(එම් .සුසිල් ප්‍රියන්ත සහ සුමතිපාල දියගහගේ )
අහුංගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක චිවරධාරියෙකු ලෙස පෙනී සිටිමින් තරුණයින්ට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි හතරක් පමණ වංචා සහගත ලෙස ලබාගෙන ප්‍රදේශයෙන් පලාගොස් සැගව සිටි අයෙකු පෙරේදා (11 )මාරවිල සංචාර හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔහු විසින් වංචා සහගත ලෙස ලබාගන්නා ලදැයි කියන රුපියල් එක්කෝටි අට ලක්ෂ විසිදහසක මුදල් ,ලක්ෂ පහක පමණ රන් ආභරණ , ලක්ෂ හැත්තාවක් පමණ වටිනා ජීප් රථයක් හා ,ජංගම දුරකථන පහක් ද ඔහු සමඟ පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඇද සිටි චිවරය ඉවත්කොට කලිසමකින් හා කමිසයකින් මාරවිල හෝටලයක සිටි බවත් තමන් එම හෝටලය වටලන අවස්ථාවේ ඔහු මත්පැන් පානය කරමින් සිට බවත් පසු දින කැනඩා බලා පිටත් වීමට සියලු කටයුතු සුදානම් කර ගෙන තිබු බවත් පොලිසිය සඳහන් කළේය.
කැනඩාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයකු ලෙස සේවය කර ඇති තමාට පහසුවෙන්ම ඒ රටේ රැකියාවන් ලබාදිය හැකි බව පවසමින් සැකකරුරැදී සිටි අහුන්ගල්ල විහාරස්ථානය හා ඒ අවට තරුණයින් රවටා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ පහ දක්වා වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිස් බල ප්‍රදේශයෙන් පමණක් පැමිණිලි 18ක් හා ඇල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙන් පැමිණිලි 9ක් තිබෙන බවත් මේ ආකාරයට සැකකරු රුපියල් ලක්ස හාරසියයක් පමණ මුළු ලංකාව වටේම තරුණයින්ගෙන් එකතුකරගෙන ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවූ බවත් පොලිසිය කියයි .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කැනඩා රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට