(අජිත්ලාල් ශාන්තඋදය සහ අරුණ එස් හේරත්)
ඇඹිලිපිටිය - රත්නපුර මාර්ගයේ පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරු අද (16) අලුයම සිට වැඩවර්ජනයක නිරතවීම හේතුවෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
කහවත්ත රත්නපුර බස් සේවකයෝද වර්ජනයට එක්ව සිටියහ.
බස් රථ නොමැතිවීම හේතුවෙන් අතරමග නැවතුම්පොළවල මගීන් විශාල වශයෙන් රැඳී සිටිනු දැක ගත හැකිවිය.
මෙම බස් සේවක වර්ජනය කලින් දැනුම්දීමකින් තොරව කළ එකක් බව සබරගමු මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී දමිත් ප‍්‍රියන්ත බටවල මහතාගෙන් කළ විමසුමකදී පැවසීය.
ඇඹිලිපිටිය රත්නපුර පෞද්ගලික බස් රථවලින් රත්නපුර සිට කහවත්ත දක්වා ඇති නැවතුම්පොළවල මගීන්ද නංවා ගැනීම හේතුවෙන්, රත්නපුර කහවත්ත බස් රථවලට මගීන් නොමැතිවීමෙන් වර්ජනයට හේතුව බව සබරගමු මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් කහවත්ත රත්නපුර බස් සේවක පිරිස් ඇඹිලිපිටිය, රත්නපුර බස් සේවකයන්ට පහරදී ගැටුම් කිහිපයක් ඇති කරගෙන තිබූ බව ද පසුව පොලීසිය ද ගැටුමට සම්බන්‍ධ පාර්ශවයන්ද ගෙන්වා බස්නැවතුම්පළ බාර නිලධාරීන් ද එක්ව සිද්ධිය සමථයකට පත් කළ බවද ඔහු කීවේය.
එහෙත් කිසිදු පූර්ව දැනුම්දීමක් නොකර පෙරදින සේවා අවසන් බස් රථ ඒවායේ අයිතිකරුවන්ට බාරදුන් කොන්දොස්තරවරු සහ රියදුරන් අද (16) පාන්දර සේවයට නොපැමිණ ඇතිබව බස් හිමියන් දැන්වූ බවද සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.
මේ නිසා රත්නපුර, ඇඹිලිපිටිය සහ ගොඩකවෙල ලංගම ඩිපෝවලට දන්වා අමතර බස් රථ එම මාර්ගයේ ධවානයට යොදවන ලෙස ඉල්ලා සිටි බවද වර්ජනයට සම්බන්‍ධ නැති බස් රථ ධාවනයේ යොදවා ඇති අතර ඔවුන්ට පොලිස් ආරක්‍ෂාව ලබාදී ඇති බවද කීවේය.
මෙම ගැටලූවට හේතුව ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වන අන්තර් දිස්ත‍්‍රික් බස්රථ රියදුරු කොන්දොස්තරවරුන්ගේ ක‍්‍රියාකලාපය බව ද හෙතෙමෙ කීය.
“මේ ගැටලුවට විසඳුමක් ලෙස ඇඹිලිපිටිය කොළඹ බස්වලට මගීන් ගතහැකි සීමිත නැවතුම් බස් පොළවල් නාමපුවරු ප‍්‍රදර්ශනය කරන්න කියලා. ජාතික ගමනාගමන කොමිසමට ඉල්ලීමක් කළා. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහා ඊට එකඟවුණා. ඉදිරියේ දි එය කළ පසු මේ ගැටලූව විසදේවි” බටවල මහතා කීවේය.
කෙසේ නමුත් අද (16) ආරම්භ කළ බස් සේවක වැජවර්ජනයට බස් හිමියන් ද සහාය නොදෙන බවත් එය කඩිනමින් විසඳන බවත් ඔහු සඳහන් කළේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇඹිලිපිටිය - රත්නපුර බස් වර්ජනයක්
ගමගේ Friday, 18 October 2019 12:18 PM
මෙම මාර්ගයේ තියෙන්නේ දැඩිම ඒකාධිකාරියක්. කිසිම දිනෙක ටිකට්පත් දෙන්නේත් නැහැ. දුර ගමන් බස්වලට මගීන්ට යාමත් අවහිර කරනවා. සමහර දුර ගමන් බස්වලට නගරයේ නවත්වන්න දෙන්නේත් නැහැ. ඒ අතර කියන්න කැමතියි මගීන් කොට කොටා යන බස්වලට අකමැති බවත්. මෙම මාර්ගය උසස් මට්ටමෙන් තිබුනත් මෙයට වසර 40 කට පමණ පෙර රත්නපුර සිට ඇඹිළිපිටියට යාමට ගත් කාලයම දැනුත් ගමනට ගතවෙනවා. මේ අය දන්නේ නැහැ කාලය රන් හා සමානයි කියල.