(විජේරත්න රත්නායක සහ පාලිත ආරියවංශ)
හාලිඇල ඇටම්පිටිය වේල්ලෙවෙල ප්‍රදේශයේ ඉදිකෙරුණු ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17)විවෘත කෙරිණි.
නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත රුපියල් මිලියන 2240 ක වියදමින් මෙය ඉදිකරන ලදී.
හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රතිලාභීන් 15,000 කට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මෙය ඉදිකෙරිණි.
මෙම ජල යෝජනා ක්‍රමයෙන් හාලිඇල කොට්ඨාසයේ ඇටම්පිටිය, ඌව මහවෙලගම, නෙළුදණ්ඩ, දෙහිවින්න, හින්නාරංගොල්ල, නිළිඅතුගොඩ, කුඩුමහුවෙල, නෙළුව, පල්ලේගම, මාලිගාතැන්න, වෑපස්සාවෙල සහ කටුගහ යන ග්‍රාම නිලධාරී වසම්වල ජල පහසුකම් නොමැති ජනතාවට පානීය ජලය සැපයීමට නියමිතය.
උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පුහුල්පොල ජලාශයෙන් ජලය සපයාගන්නා මෙම ව්‍යාපෘතිය පොම්පාගාර, ජල පිරිපහදු කිරීමේ පහසුකම්, ගබඩා ටැංකි හා කිලෝමීටර් 92 ක ජලනල මාර්ගයකින් සමන්විතය. එසේම මෙමඟින් දිනකට ජලය ඝණ මීටර් 3000 ක් පිරිපහදු කිරීමේ හැකියාවක්ද ඇත.
මෙම අවස්ථාවට අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, තේනුක විදානගමගේ, ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතීඥ රාජා කොල්ලුරේ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - පාලිත ආරියවංශ)
(ඡායාරූප - විජේරත්න රත්නායක)
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇටම්පිටිය ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට
Raveendra Monday, 17 February 2020 11:08 AM
මහා පුදුම වැඩක් නේ... ජනතාවගේම මුදල් වලින්ම හදලා නැවතත් ජනතා අයිතියට පත්කරනවා යන කියමනේ තේරුම කුමක්ද ?