IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමෙන් විපක්ෂය පිටව යති

( තිලකරත්න දිසානායක) 

කොරෝනා රෝග තත්ත්වය මත ගම්පහ ප්‍රාදේශීය සභාව දෙමසකට පසුව අද (14) මාසික රැස්වීම සදහා රැස්වූ අතර බල ප්‍රදේශයෙහි ජනතාවට සහන සැලසීම පිනිස මුදල් වෙන්කර ගැනීමේ යෝජනාවේ ක්‍රමවේදයට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සභාව වර්ජනය කරමින් පිටව ගියහ.

ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොට්ඨාස 22 සදහා එක් කොට්ඨාසයකට රුපියල් ලක්ෂයක් බැගින් ලබා දෙමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් එක්ව ජනතාවට මහජන සහනාධාර ලබාදීම සුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාලක පක්ෂය තීරණය කළ අතර එම ක්‍රමවේදයට විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරමින් මෙසේ සභාවෙන් පිටව ගිය ආකාරයක් දක්නට ලැබිණි. 

සභාපති රංජිත් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම පැවති අවස්ථාවේදී කොරෝනා රෝග තත්ත්වය මත බල ප්‍රදේශයෙහි ජනතාවට සහනාධාර ලබාදීම පිණිස එක් කොට්ඨාසයකට රුපියල් ලක්ෂයක් බැගින් වෙන්කිරීම සුදුසු බවට පොදුජන පෙරමුණ මන්ත්‍රී අංජන ශ්‍රීනාත් මහතා කළ යෝජනාව පොදුජන පෙරමුණ මන්ත්‍රී සංජීව දේශප්‍රිය මහතා ස්ථිර කරනු ලැබීය. 

මෙහිදී සභාවේ විපක්ෂ නායක චමින්ද පෙරේරා මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රී වරුන් කිහිප දෙනෙකුම , ජනතාවට සහනාධාරදීම සුදුසු මුත් මුදල් වෙන් කිරීමේ ක්‍රමවේදය සුදුසු නොවන බවට අදහස් දැක්වූ අතර අනතුරුව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම සභාවෙන් පිටව ගියහ.

 



අදහස් (1)

ගම්පහ ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමෙන් විපක්ෂය පිටව යති

rama Thursday, 14 May 2020 08:15 AM

මිනිසුන්ගෙන් ඡන්දේ විතරයි ඕන උදව් කරන්න ගියාම නැගිටලා යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site