. බන්ධනාගාර අධිකාරීවරයා පවසන්නේ තමන් අදහන ආගම දහම අනුකූලව ජීවත් වන්නේ නම් බන්ධනාගාර වල මෙවැනි තදබදයක් ඇති නොවන බවයි.
බන්ධනාගාර අධිකාරීවරයා ඒ සම්බන්දව මෙසේ ද පැවසීය.
"ගාල්ල බන්ධනාගාරයේ ඉඩකඩ සීමා සහිතයි. එහි ඉඩ තිබෙන්නේ රැඳවියන් 270ක පමණ ප්‍රමාණයක් සඳහා පමණයි. නමුත් මේ සංඛ්‍යාව බොහෝ විට 1200ක් පමණ දක්වා ඉහල යනවා. මෙතරම් විශාල ප්‍රමාණයක් පාලනය කිරීම සඳහා නිලධාරීන් ප්‍රමාණවත් නෑ. භෞතික සම්පත් ද සිමා සහිතයි.
මේ හේතු නිසා පරිපාලන ගැටලු වගේම සෞඛ්‍ය ගැටලුත් පැන නගිනවා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අසීරු වෙනවා. ලෙඩ රෝග පැතිරෙනවා. මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථන බන්ධනාගාරයට රහසින් ගෙන ඒම පාලනය කළ නොහැකි වී තිබෙන්නේත් මේ හේතු නිසයි. මේ අයගෙන් සියයට 65ක්ම මත්ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් වූ අය. එයින් සියයට 99ක්ම සිංහල බෞද්ධ.
මෙවැනි පිරිස් බන්ධනාගාර ගතවීම වලක්වා ගන්න පුළුවන් නම් අපට එන රැඳවියන් ප්‍රමාණය අඩු වෙනවා. මේ සම්බන්ධව සියළු දෙනාම දැනුවත් වී කටයුතු කිරීම අවශ්‍යයි. සමාජයේ වැරදි කරන අය අඩු වනවා නම් බන්ධනාගාර පිරෙන එකත් අඩු වෙනවා.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ගාලු බන්ධනාගාරයේ පහසුකම්වලට වඩා රැඳවියන් සිටිමෙන් ගැටලු රැසක්