IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘ගුරුවරු ලොව වෙනස් කරති‘

මානව හිමිකම් ගැන කතා කරමින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ ලෙස භුක්ති විඳිය යුතු අතරම එය සැබෑ ලෙස තේරුම් ගැනීමත් අධ්‍යයනය කිරීමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (5) කොළඹ නෙළුම් පොකුණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ගුරු ප්‍රතිභා ප්‍රභා’ ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙළ අමතමින් පැවසීය.

ගුරුවරයකු දඬුවම් කළ පමණින් මානව හිමිකම් ගැන කතා කරන මාපියන් ගුරුවරුන් දෙස සාධාරණව බැලිය යුතු බව ද කී ජනපති කවුරුන් කෙසේ කීවද ලෝකය, රට හා සමාජය වෙනස් කරන්නේ ගුරුවරුන් යැයි ද ලෝකය වෙනස් කිරීමේ රට හා සමාජය වෙනස් කිරීමේ මානව ශක්තිය, අයිතිය හා උරුමය හිමිවන්නේ සමස්ත ගුරු පරපුරට යැයි ද කීවේය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ  අසමත් වන සිසුන්ට සිය ඉගෙනීම් කටයුතු අවසන් නොකර තවදුරටත් අධ්‍යාපන කටයුතුවල යෙදීමට හැකි අයුරින් නව විෂය ධාරා 24කට වැඩි සංඛ්‍යාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව උත්සවය ඇමැතූ අධ්‍යාපන අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) කොළඹදී පැවැසීය.

විභාග කේන්ද්‍රීය ක්‍රමයක් වෙනුවට අනාගතයේ දී  දරුවන්ට තමා දක්ෂතා දක්වන විෂයවලින් ඉදිරියට යෑමට එම ක්‍රමවේදය තුළින් අවස්ථාව සැලසෙන බව ද අධ්‍යාපන ඇමැතිවරයා එහිදි කීවේය. 

03 04 DSC_0861

 



අදහස් (0)

‘ගුරුවරු ලොව වෙනස් කරති‘

අශෝක Wednesday, 05 October 2016 12:54 PM

දරුවන්ට තම ළමා කාලයේ අධ්‍යාපනය මෙන්ම සැහැල්ලු බවද තිබිය යුතුයි යනු මගේ හැඟීමයි. දරුවන්ට හරියට පාසලේදී උගන්වනවා නම් ටියුෂන් මාරයාගෙන් දරුවන් බේරාගත හැකිය. අද පන්තිවල ළමයි 4ක් 5ක් වැඩිවුණොත් කෑගසන දෙමව්පියන් ටියුෂන් පන්තියේ ළමයින් 1000ක් හිටියත් කිසිවක් නොදොඩා හිඳින්නේ මන්ද? මේ ගැන රටේ අධ්‍යාපන බලධාරීන් නිසි පියවරක් නොගන්නේ මන්ද? ඇමතිතුමනි, හැකිනම් ඒ සදහා නිසි පියවරක් යොදනු මැනවි (නි)

:       0       0

ගෝමස් Wednesday, 05 October 2016 04:40 PM

ගුරුවරු සමාජය උගත් කරනවා. බැලු බැලූ අත ලෝකය වෙනස්කරලා දියුණු කරලා තියෙන්නේ තාක්ෂණය හදාරපු ඉංජිනේරුවරු වගේ අය. (නි)

:       0       0

විරසේන Wednesday, 05 October 2016 10:15 PM

එතකොට ලෝකය විනාශ කරන්නේ කවුද? (නි)

:       0       0

ආර්. වික්‍රම Thursday, 06 October 2016 01:30 AM

ඔක්කොම “කළයුතුයි" කියලා ඉවර කරනවා හැමදාම. එතකොට කවුද කළයුතු? ඡන්දෙ දුන්න අපිද? (නි)

:       0       0

සෙනරත් Thursday, 06 October 2016 03:20 AM

වීරසේන සහ ආර් වික්‍රමට මගේ උපහාරය. තවමත් සමහර මිනිස්සු අැන්දෙනවා. රටේ සංවර්ධනය බින්දුවට බස්සවලා තවම කතාව දෝලාවෙන්. මේ කියන කතා ගොඩක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එයාල හිතනවද දන්නේ නැහැ මහා ලොකු දෙයක් කෙරෙනවා කියලා. බටහිර රටවල් අපිව අන්දනවා කියලා දැනගන්නකොට අපි බොහොම ප්‍රමාද වැඩියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 191 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site