(කාංචන කුමාර ආරියදාස)
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් කිහිපවිටක දීම මුදල් ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු රුපියල් 180,000 ක මුදලක් ලබා ගත්තැයි පොලිසිය සඳහන් කරයි.
මාතලේ මඩවල ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අමාත්‍යවරයා විසින් දඹුල්ල පොලිසියට කළ දැනුම් දීමකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ මඩවල ප්‍රාදේශීය සභා නියෝජිතයකු සැකකරු පිළිබඳව අමාත්‍යවරයාට දැනුම් දී තිබේ. ඒ අනුව මුදල් ලබාදුන් පුද්ගලයා පිළිබඳවත් කරුණු සොයා බලා වහාම එම පුද්ගලයා අමාත්‍යවරයා විසින් සිය කාර්යාලයට ගෙන්වා ප්‍රශ්න කර තිබේ.
එහිදී හෙළි වී ඇත්තේ අවස්ථා කිහිපයක දී තමන්ගෙන් රුපියල් 180,000 ක් රක්ෂණ වාරික ලෙස ලබාගෙන එම මුදල් ඉල්ලා සිටින අවස්ථාවන් හිදී තමන්ට තර්ජනය කරන බවයි.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු බව පවසමින් මෙම පුද්ගලයා තමාට තර්ජනය කළ බව ද මුදල් ලබාදුන් පුද්ගලයා අමාත්‍යවරයා හමුවේ සඳහන් කර තිබේ.
ඒ අනුව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව තම නියෝජිතයාට දැනුම්දී වහාම මෙම ව්‍යාජ ලේකම් රැගෙන එන ලෙස දැනුම් දීමත් සමග විනාඩි කිහිපයක් ඇතුළත මෙම පුද්ගලයා අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ දඹුල්ල යාපාගම පිහිටි නිවසට ගෙන්වාගෙන තිබේ.
මඩවල ප්‍රදේශයේ පදිංචි මොහු පෞද්ගලික රක්ෂණ සමාගමක නියෝජිතයකු ලෙස සේවය කරන අයෙකු බවත් රක්ෂණ වාරික ලෙස ප්‍රදේශයේ බොහෝ ජනතාවගෙන් මුදල් ලබාගෙන ඒවා රක්ෂණ වාරික වලට නොගෙවා තම පෞද්ගලිකව පරිහරණය කිරීමේ චෝදනා රැසක් මොහුට විරුද්ධව පවතින බවත් මුදල් පිළිබඳ කරුණු විමසීමේ දී ඔහු විවිධ දේශපාලනඥයන්ගේ නම භාවිතා කරමින් තනතුරු භාවිතා කරමින් ජනතාව බිය ගන්වමින් සිටින බවට පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයා අද (10) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇමැති ජනකගේ හොර ලේකම් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට