(තිලකරත්න දිසානායක)
ගම්පහ කිඩගම්මුල්ල ප්‍රදේශයේ හෝටලයක් මුවාවෙන් පවත්වා ගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වැටලු ගම්පහ මුලස්ථාන පොලීසිය එහි සිටි බව කියන ටෙලි නිළියක ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ එහි කළමනාකරු ඇතුළු පිරමින් අට දෙනෙකු සැකපිට අත් අඩංගූවට ගෙන ඇත.
මෙම හෝටලයේ විවිධ අපචාර ක්‍රියාවන් සිදුවන බවට ලැබී ඇති තොරතුරු මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් හා සහකාර පොලිස් අධිකාරී සේනාපති සිල්වා මහතාගේ අධීක්ෂණය පරිදි ගම්පහ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් හෝටලය වැටලු අවස්ථාවේ අත් අඩංගූවට පත් මෙම කාන්තාවන් පිරිස අවුරුදු 30 - 40 අතර වයසේ පසුවන්නියන් බවත් ඔවුන් නිට්ටඹුව , ගණේමුල්ල ,යාගොඩ , සියඹලාපෙ සහ දෙල්ගොඩ යන ප්‍රදේශයන්හි පදිංචිකාරියන් බවත් අනාවරණය වී තිබේ.
හෝටලය පවත්වා ගෙන ගොස් ඇති බව කියන 39 හැවිරිදි යාගොඩ ප්‍රදේශයෙහි පදිංචි කරුවෙකු සහ 28 හැවිරිදි සේවකයෙකුද මෙහිදී අත් අඩංගූවට ගෙන ඇත.
මෙම ස්ථානයෙහි කැරොකෙ සමාජ ශාලාවක්ද පවත්වා ගෙන ගොස් ඇති බවත් ඊට ඇතුලුවීම පිනිස රුපියල් 500 ක මුදලක් අය කෙරෙන බවත් හෙළිවු බවද පොලීසිය කියයි. මෙහි බලපත් දීර්ඝ කර ගැනීමකින් තොරව මත්පැන් අලෙවි සලක් සහ බලපත් රහිතව සමාජ ශාලාවද පවත්වා ගෙන ගොස් ඇති බවද හෙලිවු බවත් පොලීසිය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගම්පහ ගණිකා නිවාසයක් වටලයි